බස් ටිපර් ගැටී 20ක් රෝහලට අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක මුහුණට මුහුණ ගැටී බස් රථ රියදුරු ඇතුළු විසිදෙනකු ප්‍රතිකාර සඳහා ඔරුවල සහ හෝමාගම රෝහල්වලට අතුලත් කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි. 17 July 2026
අම්පාර භෞතචිකිත්සක ඝාතන සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා යළිත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි සැකකරුවන් නුවරඑලිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය නියෝග කළාය. 17 July 2026
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි 17 July 2026
බොරු ලේබල් ඇලවූ අරක්කු බෝතල් 5575 අල්ලයි නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2026
ගුවන් තොටුපළ අවට සරුංගල් තහනම් ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට කලාපවල සරුංගල් යැවීමෙන් වළකින්නැයි, ගුවන් හමුදාව එම ප්‍රදේශ අවට පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටී. 16 July 2026
මන්ත්‍රීන්ට ළමා ආරක්ෂාව ගැන උගන්වයි පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, ළමා ආරක්ෂාව, ශාරීරික දණ්ඩන හා නීතිමය පසුබිම සහ ධනාත්මක ශික්ෂණයේ වැදගත්කම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 16 July 2026
බන්ධනාගාර තදබදය ගැන පාර්ලිමේන්තු සාකච්ඡාවක් බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්රිත ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 16 July 2026
ගුරු මාරු අයදුම්පත් කැදවයි 2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි 16 July 2026
කොරියා තානාපතිනී- කථානායක හමුවක් ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 16 July 2026
බලපත්‍ර නොමැති බස් රථ 1000 ක් ධාවනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍රය නොමැති බස් රථ දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් දුර ගමන් සේවා මගී ප්‍රවාහනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ’ලංකාදීප’යට පැවසීය. 16 July 2026
ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය යළි විවෘත කරයි වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (16) යළි විවෘත කළ බවත් වසරකට ආසන්න කාලයක් වසා දමා තිබෙන අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථානයන් ද ඉදිරි දින කීපය තුළ යළි විවෘත කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් අද (16) ’ලංකාදීප’යට පැවසීය. 16 July 2026
රට විරු විශ්‍රාම වැටුප් යෝජනා මේ අයවැයට විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 16 July 2026
ලෝක බෞද්ධ සම්මේලනය දින පහක් ලංකාවේ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. 16 July 2026
නාවික හමුදාපති අගමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. 16 July 2026
සුපිළිපන්න සතියක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජුලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 16 July 2026
අර්චුනා රාමලිංගම් ගැටී කිලිනොච්චි කමිටුව “බකල්” කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර අැතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක් අද (16) පෙරවරැවේ අැතිවිය. 16 July 2026
මත්තල දිනක පාඩුව ලක්ෂ 70ක් මත්තල ගුවන් තොටුපොලේ මේ වන විට දිනක පාඩුව රුපියල් ලක්ෂ 60-70 අතර අගයක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය. 16 July 2026
පී.සී, ඩබ්ලිව්.පී.සීගේ උකුළේ වාඩි ගෙන දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව දඹගල්ල පොලිසිය පවසයි. 16 July 2026
විශ්‍රාමිකයෝ කුරුණෑගල නගරයේ විරෝධයක සමාන සේවයට සමාන වැටුපක් ඉල්ලා විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ 1500 කට අධික පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව අසල මංසන්ධිය අවහිර කරමින් අද පැයකට අධික කාලයක් විරෝධතාවක නිරත වූහ. 16 July 2026
ශ්‍රී ලංකා හමුදාවට ඩ්‍රෝන විකුණන්න තුර්කිය සූදානම් ශ්‍රී ලංකා හමුදාවට, ඩ්‍රෝන යානා විකිණීම සඳහා තුර්කිය කැමැත්තෙන් පසුවෙයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තුර්කි තාක්ෂණික කණ්ඩායමක් ඉතා ඉක්මනින් මෙරටට පැමිණීමට නියමිතය. 16 July 2026
ඒකාබද්ධ විපක්ෂෙට ප්‍රතිපත්තියක් නෑ හොරුන්, වංචාකාරයන් හා අපරාධකරුවන් සමඟ එක්වී ආණ්ඩුව පෙරළීමට උත්සාහ කළහොත් ඒ මොහොතේම ඒකාබද්ධ විපක්ෂයේ පැවැත්ම අවසන් වනු ඇතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 16 July 2026
දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර අවශ්‍ය නම් දිවි තොර කරගන්න ප්‍රංශ වැසියන්ට නීතියෙන් අවසර ලබා දීමේ පනත් කෙටුම්පතට, එරට පාර්ලිමේන්තුවේ අවසරය හිමිවී තිබේ. මීට අදාළ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත, ප්‍රංශ පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූයේ වසර ගණනාවක් පුරා පැවති දේශපාලන හා සමාජීය විවාදවලින් අනතුරුවය. 16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න පුද්ගලයන් රිමාන්ඩ් කරනවා මාධ්‍ය සංදර්ශන දාන්න හෝ ආණ්ඩුවේ වෙනත් උපක්‍රම සහ ප්රචාරක වැඩසටහන් සඳහා ආණ්ඩුව පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ වන විට හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවා ගිහින් යැයි ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. 16 July 2026
සලේගේ පෙත්සමට කාදිනල්ගෙන් අතරමැදි පෙත්සමක් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය ලබාගෙන ඇති රැදවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් අභියාචනාධීකරණය හමුවේ ගොනු ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් පෙත්සමක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකොට ඇත. 16 July 2026
අගමැතිනිය කටාර් එමීර්ට සෝව පළ කරයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍යයේ හිටපු එමීර් අභාවප්‍රාප්ත ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි මහතාගේ අභාවය වෙනුවෙන් කටාර් දෝහා හිදී සොව පළ කළාය. 16 July 2026
පොලිසියෙන් ගිනි අවිය උදුරාගත් කුඩ්ඩා මාට්ටු ආඩිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී 15 සවස පොලිස් නිලධාරියකුගේ පිස්තෝලය උදුරාගෙන තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පලාගිය මත් ලෝලියා දිවුලපිටිය පොලිසිය විසින් පිස්තෝල අවියද සමග අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාර දෙනු ලැබීය. 16 July 2026
මෙරට පහෙන් එකක් බඩ ගින්නේ තවමත් සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දුප්පත්කමින් පීඩා විඳින බවත් මෙරට පවුල්වලින් තුනෙන් එකකට පෝෂ්‍යදායී ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකු කළමණාකාරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 July 2026
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය. 15 July 2026
ගල්අඟුරු කොමිසම: විදුලි ජනන සභාපති එක්ක තව හයක් ගෙන්වයි ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව තවත් ප්‍රධානීන් හය දෙනෙකුගේ ඊයේ (15) සාක්ෂි සටහන් කර ගත්තේය. 15 July 2026
මර්වින් සිල්වාට, ප්‍රසන්න රණවීරට අධි චෝදනා බාරදෙයි රජයට අයත් කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූටලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනා මත ගම්පහ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගම්පහ මහාධිකරණය දෙක විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ අද (15) බාර දුන්නේය. 15 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026