අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රීයේ පැවැති ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා කඩුවෙල සංවිධායක ධූරයෙන්ද , ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න මහතා රත්නපුර සංවිධායක ධූරයෙන්ද , අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටුගම්පොළ සංවිධායක ධූරයෙන්ද , ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හක්මන සංවිධායක ධූරයෙන්ද , චන්දීම වීරක්කොඩි මහතා හබරාදූව සංවිධායක ධූරයෙන්ද ඉවත් කර ඒ වෙනුවට අලුතින් සංවිධායකවරුන් හෙට (21) දිනයේදී පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති බැවින් මෙසේ අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
16 කණ්ඩායමේ 8ක් සංවිධායක ධූරවලින් ඉවතට
td Thursday, 20 September 2018 10:52 PM
තණ්හාය ජායථී සෝකෝ
rohana Friday, 21 September 2018 01:46 AM
දැන් මොකද මේ අයට වෙන්නේ අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැද්ද?
janmatha anura Friday, 21 September 2018 03:15 AM
ශ්‍රී ලනිපයේ අපි කවදාවත් මෛත්‍රී ප්‍රමුඛ යූ.අැන්.පී යට පක්ෂය පාවා දුන්න කණ්ඩායමට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි දෙන්නේ පොහොට්ටුවට.. මේ අය පොහොට්ටුවෙන් ප්‍රබල ජයක් ලබා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලනිපයට ඇපත් නැහැ. අසනීප හදාගත්ත දිසානායක කෙනෙක් නිසා ඔබතුමාලා කලබල වෙන්න එපා..
janatha anura UAE Friday, 21 September 2018 03:25 AM
අල්ලපු දිරච්ච අත්ත කඩාගෙන පය ගහපු ඇත්තට වැටුණ ඒකත් කඩාගෙන යන්තම් බිමට නොවැටී පොහොට්ටුවක් උඩට වැටුණ එතන මල් පාත්තියක්
Samadhi Friday, 21 September 2018 03:48 AM
හොදම වැඩක් ජනාධිපතිතුමා. කරලා තියෙන්නේ ............
Shan Friday, 21 September 2018 06:09 AM
මේ අයට වෙන්න දෙයක් නැහැ. හොඳට අපේ සල්ලි ගහලා මේ ඔක්කොම කෝටිපතියෝ වෙලා ඉන්නේ. අන්තිමට අපි තමයි පරදින්නේ. SLFP දැන්වත් පක්ෂේ සුද්ද කරගත්තොත් හොඳයි.
Nandana Friday, 21 September 2018 06:58 AM
හොඳ අනාගතයක් ..........
සතයපාල Friday, 21 September 2018 07:24 AM
ඒ කියන්නේ අනිත් අට දෙනා ඩබල් ගේමක් ගහන්නේ.
sirimal Friday, 21 September 2018 08:50 AM
නිකන් ටොකු ඇන ඇන ඉන්නේ නැතුව පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන වෙනක් පක්ෂයකට වැඩ කරන සියලුම දෙනාට විනයානුකුලව කටයුතු කර සාමාජිකත්වය තහනම් කර පක්ෂයෙන් නෙරපා හැරිය යුතුයි. "ප්‍රගතිශීලීන් සියලුම දෙනා එක කඳවුරකට එකතු කර ගන්නයි අපේ උත්සාහය" කියන බහු භූත කතාවෙන් පෙනී යන්නේ "කොන්දක් නැත" කියන එකයි.