IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘2017දී ආණ්ඩුව පෙරළනවා“

2017 වසරේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පැවසීයැයි බීබීසිය වාර්තා කරයි.

රාජපක්ෂ මහතා මේ බව කියා ඇත්තේ අද කොළඹ දී ලංකාවේ විදේශ වාර්තාකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව  පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  කීවේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.

රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බව ද රාජපක්ෂ මහතා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව සඳහන් කළේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.



අදහස් (0)

‘2017දී ආණ්ඩුව පෙරළනවා“

චාමර Friday, 30 December 2016 04:33 AM

කවුරුහරි අහලා තිබෙනවද ඉහළම නිලයක් දරපු පුද්ගලයෙක් පහළ නිලයකට රිංගාගෙන සවුත්තු වෙනවා? දන්නවා නම් කරුණාකර කියන්න බලන්න (නි)

:       0       0

සහන් Friday, 30 December 2016 04:39 AM

ඔන්න පටන්ගත්තා කියවන්න (නි)

:       0       0

චානිල් Friday, 30 December 2016 04:42 AM

රටේ සම්පත් අවභාවිතය කර තිබෙන විදියට නම් මහින්දට කිට්ටු වෙන්නවත් දක්ෂයෙක් තවත් කොයින්ද, නේද ෂෙල්ටන් ...?

:       0       0

කුසුම් Friday, 30 December 2016 04:49 AM

මහින්ද තමයි අපේ අනාගත බලාපොරොත්තුව. (නි)

:       0       0

බමුණු Friday, 30 December 2016 04:59 AM

කසුන් ඕගොල්ලන්ට කොටියාගෙන් කාපුවා නම් අමතකයි වගේ. (බ)

:       0       0

සත්‍යපාල Friday, 30 December 2016 10:09 PM

පවුලේ අයත් ළංකරගෙන අායෙත් ගේමක් දෙන්න හිතා ඉන්නවද කියන්න බැහැ. කොහොමටත් මෙයා බලතණ්හාවෙන් ඉන්න කෙනෙක්. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Friday, 30 December 2016 05:53 AM

රට නොකරත්. තමන් සහ පවුලේ උදවිය පහුගිය කාලෙදී කරපු අනේක විධ නීතිවිරෝධී දේවල්වලට, යහපාලන දළ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් හිරේ නොගිහින් ඉන්න තරම් ඔබ බුද්ධිමත් වුණ එක ගැනත්, වගේම කොන්ද පණ නැති යහපාලකයන් ගේ බයගුලු නිවටකම ගැනත් යහපාලනයට කඩේ ගිය කෙනෙක් හැටියට බොහෝ සේ කලකිරී සිටිමි. (බ)

:       0       0

රොකී Saturday, 31 December 2016 12:09 AM

රට කෑ ඇත්තන්ටම රට යළිත් බාරදෙන්න සූදානම් වූ අයද මේ අදහස් එවන අය අතර සිටින බව පෙනේ! (නි)

:       0       0

දහම් Thursday, 29 December 2016 03:01 PM

ජය වේවා, රටට සහ ඔබ තුමාට. (බ)

:       0       0

දයා Saturday, 31 December 2016 12:30 AM

ආණ්ඩුව පෙරළන්න කලින් රට හදන්න කතානොකරන අය ගැන දුකයි (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Thursday, 29 December 2016 03:07 PM

මහා දවාලෙත් මිනිස්සු හීන දකිනවනේ. (බ)

:       0       0

විදුරංග Friday, 30 December 2016 06:35 AM

අයවැය ඡන්දෙට ආපු නැති කෙනෙක්නේ මෙහෙම කියන්නේ (බ)

:       0       0

සුරේෂ් ඩුබායි Friday, 30 December 2016 06:35 AM

අනේ මෙහෙමත් බල තණ්හාවක්? මේ රටට ආදරයටද?? (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 30 December 2016 06:38 AM

"යහපාලනය" යටතේ කිසිම හොරෙකුට,කම්බා හොරෙකුට,මෙගා හොරෙකුට දඩුවම් ලැබෙන්නේ නැහැ කියන එක ඉර හඳ වගේ විශ්වාසයි.(බ)

:       0       0

ජයන්ත Thursday, 29 December 2016 03:23 PM

අනේ අපොයි දහවල් සිහින දකින හැටි (බ)

:       0       0

තිලක් Friday, 30 December 2016 06:53 AM

ආණ්ඩුව හොඳ නැහැ නමුත් මහින්ද බලයට ගේන්ඩ අපි සුදානම් නැහැ (බ)

:       0       0

සිරි Friday, 30 December 2016 07:03 AM

අපේ අගමැති බලයට අාස නෑ. ඡන්දෙ ඉල්ලලා පැරදුනේ 30 වතාවක් විතරයි (බ)

:       0       0

පෙරේරා Thursday, 29 December 2016 03:40 PM

ජය ජය ජය ශ්‍රී! අන්තවාදීන්, සුලු ජාතින් මොනවා කිව්වත් ඔබටමයි ජය. (නි)

:       0       0

ලහිරු Friday, 30 December 2016 07:03 AM

ගරු හිටපු ජනාධිපතිතුමනි, මෙවන් ප්‍රායෝගික නොවන කථා මගින් ඔබතුමා කෙරෙහි පවතින සුළු හෝ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති වන බව වටහා ගැනීම ඔබතුමාගේ වගකීමකි.. (බ)

:       0       0

අනුෂ Friday, 30 December 2016 07:11 AM

ජය ශ්‍රී (බ)

:       0       0

සුසන්ත Thursday, 29 December 2016 03:53 PM

අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)

:       0       0

කරුණාපාල Thursday, 29 December 2016 03:55 PM

අනේ, අපිට නම් ඔය කවුරුත් එකයි. බලය ලැබුනම ඔය කොයි කවුරුත් කරන්නේ එකම දේ තමයි. (නි)

:       0       0

වින්සන්ට් Thursday, 29 December 2016 03:56 PM

හිටපු හොරුත් අපිට එපා. ඉන්න හොරුත් අපිට එපා. (නි)

:       0       0

තිලංක Friday, 30 December 2016 07:23 AM

එහෙම කරන්න පුලුවන් නම් මොකටද ඡන්ද තියන්නේ? (නි)

:       0       0

අනුල Thursday, 29 December 2016 04:00 PM

දවල් හීන කතාව ප්‍රභාකරනුත් කිව්වා. නමුත් එය ඇත්ත වුණා (නි)

:       0       0

බණ්ඩාර Friday, 30 December 2016 07:27 AM

රාජපක්ෂලාගේ වත්කම් සියල්ල රාජසන්තක කරන්න පුළුවන් කොන්ද පණ තිබෙන නායකයෙක් අපිට ඕනෑ කරන්නේ. එහෙම වුණා නම් අසරණ ජනතාවට තව අවරුදු 100-1000 ගණනකට බදු සහන දෙන්න පුළුවන්. (නි)

:       0       0

රෝහණ Saturday, 31 December 2016 02:54 AM

ආපහු හොරාකන්න ආසවෙලා වගෙයි. තවත් අය දවල් හීන දකිනවා. (නි)

:       0       0

එඩ්වඩ් Friday, 30 December 2016 07:29 AM

එහෙම වෙනවා නම් මොනතරම් හොඳද? අපිටත් දැන් එපාවෙලා (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 30 December 2016 07:31 AM

කවුරු ආවත් ජනතාවට වෙන සෙතක් නැත. මොවුන් සියල්ලෝම මාරුවෙන් මාරුවට ජනතා සම්පත් කොල්ලකන්නෝ වෙති. (නි)

:       0       0

පරාක්‍රම Thursday, 29 December 2016 04:21 PM

දෙයියෝ දනී .......අප නොදනී ....... බලපෙරළි, දෙවැනි තුන්වැනි බලවේග ආණ්ඩු පිහිටුවීමට උත්සුකවීම් කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කළයුතු වන කාලය එළැඹෙමින් පවතින බව පෙනේ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 30 December 2016 07:31 AM

අනේ මහත්තයෝ අපි ඕනෑම සහයෝගයක් දෙන්නම් (නි)

:       0       0

තිලකසිරි Friday, 30 December 2016 07:34 AM

රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නි)

:       0       0

ටිකිරි Friday, 30 December 2016 07:34 AM

රාජපක්ෂලා කියද්දී මගේ අැඟේ හිරිහඩු පිපෙනවා. ඒ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා අපේ රට ඉතියෝපියාවක්, සෝමාලියාවක්, උගන්ඩාවක්, කෙන්යාවක්, බංගලිදේශයක් කරපු හැටි අපි දන්නා නිසයි. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 29 December 2016 04:24 PM

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න. මගේ සිහිනෙන් මා මුදන්න ළංනොවන්න... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 29 December 2016 04:24 PM

පුදුම වෙන්න කාරණාවක් නැහැ. මේ රටේ මේ දේ වෙන්න පුළුවන්. දැන් ඉන්න සමහර ලොක්කන්ට කෙළින් තීරණ අරන් ක්‍රියාත්මක කරන්න බැහැ. ඔවුන් රටේ වෙන සෑම දෙයක්ම දැනගන්නේ පත්තරෙන්. සමහරු ජනතාවට සහන දෙනවා කියල ඇවිල්ලා බදු පිට බදු ගහනවා (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 30 December 2016 07:42 AM

"කලට වෙලාවට හැමදේම සිදුවෙයි මඳක් ඉවසන්න“...මෙතන ඉන්න බහුතරය මහින්දගේ හතුරෝ. 2014 අද වෙනකන්ම ඒ දේ ඔප්පුවෙනවා. (නි)

:       0       0

නිල්හාන් Saturday, 31 December 2016 03:39 AM

එහෙම පෙරළන්න ආණ්ඩුව ටයර් එකක් වගේ එකක්ද? (නි)

:       0       0

සුසන්ත Thursday, 29 December 2016 04:33 PM

හුසේන් මොහමඩ්ලා කොහොමත් කැමති මේ ආණ්ඩුව තියෙනවට තමා. මොකද එයාලගේ හිතේ තියෙන දේවල් හරි ලේසියෙන් කරගන්න පුළුවන් යහපාලනයට කියලා. අපිත් රැවටුනා තමා. එ්ත් දැන් මහින්ද මහත්තයව කොහොමහරි රටේ නායකයා කරන්න මමත් බලා ඉන්නේ (නි)

:       0       0

ආර්නෝල්ඩ් Friday, 30 December 2016 07:45 AM

මෙච්චර නගරන් දානකොටත් කරපු හොරකම් වලට දඬුවම් දෙන්නේ නැතිකොට මේ ආණ්ඩුව නැතිවෙලා යන එකම තමා හොඳ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 31 December 2016 03:37 AM

නැවත රට හොරුන්ට බාර දෙන්න අපි ඉඩදෙන්නේ නැහැ. හීන දකින්න ඕනෑ කෙනෙකුට පුළුවන් (නි)

:       0       0

රන්ජිත් Friday, 30 December 2016 07:49 AM

පෙරළෙනවා, හොඳ පැත්තට. නමුත් ඔය සෙට් එකම යටකරගෙන තමා. (නි)

:       0       0

විද්‍යා Friday, 30 December 2016 08:02 AM

පුතාලට දළදා මාළිගාව ළඟ රේස් පදින්න පුළුවන්නේ. (නි)

:       0       0

බන්දුල Thursday, 29 December 2016 04:45 PM

මොකෙන්ද දන්නේ නැහැ පෙරළන්නේ? අලවංගුවකින්ද? අතින්මද? තමන්ගේ පරාජය ගැනවත් නොදැන හිටපු කෙනා අනාවැකි කියනවා (නි)

:       0       0

ශාන Friday, 30 December 2016 08:02 AM

රටක් අරාජික කරන කතාකියන මේ වගේ අයට ආවඩන අයත් ඉන්නවනේ. (නි)

:       0       0

අනුර Thursday, 29 December 2016 05:02 PM

සැළැස්මකුත් සුදානම්ද? (නි)

:       0       0

පාල Thursday, 29 December 2016 05:12 PM

අනේද කියන්නේ. තමන්ට තිබුනදේ හරියට රැකගත්තේ නැතුව දැන් අනුන්ගේ දේ පෙරළන්න කතාකරනවා. මහත්තයෝ, යහපාලනය නරක නම් ඒකට විකල්පය නැවත වරක් ඔබතුමා නම් නොවෙයි. මොකද ඔබතුමා හරියට කළා නම් ඔහොම පරදින්නේ නැහැනේ (නි)

:       0       0

ප්‍රදීප් Friday, 30 December 2016 08:11 AM

රජය ක්‍රියාත්මක කිරීමට යන හැම වැඩක්ම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 31 December 2016 04:25 AM

තණ්හාව තණ්හාව... ආණ්ඩු පෙරලුවහම ජනතාව කබලෙන් ළිපට වැටෙන බව නොතේරෙන මොවුන් මෙතරම් මෝඩද. ජනතාව දැන් ඉන්නේ කබලේ. මේ හොරු ටික ආයෙත් රිංගා ගත්තහම ජනතාවට මොකද වෙන්නේ. අනේ මහත්තයෝ, මෛත්‍රී ජනපතිතුමාට ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න බලන්න. ඔබතුමා අාවා කියලා මේ ණය උගුලෙන් රට ගළවා ගන්න පුලුවන්ද? (නි)

:       0       0

රජිත් Thursday, 29 December 2016 05:20 PM

හීනෙන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

නිලූ Thursday, 29 December 2016 05:29 PM

වියයුතු දෙයක්. මම අාශිර්වාද කරමි. (නි)

:       0       0

බමුණු Friday, 30 December 2016 08:28 AM

මැතිතුමනි, අපි ඔබ සමඟයි. මේක පෙරළා දමමු රටින් කෑල්ලක් යන්න කලින්. ඉඩම් හා පොලිස් බලතල දුන්නොත් වෙන කිසිවක් දියයුතු නැත. එතකොට අපට අලිමංකඩත් නැහැ කිලිකොච්චියත් නැහැ. ඉතිරි වෙන්නේ පාමංකඩයි මැදවච්චියයි විතරයි. (නි)

:       0       0

බලගෙදර Friday, 30 December 2016 08:31 AM

ටිකිරි බණ්ඩා-නුගේගොඩ, ඒ ඔය කියන කම්බා හොරු, මෙගා හොරු නැති නිසා. නමුත් බැංකු හොරු නම් ඔය පැත්තේ ඉන්නවා (නි)

:       0       0

බණ්ඩාර Friday, 30 December 2016 08:35 AM

ලහිරු, එයාට ගරු කරන්න එපා. සිංහල ජාතියට රටට ගරු කරන්න. එතකොට එයාට නිසි ගෞරවය ඉබේම ලැබෙනවා (නි)

:       0       0

බන්දුල Friday, 30 December 2016 08:39 AM

සුරේෂ් ඩුබායි, පැරදි පැරදී 30 වතාවක් ඡන්දෙ ඉල්ලුවේ බල තණ්හාවක් නැති නිසාද? ඇයි පොදු අපේක්ෂකයා නොවුණේ? එදා බැරි වුණා නම් ආයෙත් එන්න පුළුවන් කියො හිතනවද? (නි)

:       0       0

ජනිත් Thursday, 29 December 2016 05:35 PM

දවල් හීන දැකපු මිනිස්සු ඒ හීනෙට රැවටිලා දැන් අවදිවෙන්නයි යන්නේ (නි)

:       0       0

ගාමිණි Thursday, 29 December 2016 05:35 PM

ඔබ පරාදවුණේ පිටරටවල් වල සහය නිසා නොවේ. ඔබ අවට සිටි පගාකාරයෝ, කුඩුකාරයෝ, මිනීමරුවෝ සහ ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ආත්මාර්ථකාමී මෝඩ වැඩ නිසයි. අහෝ ඛේදයකි! ඔබට එය තවමත් නොතේරෙන හැටි. (නි)

:       0       0

දුමින්ද Friday, 30 December 2016 08:42 AM

මෙයා ඇත්තට මේ රටට ආදරෙන්ද බලය ගන්න හදන්නේ? (නි)

:       0       0

චමිලා Friday, 30 December 2016 08:56 AM

මහින්ද පව්! දවල් හීන දකිනවනේ? (නි)

:       0       0

නන්ද Thursday, 29 December 2016 05:35 PM

ඒ කියන්නේ ඔබතුමා යළිත් රටේ නායකයා වෙනවා කියන එකද? මොනතරම් ෂෝක්ද? එතකොට කාර් රේස් බලලා, ප්‍රීති ප්‍රමෝදයෙන් ඉන්න පුළුවන් (නි)

:       0       0

ටිකිරි Friday, 30 December 2016 09:00 AM

රටේ වාසනාව තමයි එහෙම වුණොත් (නි)

:       0       0

මංජුල Friday, 30 December 2016 09:13 AM

රටකට කොන්ද පන තියෙන නායකයෙක් සිටිය යුතුය (නි)

:       0       0

ලලිත් Thursday, 29 December 2016 05:51 PM

මේක සමහරුන්ට තවම දවල් හීනයක්. එ්ත් අවුරුදු දෙකක්ම මිටින් තිය තියා රවුම් ගහලත්, අඩු තරමේ ජි එස් ටි සහනයවත් ගන්න තවම බැරිවුණා. ඉන්න චීන්නු ටිකත් රට දාලා යන්න යනවා. බ්රේස්ලට් දාන්න හිතා සිටි මිනිසුන්ගේ අත්වල දැන් අැටකටුත් පෑදිලා. ඔය විදියට ගියොත් දවල් හීන වුණත් දකින්න බැරි නැහැ. (නි)

:       0       0

තාරා Friday, 30 December 2016 09:12 AM

යහපාලනේ මොනවා කළත් මහින්දට නම් ආයේ එන්න දෙන්නේ නැහැ. එකම විකල්පය ජවිපෙ පමණි (නි)

:       0       0

රුවන් Thursday, 29 December 2016 05:59 PM

අනේ පවු දෙයියනේ! (නි)

:       0       0

චන්න Thursday, 29 December 2016 06:04 PM

බලය නැතුව ඉඳලා මොළේ කචල් වෙලා වගෙයි. මෛත්‍රී මහතා යටතේ ඉන්න කැමති බව කීමත් තමුන්ගේ පරාජයේ තරම පෙන්නනවා. (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 30 December 2016 09:53 AM

පළිගන්න දගලන හැටි ...... (නි)

:       0       0

චන්දුල‍ Friday, 30 December 2016 10:02 AM

කටට එන, හිතට එන දේවල් කිව්වට මේ සංසාරෙ කවමදාකවත් බලයට එන්න ඔයාට ඉඩදෙන්නෙ නැහැ, ඉඩ ලැබෙන්නෙත් නැහැ. මෙයා ආවොත් සිදුවෙන දේ හැමෝම දන්නවා. ඒ නිසා මේ කියන දේවල් නිකන් දවල් හීන (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 29 December 2016 06:32 PM

මේතරම් බලලෝභී නායකයෙක් ලංකාවේ බිහිවෙලා නැහැ (නි)

:       0       0

චන්දු Friday, 30 December 2016 10:06 AM

පෙරළයි කියලා තමයි බය! (නි)

:       0       0

හිමාල් Friday, 30 December 2016 10:13 AM

කවුරු මොනවා කිවුවත් ඕවා කරන්න අමාරුයි (නි)

:       0       0

හේවා Friday, 30 December 2016 10:14 AM

ජයවේවා! (නි)

:       0       0

ගෝමස් Thursday, 29 December 2016 06:35 PM

කව්රුත් වගේ නොමඟ ගියා පහුගිය ඡන්ද වලදීත්. (නි)

:       0       0

සරත් Friday, 30 December 2016 10:15 AM

අපිටත් ඕනෑ දුෂිත පාලකයෝ එළවන්නයි. ජය වේවා! (නි)

:       0       0

රාජසිංහ Thursday, 29 December 2016 06:42 PM

දවල්ද මහත්තයෝ? ටිකක් විවේකීව නිදාගත්තම ඕක හරියයි. (නි)

:       0       0

භාතිය Thursday, 29 December 2016 06:42 PM

2016 වසරේ ලොකුම විහිළුව දරුවනේ මේ.... (නි)

:       0       0

සමන් Friday, 30 December 2016 10:15 AM

පරගැති රජය පළවා හරිමු (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 30 December 2016 10:23 AM

ඔබතුමාට නැවත රට බාරයි. අපිට වැරදුනා මහත්තයෝ (නි)

:       0       0

ජීවා Friday, 30 December 2016 10:28 AM

මේ රටට මේතරම් විනයක් කරපු ආණ්ඩුවට කඩේ යන හැට දෙලක්ෂයක් මිනිස්සු තවම ඉන්නවනේ? (නි)

:       0       0

දර්ශන Thursday, 29 December 2016 06:57 PM

"රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බවද රාජපක්ෂ මහතා කීවේය" මේ කෙතරම් ප්‍රජාතන්ත්‍රවිරෝධී, ඒකාධිපති කියමනක්ද? (නි)

:       0       0

සමන් Friday, 30 December 2016 10:33 AM

හීන දකිනවා කියලා අදහස් දාන අයට කියන්න තියෙන්නේ මෙතුමා හැමදාකම දැකලා තියෙන්නේ සැබෑ කරගත හැකි සිහින බවයි (නි)

:       0       0

කමල් Friday, 30 December 2016 10:36 AM

අසනීපය හොඳටම වැඩියි වගේ. (නි)

:       0       0

විද්‍යා Thursday, 29 December 2016 07:09 PM

බොහොම හොඳ අරමුණක්නේ තියෙන්නේ බලනකොට (නි)

:       0       0

උදය Thursday, 29 December 2016 07:15 PM

අනේ මන්දා මහත්තයෝ ඕවා කවදා සැබෑවෙයිද කියලා (නි)

:       0       0

ලසන්ත Thursday, 29 December 2016 07:25 PM

රට තවත් ණය කරන්නද? (නි)

:       0       0

චන්දන Friday, 30 December 2016 10:58 AM

යහපාලන බත් බැලයන් තවම ඉන්න බව පේනවා. සමහරුන්ගේ නමටත් ලැජ්ජයි, සිංහලද කියලා (නි)

:       0       0

සන්ජය Thursday, 29 December 2016 07:31 PM

අැයි බැරි හිතන්න "අපි තියෙන ආණ්ඩුවේ වැරදි හදලා රට හදන්න උදව් කරනවා" කියලා (නි)

:       0       0

ගාමිණි Friday, 30 December 2016 10:59 AM

පළමු වෙඩිල්ල පත්තු වේ. ප‍්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 29 December 2016 07:35 PM

2015 මැතිවරණ දෙකකින්, පිට පිට ඡන්දදායකයන් විසින් පළවා හැරීමෙන් පසුදා සිට මොහුගේ අදහස වුයේ කවදාහරි හොඳින් හෝ නරකින් බලයට පැමිණීමයි. ඡන්දයක් නොමැතිව බලයට ඒමට වළිකන්නේ ඒකාධිපතියන් පමණක් බව කියාදෙන්න කවුරුවත් තවම මෙරටේ ඉපදී නැද්ද? රජයේ දුර්වලකම නිසාම මොහුගේ එම සිහිනය සැබෑ වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

සිරි Thursday, 29 December 2016 07:56 PM

ඔබතුමාගේ කතාව අනුමත කරමි. ජය වේවා!!!!! (නි)

:       0       0

ග්‍රීන් Thursday, 29 December 2016 08:13 PM

තනතුරු ගැන ඇති සිතිවිල්ලේ ... අවසන මුලවෙයි ලතවිල්ලේ... ඇයි මේ විදියට හැසිරෙන්නේ ඔබ... යළිදු නොඑනු ඇත ඔබ ආයේ... බලයෙන් මත්වී හැසිරෙන්නේ ඔබ... අගමැති ගැන ඇති සිතිවිල්ලේ... කිසිදු දිනෙක යළි නොමවෙන්නේ... එ් ගැන ඇතිවන සිතිවිල්ලේ... අවසාන මුලවෙයි ලතවිල්ලේ... අගමැති තනතුර රනිල් මැතිදු ළඟ, යළි නොම දෙනු ඇත මේ කපයේ... රටක් වටින මහ රජෙකුව සිටි ඔබ, ඇයි මේ මහකරදරයක් වූයේ... (නි)

:       0       0

ලක්ෂි Thursday, 29 December 2016 08:16 PM

හුසේන් මොහමඩ් මහත්තයෝ, දවල් සිහිනත් සැබෑවෙනවා කියලා කතාවක් අහලා නැද්ද? (නි)

:       0       0

තරංග Friday, 30 December 2016 11:46 AM

රෂීඩ්ලා ගැන පේනවනේ ලංකාවේ හිටියට හිත තියෙන්නේ කොහෙද කියලා. (නි)

:       0       0

රණවී Friday, 30 December 2016 11:47 AM

තවත් අවුරුදු දෙකක් රට පාලනය කරන්න බලය තිබෙද්දිත්, නැවතත් බලයට ලොල් වූ ඔබ නිකම්ම පල්ලම් බැස මේ නැවතත් සැරසෙන්නේ රටට ආදරයට නොව ඔබගේ පවුල් ගසේ බලය රට තුළ ව්‍යාප්ත කිරීමටයි.. (නි)

:       0       0

අමන්දා Thursday, 29 December 2016 08:21 PM

රටට ආදරේ කට්ටියනේ ඉතින්! (නි)

:       0       0

සමරේ Thursday, 29 December 2016 08:23 PM

යුද්ධයෙන් පස්සෙ රට ඉදිරියට ගියා. රාජපක්ෂ අාණ්ඩුව කරපු වැරදි නිවැරදි කරමින් යහපාලන අාණ්ඩුව රට සංවර්ධන මාවතක ඉදිරියට ගමන් කරාවි කියලා අපි හිතුවා. දැන් අවුරුදු දෙකක් ඉවරයි. ඉස්සරහ බලාගෙන යන්නෙ අාපස්සට කියලා හොඳටම පැහැදිලියි. (නි)

:       0       0

ටිරෝන් Friday, 30 December 2016 11:50 AM

කොහොමහරි කමක් නැහැ බලය ලැබෙනවා නම් නේද? අනේ මෙහෙමත් මනුස්සයෙක්! (නි)

:       0       0

ජානිස් Friday, 30 December 2016 11:52 AM

අනේ අපේ රට චීනුන්ගෙන් බේරාදෙන්න. ඔබට බුදු බව ලැබේවි (නි)

:       0       0

ආරච්චි Thursday, 29 December 2016 10:34 PM

බොහෝදුරට වෙන්න පුළුවන් දෙයක් තමයි කියලා තියෙන්නේ. සුබ ගමන්. ලබන්නා වූ 2017 වසර ඔබතුමාට වාසනාවන්ත ජයග්‍රාහී නව වසරක් වේවායි අපි පතමු. (නි)

:       0       0

දර්ශන Friday, 30 December 2016 12:00 PM

‘මම ජනපතිකම ගන්නේ නෑ‘ කිව්වට ඔබට කොහොමත් නැවත ජනාධිපති වෙන්න බැහැ. "රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බවද රාජපක්ෂ මහතා කීවේය". එහි අර්ථය අනිත් නායකයන් සියලු දෙනා තවමත් තමන්ගේ රූකඩ බවද. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් අභියෝගයක්. (නි)

:       0       0

ශානක Thursday, 29 December 2016 10:48 PM

2017 දීත් මේ ආණ්ඩුවට රටේ තිබුණොත් නියමෙට තියෙයි. අපොයි යහපාලනයකට ඡන්දෙ දීලා කරගත් මෝඩකමක්! (නි)

:       0       0

ආර්. වික්‍රම Friday, 30 December 2016 12:07 PM

මෙතන ඉන්න කට්ටියගේ කතා දැක්කම මට හිතෙන්නේ ජනවාරි 8 විප්ලවයට කත්ඇදලා තාමත් ඇති නොවුණ කට්ටිය ඉන්නවා! මහින්ද කියන්නේ කටින් වැඩ කරපු කෙනෙක් නෙමෙයි! (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 29 December 2016 10:52 PM

මහත්තයෝ, ජනතාව ඔබව දෙපාරක් පැරැද්දුවේ නැවත මේ රටේ බලය දෙන්න නෙමෙයි. පුලුවන්නම් නැවත ඡන්දයකින් බලය ගන්න (නි)

:       0       0

ජයරත්න Friday, 30 December 2016 12:12 PM

ජය ශ්‍රී ඔබට! (නි)

:       0       0

ආනන්ද Friday, 30 December 2016 12:17 PM

හීනෙන් දොඩවනවද මන්දා (නි)

:       0       0

සුනිල් Friday, 30 December 2016 12:20 PM

අවුරුදු 10 ක් කෑවා මදිද? (නි)

:       0       0

වසන්ත Thursday, 29 December 2016 11:24 PM

කයිවාරු විතරයි. ජීවිත කාලෙම රජ කරන්නනේ හිතේ තිබුනේ. (නි)

:       0       0

බමුණුසේන Thursday, 29 December 2016 11:34 PM

අපෙත් එකම අරමුණ එ්කයි. පෙරළලා දාමු කුඩුපට්ටම් වෙන්න. (නි)

:       0       0

බටගල Thursday, 29 December 2016 11:39 PM

සුළු ජාතික ඡන්ද නැතුවම 500000 ඔබතුමාගේ පැත්තට දැනටම ඉන්නවා.අලුත් ව්‍යවස්ථාවට කලින් පෙරළමු. (නි)

:       0       0

අරුණ Friday, 30 December 2016 12:42 PM

ඔන්න ඔච්චරයි අපිටත් ඕනෑ (නි)

:       0       0

athulaඅතුල Friday, 30 December 2016 12:45 PM

ජය වේවා! (නි)

:       0       0

කමල් Friday, 30 December 2016 12:57 PM

මේක ප්‍රජාතන්ත්‍රවිරෝධී ප්‍රකාශයක්නේ. ජනතාව මේ අාණ්ඩුවට අවුරුදු 5කට බලය දී ඇත (නි)

:       0       0

විජිතසිරි හිමි Friday, 30 December 2016 12:06 AM

තෙරුවන් සරණයි, මහින්ද රාජපක්ෂ නම් බහුතරයක් ලාංකිකයන්ගේ හිතේ නායකයාණන්ට (නි)

:       0       0

රොකී Friday, 30 December 2016 12:12 AM

පෙරළලා දැම්මත් ඔබට නම් යළි මේ රටේ පාලනය බාරදෙන්න ඔලුවක් ඇති ජනතාව සුදානම් නැහැ! (නි)

:       0       0

මනෝජ් Friday, 30 December 2016 12:26 AM

අම්මෝ! බලය කොතරම් සුන්දරද? යුද්ධයෙන් රට විනාශවුණා. තවම අපේ මහා ජාතියට එකතුවෙන්න බැරි වුණානේ රට ගොඩ නඟන්න. අපි දියුණු වෙන්නේ සුළු ජාතියක් පාලනය යටතට ආ දවසට පමණයි. (නි)

:       0       0

චානිල් Friday, 30 December 2016 12:29 AM

තවම අලුත් ආණ්ඩුවට අවුරුද්දයි. එහෙම එක එක්කෙනාට ඕනෑ විදියට ආණ්ඩු පෙරළන්න බැහැ. ඊළඟ මැතිවරණ දිනය එනකන් පන්සල් ගානෙයි හොරුටික බලන්න හිරගෙවල් ගානෙයි ගියොත් හොඳයි. මොහුට තිබෙන්නේ අධික තණ්හාවක්. මේවා මෙහෙම කටින් එළියට පනිනකොට අපිට හිතාගන්න පුළුවන් මෙයා ජනපතිවරණයෙන් පරාදවීගෙන එනකොට අර මන්දිරය ඇතුළේ සැළසුම් කරමින් සිටියා කියන කුමන්ත්‍රණය බොරුවක් නොවේ කියා (නි)

:       0       0

විපුල Friday, 30 December 2016 01:41 PM

ඔබ නැවත බලයට පැමිණිය යුතුමයි (නි)

:       0       0

එරන්ද Friday, 30 December 2016 12:42 AM

අපිටත් ඕනෑ එච්චරයි (නි)

:       0       0

ටෙෂාන් Friday, 30 December 2016 12:42 AM

ඇයි තවමත් අනුන්ගේ ලණු කන්නේ? (නි)

:       0       0

සඳුන් Friday, 30 December 2016 12:50 AM

රජය පෙරළන්න හදන්නේ රජය මැදමූලන බංකුවක් වගේ කියලා හිතාගෙනද. (නි)

:       0       0

නිපුන් Friday, 30 December 2016 12:54 AM

මහත්තයෝ, දැන් ආණ්ඩුවේ කොතෙක් අඩුපාඩු තියෙනවා තමා. එ්ත මහද වාලේ සුදු වෑන් වලින් මිනිස්සු ගෙනිච්චා, වතුර ඉල්ලපු ගම්මුන්ට වෙඩිතිබ්බා, පවුලක් එකතුවෙලා හොරාකාපු එ්කාධිපතියෝ ආපහු ගෙන්න මේ රටේ මිනිසුන්ට පිස්සු නැහැ (නි)

:       0       0

අජන්ත Friday, 30 December 2016 12:53 AM

හෝව් හෝව් හීන දකින එක දැන්වත් නවතන්න. (නි)

:       0       0

ගුණරත්න Friday, 30 December 2016 01:21 AM

හුසේන් මොහොමඩ්, දන්නවද ප්‍රභාකරනුත් කිවුවේ මහින්ද දවල් හීන දකිනවා කියලා තමා. නමුත් මොකද වුණේ. මහින්ද දකින දවල් හීන වරදින්නේ නැහැ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 30 December 2016 01:32 AM

හිලරි පරාජය වෙලා කිවුවේ මගේ සහයෝගය නව රජයට දෙනවා කියලයි. පේනවද අරයා කියල තිබෙන දෙය... පරාජය වුණ දවසේ සිටම බලන්නේ ආණ්ඩුව පෙරළා දමා බලයට එන්න. ඔහොම ගියොත් නම් වැටෙන්නේ කාණුවටම තමයි (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 30 December 2016 01:39 AM

අපිත් බලාගෙන ඉන්නේ අලුත් ව්‍යවස්ථාවට කලින් පෙරළාගන්න. නැත්නම් ඉතුරු වෙන්නේ රටෙන් කෑල්ලයි. (නි)

:       0       0

අනුර Friday, 30 December 2016 02:09 AM

පෙරළලා දැම්මත් ඔබට නම් යළි මේ රටේ පාලනය බාරදෙන්න ඔලුවක් ඇති ජනතාව සුදානම් නැහැ. කකුලෙන් අදින විපක්ෂයක් සිටියදී යුද්ධයක් ජයගත් ඔබතුමා නොහිටින්න අද අපි බෝම්බයකට අහුවෙලා (නි)

:       0       0

විජේසිංහ Friday, 30 December 2016 02:07 AM

හීන දකින්න කාටත් අයිතිය තියෙනවා (නි)

:       0       0

අප්පුහාමි Friday, 30 December 2016 03:40 PM

විසි තිස් වතාවක් පැරදුන අයට වැඩිය දෙවතාවක් පමණක් පැරදුන ඔබතුමා හොඳයි අපිට (නි)

:       0       0

අනුර Friday, 30 December 2016 02:12 AM

සහයෝගය දෙන්න ඕනෑ. නමුත් අපි පාමංකඩ අතරමං වෙලා (නි)

:       0       0

අනුර Friday, 30 December 2016 02:17 AM

ෆොන්සේකාත් හීන දැක්කා. අපි මේ වැස්සට නොතෙමි යන්න වාහන ගේනකම් ඉන්නවා. දැන් තියෙන ඒවා තෙමෙනවා (නි)

:       0       0

දුමින්ද Friday, 30 December 2016 02:21 AM

නියමයි. ඒ දවස උදාවුණ දවස තමයි අපේ වාසනාවන්තම දවස (නි)

:       0       0

ශාන්ත Friday, 30 December 2016 03:55 PM

අවුරුදු දෙකකට කලින් ඡන්දෙ තියලා ගෙදර ගිය මනුස්සයාට වෙච්ච දෙයක්, අනේ අම්මපා! (නි)

:       0       0

ජයා Friday, 30 December 2016 02:39 AM

රට බේරාගත් ඔබට අපි අවංකම ණයයි. සමහර අය ලියන දේවල් බැලුවහම හිතෙනවා මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නුද කියලා. (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 30 December 2016 02:40 AM

ජනමතය හසුරවන්න රාජ්‍ය නායකයා වෙන්නම ඕනෑ නැහැ. ඉන්දියාවේ සෝනියා, මියන්මාරයේ අවුන්සන් සුකී හොඳ උදාහරණ. ඔබට ජය වේවා! (නි)

:       0       0

කැනඩා දිසා Friday, 30 December 2016 02:40 AM

පුදුම තණ්හාවක්නේ! (නි)

:       0       0

කාරියවසම් Friday, 30 December 2016 02:47 AM

රට බේරාගත් නායකයා කියලා රට උගස් කරන්න දෙන්න බැහැ. (නි)

:       0       0

සූරියවර්ධන Friday, 30 December 2016 02:46 AM

ආයෙත් ජනතාව මෝඩවෙයිද? (නි)

:       0       0

රෂීඩ් මූර් Friday, 30 December 2016 03:00 AM

සුසන්ත, එදා පාකිස්තානය මල්ටි බැරල් නොදුන්නා නම් අදත් ප්‍රභාකරන් උතුර පාලනය කරනවා. ඔයාට එක අමතක වුණාද? (නි)

:       0       0

සහන් Friday, 30 December 2016 03:10 AM

2017 දී ආණ්ඩු පෙරළීම කෙසේවෙතත් කට්ටියටම මදිනොකියන්න ලැබේවි කරලා තියන දස්කම් වලට. (නි)

:       0       0

රොඩ්රිගෝ Friday, 30 December 2016 03:16 AM

අනේ මෙහෙම තණ්හාවක්! (නි)

:       0       0

ධම්ම Friday, 30 December 2016 03:24 AM

වත්මන් ආණ්ඩුව රැකෙන්නේ ඔබ ඇතුළු ශ්‍රීලනිපයෙන් මිස යූඑන්පියෙන් නම් නොවේ. ඒ නිසා ඔබ බලයට පත්විය යුතුමයි. (නි)

:       0       0

චින්තක Friday, 30 December 2016 03:29 AM

ඔබගේ නිර්භීත නායකත්වය අත්‍යවශ්‍ය මොහොත දැනටමත් උදාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

නලින් Friday, 30 December 2016 03:34 AM

ඔයාට ඕනෑවුණේ පැරදුන දවසේ ඉඳන්ම මේ ආණ්ඩුව පෙරළන්නනේ. පාඩුවේ ඉන්න දැන්වත්. (නි)

:       0       0

සහන් Friday, 30 December 2016 03:32 AM

අපෝ මෙහෙමත් තණ්හාවක්! (නි)

:       0       0

රංග Friday, 30 December 2016 03:36 AM

මෙය අනිවාර්යෙන් සිදුවිය යුතුයි (නි)

:       0       0

අකිල Friday, 30 December 2016 03:38 AM

රටේ ජනතාවට ආදරේට වෙන්න ඇති, ලැජ්ජා නැතුව තවත් විහිලු සපයන්නේ (නි)

:       0       0

බන්දුල Friday, 30 December 2016 03:37 AM

තියන දස්කම් එකක්වත් ඔප්පු කරලා නැහැනේ. එ්කත් හරියට ලැම්බෝගිනි කතාව වගේමයි. ඇයි ලැම්බෝගිනි ගැන කතා නැත්තේ? (නි)

:       0       0

බෙනට් Friday, 30 December 2016 03:42 AM

ආයෙත් ජනතාව මෝඩවෙයිද කියලත් අහනවා. කරගත්ත මෝඩකම හොඳටම ඇති. (නි)

:       0       0

අශෝක Friday, 30 December 2016 05:37 PM

කැපුවත් අර ලේ, කැපුවත් මේ ලේ කියලා සිංහල අපි හැම ගහගනිමු. එන එන රජයට දොස් තබමින් හැමවිට එය පෙරළා දමමු. කිසි බලයක් නැති පුංචි ජාති ටික එක්වී හිනැහෙන දින ගනිමු. එදාට අපි කළ තකතීරුකම් ගැන සිතමින් හිත සනසා ගනිමු. (නි)

:       0       0

සැන් ෆ්රැන්සිස්කෝ Friday, 30 December 2016 03:46 AM

හිලරි සහයෝගය දෙන හින්දද අර තව සැරයක් ඡන්ද ගනින්න ඕනෑ කිවුවේ. අපේ මිනිසුන්ට නිකන් බොරු කථා කියන්න එපා. මහින්දට කියන්නේ මේ කඩාවැටිලා තියන එකට මුක්කු ගහන්න කියලද? (නි)

:       0       0

රණවක Friday, 30 December 2016 05:46 PM

"ත්‍රිමාණ සිහින" (නි)

:       0       0

සුගත් Friday, 30 December 2016 04:01 AM

බලයට කෑදර මොහු වැන්නෙක් නැවත අප අතරට නොඒවා! (නි)

:       0       0

උදාර Friday, 30 December 2016 04:06 AM

අපිත් ඉන්නවා උදවුවට (නි)

:       0       0

රන්ජන් Friday, 30 December 2016 04:08 AM

අාප්ප කාලාද ආණ්ඩුව පෙරළන්නේ? (නි)

:       0       0

රන්ජිත් Friday, 30 December 2016 04:14 AM

හීන දකින එක වරදක් නෙමෙයි (නි)

:       0       0

රුවන් Friday, 30 December 2016 04:13 AM

ලියා ඇති අදහස් කියවීමේදී පෙනීයන්නේ යහපාලනයට ඡන්දය දී රැවටුණු අය ටිකක් කලබල වෙලා වගෙයි. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු අය ඉතින් කරගන්න දෙයක් නැති තැන දැන් කියන්නේ ඔක්කොම හොරු කියලා. මේවා අහල අඩන්නද හිනාවෙන්නද? කෙසේවෙතත් දැනට ජීවතුන් අතර සිටින නායකයන්ගෙන් ඇතුළුව රටට සේවයක් කළ එකම නායකයා මහින්ද පමණි. (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 30 December 2016 04:14 AM

ඔය කවුරුහරි කියන්න බලන්න මහින්දට වඩා දක්ෂයෙක් සිටිනවා නම්. (නි)

:       0       0

නිසල් Friday, 30 December 2016 04:14 AM

මොනවා වුණත් දැන් රට කරන්න ශක්තිමත් හොඳ නායකයෙක් ඕනෑ (නි)

:       0       0

සේකර Friday, 30 December 2016 07:13 PM

අන්න නියම වේලාව අාවා. දැන් කරදරයක් නොමැතිව කරන්න තියන්නේ මහින්ද අගමැති කරන්න. මේ සේරම ප්‍රශ්න ඉවරයිනේ. (නි)

:       0       0

කසුන් Friday, 30 December 2016 04:17 AM

කාපු කෑම තවමත් රස දැනෙනවද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 30 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 182 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 257 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 450 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 157 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 116 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site