21 හැවිරිදි පෙම්වතිය ගැබිනියක කර රුපියල් ලක්ෂ 16ක් වටිනා රන් අබරණ වංචා කළැයි 40 හැවිරිදි දෙදරු පියෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ක්‍රිෂාන් රන්මල් පීරිස් එම පුද්ගලයාය.
දැරියගේ පැමිණිල්ලේ සඳහන් වනුයේ 12 හැවිරිදි වියේ සිට තමා ඔහුට පෙම් කළ බවයි.
ඔහු විසින් රන් පවුම් 54ක් වංචා කළැයි පැමිණිල්ලේ සඳහන් වේ.
විවාහ වී නවසීලන්තයේ පදිංචියට යන බව කියමින් මුදල් වංචා කළ බවත්, ඔහු තමා ගැබිනියක කළ බවත් ඇය කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරුණිය අවුරුදු 12 ඉඳල අවුරුදු 24 වැඩ නේ කරලා තියෙන්නේ. ගෙදර වැඩිහිටියන් ඉඳලා නැද්ද ? පිරිමියා විවාහක බව දන්නේ නැතුව මෙහෙම වුනා කියල මම නම් පිළිගන්නේ නැහැ. අද කාලයේ පවුල් කඩලා පවුල් හදා ගන්න එක සමාජයේ අලුත්ම විලාසිතාව වෙලා. (නදී)
අවුරුදු 12 ඉඳලා බඳින්න සූදානම් වෙලා වයස 12 දී විවාහකයෙක් එක්ක සම්බන්ධ වෙන්න මේ කාන්තාවගේ මානසික තත්වය කොහොම තියෙන්න ඇද්ද ? (නි)
මට හිතෙනේ මේ තරුණියට පදිංචි වෙන්න හොඳටම ගැළපෙන්නේ නවසීලන්තය නෙමෙයි ස්වාසිලන්තය. (නි)
මේ අපේ රටේ ඉදිරියට මව් පදවිය භාරගන්න ඉන්න අයනේ! මෙයාගේ ආරෙටම දරුවාත් ගියොත් වයස 35 දී මෙයාට ආච්චි කෙනෙක් වෙන්නත් පුළුවන් වේවි. (නි)
මේ ගෙදරට ආව ගිය ආගන්තුකයා විශ්වාස කළා වැඩියි නේද ? අනේ මන්දා! මට නම් මගේ දරුවන් සම්බන්ධයෙන් පිට අයව විශ්වාස කරන්න බැහැ. (නි)
ඇයි මේ ළමයාගේ වැඩිහිටියන් නැද්ද? කවුරු තරහා වුණත් මට කියන්න තියෙන්නේ තවත් මෝඩ කෙල්ලෙක් කියලා විතරයි. (නි)
වැඩිහිටියන්ගේ අණසක , උපදෙස් නොපිළිගෙන කටයුතු කරන දූවරුන්ට මේවා හොඳ පාඩම්. අන්තිමේදී දුකින් තැවෙන්නේ දෙමාපියෝ ! (නි)
අනේ ඉතින් අවුරුදු 21 කෙල්ලගේ ඇස් පේන්නේ නැතුවද අවුරුදු 40 කෙනකුට ප්‍රේම කළේ. (නදී)
කෝ මේ මයිනෝ තාම මේ නිව්ස් එක දැකල නැහැ වගෙයි. (නදී)
මේ දැරියගේ දෙමව්පියෝ නැද්ද? අවුරුදු 12 ඉදන් මේ මිනිහට පෙම් කරන කල් බලන් හිටියේ. මේ තරම් රැවටෙන්න මොලයක් නැද්ද? (නදී)
රන් පවුම් 54 ක්? විශ්වාස කරන්න අමාරුයි. (නි)
අදහසක් ලියන්න තරම් මේකේ පසුබිම ගැන වැටහීමක් නැහැ. කොටින්ම මේ ළමයට අම්මෙක් අප්පෙක් වැඩිහිටියෙක් ඉඳල නැද්ද? නැත්නම් ඒ අයගේ කැමැත්තෙන්ද මේක වුනේ? (නදී)
වයස 12 ඉදන් 21 වෙනකන් පෙම්කලා. 21දි ගැබිනියක් උනා. මේ ළමයට මොලයක් තිබුනේ නැද්ද මේ මිනිහ ගැන හොයල බලන්න. "ගැහැණු මෝඩයි. පිරිමි කපටියි " කියන්නේ එ්කට වෙන්න ඇති. (නදී)
ආලය අන්ධයි අනේ. කෙනෙක්ගේ හුරතලය ඉදිරියේ ඔහුට පිස්සු වැටුනම අනිත් සියල්ල, හොඳ නරක, වයස , දෙමාපියන් සියල්ල අමතක වෙනවා. විශේෂයෙන් මේ වයසේ 12-16 ගැහැණු ළමයෙක් එහෙම වෙනවා වැඩියි. 18 -19 පැන්නම ඔන්න තේරෙනවා. එතකන් ප්‍රවේශම් කරන්න ඕනෑ. (නි)
මෙහෙම කෙල්ලෙක් මන් දැක්කා ඉස්සර වයසක් මනුස්සයෙක් එක්ක බස් වල ආදරය කර කර යනවා. (නදී)
ඔබට කාගේ රැකවරනයක්ද (නදී)