එයාර් බස් ගනුදෙනුව ගැන හොයන්න කණ්ඩායමක් ඕස්ට්‍රෙිලියාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අල්ලස් කොමිසමේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියා බලා යෑමට නියමිතය. 20 July 2026
බදු පොලු තියන ව්‍යාපාරිකයින්ට නඩු දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව නිසි පරිදි බදු ෆයිල් පවත්වාගෙන නොයමින් හිතාමතාම බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු පවරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. 20 July 2026
සැබෑ නායකත්වය තනතුරු- බලය නොවේ සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 20 July 2026
සහල් තොග මිල බැස්සත් වාසිය පාරිභෝගිකයාට නෑ නාඩු සහල් සහ කැකුළු සහල් මිල සීඝ්රයෙන් පහල බසමින් පැවැතියත් බොහෝ සිල්ලර වෙළඳසැල්වල තවමත් සහල් පාලන මිල ඉක්මවා විකිණීමේ නිරත වන එබැවින් එම වාසිය පාරිභෝගිකයින්ට නොලැබෙන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 20 July 2026
නවගමුව ඝාතනය කුඩු අවුලක් විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුන්ෆු රුවන් නැමැත්තාගෙන් ලබාගත් ලක්ෂ 15 ක මත්ද්‍රව්‍යවලට මුදල් නොදී මගහැරි තරුණයා ලක්ෂ 08 කොන්ත්‍රාත්තුවක් ලබාදී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන්කරයි. 20 July 2026
ප්‍රදේශ කීපයකට වැසි බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව දැනුම් දෙයි 20 July 2026
රටක ප්‍රගතියට කාන්තාව ඉතා වැදගත් රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථකත්වය සහ සහභාගීත්වය මත පදනම් වන බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹදී පැවසුවාය. 19 July 2026
වැල්ලමඩමේ අනතුරකින් දෙකක් මරුට පහක් රෝහලට මාතර වැල්ලමඩම ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් හා මෝටර් රථයක් සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරියක හැපී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි මාතර පොලීසිය පවසයි. 19 July 2026
අධිවේගයේදී සැප බසයක් ගිනි ගනී අති සුඛෝභෝගී පෞද්ගලික මගි බස් රථයක් අද රාත්‍රි 06.45 හදිසියේ ඇතිවූ ගිනි ගැනීමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බව දක්ෂිණ අධිවේගී කුරුඳුගහහැතැප්ම පොලිසිය සඳහන් කරයි. 19 July 2026
මේ වසරේ වෙඩි තැබීම්වල අඩුවක් පිළියන්දල සහ දෙහිවල පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් 2 ක් සමග මෙම වසරේ මේ දක්වා වෙඩි තැබීම් සිද්ධීන් 20 ක් සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 19 July 2026
සියලු සරසවිවලට ඩෙංගු මාර්ගෝපදේශ මාලාවක් සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් හෙට (20) එළිදක්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. 19 July 2026
බිත්තර මිල යළි ඉහළට බිත්තර මිල හෙට (20) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය නිවේදනය කරයි. 19 July 2026
රුසියාවෙන් යුක්රේනයට ප්‍රබල ප්‍රහාරයක් වයිල්ඩ්බෙරීස් ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ අතර එය මෙතෙක් රුසියාව යුක්රේනයට එල්ල කළ ප්රබලතම ප්රහාරයන්ගෙන් එකක් ලෙස සැළකෙයි. 19 July 2026
‘‘එල්නීනෝ - ලානීනා ගැන ගමත් දැනුවත් කරන්න‘‘ එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙහි බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ග්රාමීජ ජනතාව කරා ද ගෙන යා යුතු බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 19 July 2026
අරක්කු බෝතලේ හොර ස්ටිකරය නිසා රජයට විශාල පාඩුවක් මත්පැන් බෝතල්වලට යොදන කිව්. ආර් කේත සහිත ස්ටිකර් ව්‍යාජව මුද්‍රණය කිරීම හේතුවෙන් රජයට විශාල පාඩුවක් සිදු වන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 19 July 2026
සෙල්ෆි ගන්න ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටේ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රියෙ පාපුවරුවෙ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට ගිය තුර්කි ජාතික තරුණියක අද(19) අබේවෙල ප්‍රදේශයේදි දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කල බව පට්ටිපොළ පොලිසිය පවසයි . 19 July 2026
ඩෙංගු රෝගීන් වැඩි පිරිසකට අලුත් වෛරසය මෙම වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 88% කට වැළඳී ඇත්තේ ඩෙංගු 2 වෛරස් ප්‍රභේදය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 19 July 2026
පිළියන්දලදී පොලිසියට වෙට්ටු දැමූ යතුරු පැදිය හමුවේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර වෙට්ටු දමා පලා ගිය යතුරුපැදිය හමු වූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 19 July 2026
ගල්කිස්ස සුසාන භූමියේ මුරකරුට වෙඩි තබයි සුදුවතින් සැරසී පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු දෙහිවල ගල්කිස්ස නිසල සෙවන පොදු සූසාන භූමිය තුළදී එහි මුරකරුට වෙඩි තබා බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි. 19 July 2026
නිව්යෝක් නගරාධිපති ඊශ්‍රායල් අගමැති අත්අඩංගුවට ගැනීමේ සූදානමක එක්සත් ජාතීන්ගේ සමුළුවට නිව්යෝක් නගරයට පැමිණෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු අත් අඩංගුවට ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් ඒ සඳහා බලයක් තිබෙනවාදැයි තමන් නොදන්නා බැවින් නීති විශාරදයින් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානි පසුගියදා ප්‍රකාශ කළේය. 19 July 2026
පා පන්දු අවසන් තරගයේ දි මෙසීට පුදුම කරවන හමු විමක් ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී වර්තමානයේ ස්පාඤ්ඤයේ පාපන්දු කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයින්ගෙන් එක් අයකු වන ලමින් යමාල්ව කුඩා කළ නාවමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයට ලෝක කුසාලන තරඟවලියේ අවසන් තරඟය පැවැත්වුණු අද වනවිට ලෝකයේම අවධානය හිමිව තිබූ අතර ඒ පිළිබඳව මෙසී මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමක් සිදු කළේය. 19 July 2026
යුක්රේනය රුසියාවේ විශාල ගබඩාවක පහර දෙයි අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන රුසියාවේ විශාලතම සමාගම වන වයිල්ඩ්බෙරීස්හි ගබඩා දෙකකට යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 8ක් මියගොස් 62ක් තුවාල ලබා ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ. 19 July 2026
කුණු දමන අය අල්ලන්න කැමරා සවි කරයි අවදිමත් ලෙස කැලි කසළ බැහැර කර පරිසරය අපවිත්‍රකර ඩෙංගු රෝග ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් නිශ්චිත ලෙස හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් කැස්බෑව නගර සභාව මගින් පසුගියදා ආරම්භ කෙරිණි. 19 July 2026
හිරේ යන්න තව පෝලිමක් ඉන්නවා විපක්ෂයේ බොහෝ පිරිසක් අධිකරණයෙන් ඇප ලබා සිටින හෙයින් ඉදිරියේදී ද සියදිවි හානිකරගැනීම් වැනි සිදුවීම් වාර්තා විය හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. 19 July 2026
රන් බඩු උකස් කිරීම සියයට 50කින් ඉහළට වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35145කින් පමණ වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 19 July 2026
හිරගෙවල් හදන එක සාර්ථකත්වයක් නොවේ හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය. 19 July 2026
මත් සැකකරුවකු මිය ගිය සිද්ධියට පී.සීට වසර 15කට පසු දඬුවම් වසර 15 කට පෙරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු එම කාර්යාංශය තුළදී මියයාම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරී තහනම් කළ බව පොලිස් මුල ස්ථානය සඳහන්කරයි. 19 July 2026
කටුනායක හදන සිමෙන්ති කර්මාන්ත ශාලාවට ලොකු විරෝධයක් කටුනායක 18 කණුව මංසන්ධිය අසළ , තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් ඉදිකරන සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක්ට එරෙහිව ප්‍රදේශවාසීන් අද උදෑසන දැවැන්ත විරෝධතාවක් සිදු කරති. 19 July 2026
පොලිසිය වෙඩි තබා සැකකරුවකු අල්ලයි බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ වලින් පහර දී පලායමින් සිටි කල්ලියේ දෙදෙනකු පොලිස් නිලධාරීන්ටද තියුණු ආයුද වලින් පහරදී පලායෑමට තැත් කිරීමේදී සිදු කළ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු තුවාල ලැබූ බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 19 July 2026
සංගීතය බලා එද්දී ලොරියට යටවී මරු දකිති හොරණ - මොරගහහේන මාර්ගයේ කනන්විල වංගු ප්‍රදේශයේ අද (19) අලුයම 2.30ට පමණ යතුරුපැදියක් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනකු මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. 19 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026