සෞදියේ දමාම් වරාය අධිවේගී මාර්ගයේ දී බරවාහන දෙකක් හැපීමෙන් මිනුවන්ගොඩ අජිත් සුදර්ශන කුරේ (27) මහතා මරුමුවට පත් විය.
ඔහු රැකියාවට ගොස් මාස හතකට වඩා ගත වූයේ නැත.
ඔහුගේ පියා සෙල්වින් කුරේ මහතා ද, සෞදි අරාබියේ සේවය කරයි. පුතාගේ දේහය රැගෙන ශ්‍රී ලංකාවට එන බව ඔහු කියයි.
සිය පස් වසරක සේවය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණෙන රියාද් තානාපති කාර්යාලයේ උපදේශක සරත් කුමාර මහතා කියනුයේ සෞදියේදී ශ්‍රී ලාංකිකයන් 105 දෙනෙකු මිය ගිය බවයි.
පසුගිය පස් වසරේ මිය ගිය සංඛ්‍යාව 500ක් පමණ වේ.
මියගිය අය වෙනුවෙන් රුපියල් කෝටි හත හමාරක වන්දි යැපෙන්නන්ට ලබා දුන් බවත් කියයි.
එහිදී මිය ගිය අයගෙන් සියයට හැටක්ම කාන්තාවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවටනේ මෙයාලා රට විරුවෝ කිය කියා අන්දවන්නෙ..?(නු)
මුදල් ඉපයීම පමණක් නොවේ තම ආරක්ෂාව ගැනද සිතිය යුතුයි (ස)
අරාබි ජාතිකයින් බහුතරය කරන අමානුෂික ක්‍රියාවලට ලාංකික මුස්ලිම් ජනතාවට වග කිව නොහැක. එමෙන්ම එම ක්‍රියා අනුමත හෝ සාධාරණිකරණයද කළ නොහැක. ගෘහ සේවය සඳහා ලාංකිකයින් නොයැවීම කාලෝචිතය. (නි)
නාමල්, ඔයා දන්නවද ලංකාවට මොන රටෙන්ද තෙල් ගෙන්නන්නේ කියලා? (නි)
අහමඩ් ගේ තේ පිළිබද ඇති දැනීමේ නොදන්නාකම ඔප්පුකර ඇත. අපේ තේ මිළදී ගන්නෙත් අරාබි රටවල් පමණයි යන්න 2012 වසරේ හොදම විහිලුවයි....ෂෙරීෆ්, අන්තිමට පිහිටට ඉන්නේ ඒ රටවල් විතරයි කියන්නේ මොකක්ද? ඔයා ඇත්තටම දන්නවද අපේ රටට පිහිටට ඉන්න රටවල්? ඒවා පිළිගන්න ඔයා කැමති නැහැ. ඒකයි ඇත්ත. (නි)
මධූ, දුප්පතාට උදවුවට ඉන්නේ මේ අරාබි රටවල් පමණයි. (නි)
ෂෙරීෆ්, ඇත්ත තමයි. අපේ රටට උදව්වට ඉන්නේ මේ අරාබි රටවල් පමණයි. අපේ තේ මිළදී ගන්නෙත් මේ රටවල් පමණයි. (නි)
ලලිත්, සෞදියේ තානාපති කාර්යාලයේ සියලුම අංක වලට කතා කළත් දුරකථනය ගන්නේ නැහැනේ. (නි)
වෙන කොහේ යන්නද? අන්තිමට පිහිටට ඉන්නේ ඒ රටවල් විතරයි. (නි)
ලෝකයේ කොහෙත් එකයි. රැකියා කරද්දී දුක් විදින්න වෙනවා. (නි)
මේ අරාබි රටවලට සේවයට යවන්න එපාය කියන අක්කලා මල්ලිලාගේ උදවියම තමයි වැඩිපුර අරාබි රටවල් වලට පැමිණ සේවයේ යෙදෙන්නේ. මේ උදවිය කටින් එපයි කීවත් හිතින් අකමැත්තක් නැහැ. මන්ද තමතමන්ට කීයක්හරි උපයා ගැනීමට තිබෙන්නාවු පහසු මාර්ගයක් මෙන්ම ලංකාවට වැඩිවැඩියෙන් විදේශ විනිමය ගෙන දෙන්නා වු ආදායම් පද්ධතියත් මෙයම වන බැවිනි. (නි)
ඔව් මධුව ඇමරිකාවට යවන්න..!(නු)
සිල්වා, තානාපති කාර්යාලයට කතා කළොත් ඔබට ඒ බව දැනගැනීමට හැකිවේවි. (නි)
අනේ මන්ද ඇයි මේ මිනිස්සු මෙහෙම කියන්නේ (අ)
අයියෝ සල්ලි (දී)
වහල් සේවයට ගැහැණු අය යවන්න එපා. නැවත එන්න ලැබුණත් එනවිට සියල්ල විනාස වෙලාතියෙන්නේ. ගැහැණු අයව සිංගප්පුරුවේ සේවයටවත් යවන්න එපා විශේෂයෙන් අවිවාහක අය. ඒ අය එහෙටම නාකිවෙලා විනාසවෙනවා. කලතුරකින් කෙනෙක් විතරයි ගොඩයන්නේ. රටට ලැබෙන සල්ලිවලට වඩා ලොකු විනාශයක් සමාජයට මේකෙන් වෙනවා. බොරුවට කෑගහන කාන්තා සංවිධාන හා අමාත්‍යංශ කාන්තාවන් ගැන කථාකරන්න කෝටියක් විතර තියෙනවා. මේ විනාශය වලක්වන්න කවුරුත් නැහැනේ. ගැහැණු අය වහල් සේවයට යවන එකට විරුද්ධවෙන්න (අ)
වෙලාව පැමිණි විට කිසිවෙකුටවත් මාරයාගෙන් ගැළවිය නොහැක. (නි)
සෞදියට ගෘහ සේවිකාවන් යැවීම වහාම නතර කළ යුතුයි. (නි)
අඩු පඩියට කාන්තාවන් සෞදියේ දුක් විදිනවා. (නි)
මියගිය විට වන්දි දුන්නත්, දහදුක් විදගෙන ඇගවල් වල ඇණ පවා ගහගෙන එන අයට ලැබිලා තියෙන්නේ මොනවාද? (නි)
මියගිය අයගෙන් මෙපමණ ප්‍රමාණයකට වන්දි ලැබුණා කියලා අපි කොහොමද පිළිගන්නේ? (නි)
සරත් කුමාර හරි ආඩම්බරෙන් කියන්නේ ලංකාවෙ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වටිනාකම සල්ලි වලින් මිල කරලා තියෙන්නෙ... ඔය රටට ගිහිං මැරුණෙ 105 තව සදාකාලික ලෙඩ වූ ගණන දහස් ගණනක්.. මේ වගේ කියවන අයවයි සෞදියෙ වැඩට යවන්න ඕන තේරෙන්නෙ කොහොමද එහෙ හැටි කියලා...!(නු)
කිසිදු දිනෙක අරාබි රටවලට සේවයට නොයන මෙන් අපි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමු. (නි)
ඇයි ඉතින් සෞදියට යන්නේ අපේ අය (ස)
සල්ලි නැතුව හිගාකෑවත් ඔය රට වලට කාන්තාවන් යවන්න එපා. (නි)
අජිත් සුදර්ශන මහතාට නිවන් සුව! (නි)
වන්දි ලබා දුන්නු කථාව නොකියන්න මෙතන නානාවිධ අදහස් දැකගන්න ලැබිලා ඇති. (නි)