IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට් නගරයට

වසර 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය විසින් දිනාගනු ලැබ ඇත. ශී‍්‍ර ලංකාවේ හම්බන්තොට නගරය ද මේ සඳහා ඉදිරිපත්ව සිටි නමුත් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ශාන්ත කිට්ස් සහ නේවිස්හිදී ඊයේ (11 වැනිදා) පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමේදී හම්බන්තොට නගරය පරදවා ඡන්ද 43-27 ක පහසු ජයක් ලබාගැනීමට ගෝල්ඩ් කෝස්ට් නගරය සමත් විය. ඕස්ටේ‍්‍රලියාවෙන් මෙන්ම ශී‍්‍ර ලංකාවෙන්ද මේ සඳහා විශේෂ කණ්ඩායම් ශාන්ත කිට්ස් දිවයින බලා ගොස් තිබුණු අතර  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට 20 දෙනකු ඇතුළත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායම 160 ඉක්මවා තිබිණ. ඡන්දය පැවැත්වීමට පෙර,  ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයට වඩා හම්බන්තොටට වාසිදායක බවක් පෙනෙන්නට තිබුණ නමුත් අවසානයේදී එය වැරදී ගොස් තිබිණ. ශ්‍රී ලංකාව ප‍්‍රථම වතාවට මෙවැනි උළෙලක සත්කාරකත්වය හිමිකර ගැනීමට තරග වැදුණු අතර ඒ වෙනුවෙන් හම්බන්තොට නගරයේ නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන බවට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ පුරසාරම් කීවෝය. පොදුරාජ්‍ය මණ්ඩලිය කී‍්‍රඩා උළෙල විශාලත්වයෙන් දෙවැනි වන්නේ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පමණි. කෙසේ වෙතත් ඡන්දය ප‍්‍රකාශ කළවුන්ට එය ඔවුන්ගේ ‘බුද්ධිය සහ හැගීම’ අතර තීරණයක් බවට පත්ව තිබිණ. මෙම කී‍්‍රඩා උළෙල හම්බන්තොට ජනතාවගේ ජිවිත වෙනස් කරනා හැරවුම් ලක්ෂයක් බව පෙන්නුම් කිරීමට ශී‍්‍ර ලංකාව උත්සාහ කරද්දී ගෝල්ඩ් කෝස්ට් නගරය තෝරා ගතහොත් තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවදානමක් බව ඔවුන්ට පෙනෙන්නට තිබිණ. හම්බන්තොට නගරය 2004 දි පැමිණි රුදුරු සුනාමි ව්‍යසනයෙන් පසුව නැවතත් ගොඩනැ‍ගෙමින් තිබෙන අතර මෙම කී‍්‍රඩා උළෙල ඒ සඳහා වඩාත් යහපත් වාතාවරණයක් සකස් කර දෙනු ඇතැයි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා බලධාරීන්ට ඒත්තු ගැන්නීමට ශී‍්‍ර ලංකා නියෝජිතයෝ උත්සාහ කළහ. මෙම කී‍්‍රඩා උළෙල සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීම සඳහා අවසන් දේශනය කළේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිට දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ය. එහෙත් සිය ජීවිතයේ බොහෝ දේ සාර්ථක කරගත් මුරලිදරන් අසාර්ථක වූ දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය. කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීම පිළිබදව අදහස් දක්වමින් මුරලිදරන් පවසා සිටියේ අඳුරු වර්ණ භේදවාදී යුගයෙන් පසුව දකුණු අපි‍්‍රකානුවන් එකමුතු කිරීමට 1995 වසරේ දකුණු අපි‍්‍රකාවේදී පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලිය සමත් වූවාක් මෙන් ශී‍්‍ර ලංකාව නව මාවතකට ගෙන යාමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට අවස්ථාව තිබූ බවයි. මෙම කී‍්‍රඩා උළෙලේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අවශ්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 745ක් හෙවත් රුපියල් බිලියන 132 ක මුදලින් සියයට 60 ක ප‍්‍රමාණයක් දැරීමට ශී‍්‍ර ලංකා රජය කැමැත්ත පළකර තිබිණ. වඩාත් වැදගත් ප‍්‍රශ්නය වූයේ 2010 නවදිල්ලි කී‍්‍රඩා උළෙලේ වැය ශීර්ෂය පවුම් බිලියන 1.4  ක් වුවත් යටිතල පහසුකම් සඳහා යන වියදම් එකතු කරන ලද කල්හි එය පවුම් බිලියන 7.9 ක් දක්වා ඉහළ ගොස් තිබීමත්, එවන් තත්ත්වයක් යටතේ තවමත් හරිහැටි නොදන්නා ප‍්‍රදේශයක් සම්බන්ධයෙන් එවැනි අවදානමක් ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා සම්මේලන නියෝජිතයන් සූදානම්ද යන්නත්ය. ඇත්ත වශයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලක් පැවැත්වීමේ අවස්ථාව ගෝල්ඩ් කෝස්ට් නගරයට දීම, එය හම්බන්තොට නගරයට ලබාදීමට වඩා අවදානම අඩු බව තක්සේරු කමිටු වාර්තාවෙන් කියැවිණ. ඕස්ටේ‍්‍රලියාව මීට ඉහතදී ද මෙවන් කී‍්‍රඩා උළෙල වලට සත්කාරකත්වය ලබා දී ඇති අතර 2000 වසරේ සිඩ්නිහිදී පැවැති ඔලිම්පික් උළෙලේදී ඔවුන් සිය සාර්ථකත්වය මොනවට ඔප්පු කළේය. ඊට අමතරව  ඕස්ටේ‍්‍රලියාව 2006 (මෙල්බර්න්) 1982 (බි‍්‍රස්බේන්), 1962(පර්ත්) සහ 1938(සිඞ්නි) යන වසර වලදීද පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරක රාජ්‍යයක් ලෙස කටයුතු කර ඇත.



අදහස් (0)

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට් නගරයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 630 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 199 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 466 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 711 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 182 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 577 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site