
(යොහාන් භාසුර)
විදේශ සමාගම්වල ඉන්ධන පිරවුම්හල්වල පෝලිමක් පවතී නම් ළගම ඇති ‘සිපෙට්කෝ’ පිරවුම්හලට යායුතු බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (6) පැවසීය.
රටතුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය පිළිබඳව දැනුවත්කිරීමට දෙමටගොඩ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යලයේදී අද (6) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී. ජේ. රාජකරුණා මහතා එසේ පැවසීය.
මෙම මස අවසන් වන තෙක් ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව යෝජනා නොකරන අතර ඇතැම් විට ඉදිරි මස තුන තුළ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මෙම මාසයේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන බවත් ඒ මහතා කීය.
විදේශ සමාගම් තෙල් නිකුත් කිරීම අඩුකිරීම නිසා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි ප්‍රදේශ 61 ක් මීට සති තුනකට පමණ පෙර හදුනාගෙන ‘සිපෙට්කෝ’ පිරවුම්හල් නැති ප්‍රදේශවලට ඉන්ධන සැපයීමට අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී විදේශ සමාගම් එකඟ වූ බවත් මෙම තත්වය යටතේ රට තුළ තෙල් ගැටලුවක් ඇතිවීමේ හැකියාවක් නොමැති බවත් ඒ මහතා පැවසීය.
දිනක ඩීසල් සැපයුම අයිඕසී සමාගම සියයට 45 කින්, සිනොපෙක් සමාගම සියයට 66 කින් සහ ආර්එම් පාර්ක් සමාගම සියයට 48 කින් අඩු කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දිනකට ඩීසල් මෙටි්‍රක්ටොන් 3,074 ක් නිකුත් කිරීම 3,900 දක්වා වැඩිකිරීමට සිදුව ඇති බවත් පෙට්‍රල් සැපයුම සිනොපෙක් සමාගම සියයට 30 කින් සහ ආර්එම් පාර්ක් සමාගම සියයට 28 කින් අඩු කිරීම නිසා එම අඩුව සම්පූර්ණයෙන්ම සීපීසී සපයන බවත් ඒ මහතා කීය.
විදේශ ඉන්ධන සමාගම පෙරේදා දිනයේ ද ඉන්ධන නිකුත් කිරීම සාමාන්‍ය පරිදි කළ ද පෝලිම් නිර්මාණය වූ බව කී රාජකරුණා මහතා ඉරිදා දිනයේ පෞද්ගලික සමාගම්වල තෙල් අවසන්වීම නිසා සඳුදා පෙරවරුවේ තෙල් හිඟයක් ඇතිවීම විශේෂ ගැටලුවක් නොවන අතර එය සමාගම් තෙල් නිකුත් කිරීම අඩු කිරීම නිසා සඳුදා දිනයට ඇති වන සාමාන්‍ය තත්වයක් බව ද සඳහන් කළේය.
ජනතාව මෙම තත්වය වැරදියට අවබෝධකරගෙන පෝලිම්වලට ගිය තත්වයක් දැකිය හැකි බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව අවශ්‍ය තරම් ඉන්ධන තොග පවතින බවත් රාජකරුණා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd