(ළහිරු හර්ෂණ සහ ඩිල්ශානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිය ගිය ආසාදිතයන්ගෙන් වැඩි ම පිරිස වයස අවුරුදු 60ත් 90ත් අතර අය බව, සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඒ අනුව, එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 166දෙනෙකු අද(17) උදෑසන වනවිට මියගොසිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.84 % කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 256ක් බව කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය(අද උදෑසන 7.44ට) වාර්තා කර තිබේ. ඒ අතරින් පිරිමි පුද්ගලයන් 164දෙනෙකු වන අතර, ස්ත්‍රීන් 92කි.
මිය ගිය ආසාදිතයන් වයස් කාණ්ඩ අනුව හඳුනාගතහොත්(වගු සටහනේ දැක්වෙන පරිදි), වයස අවුරුදු 1 සිට අවුරුදු 40 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 11කි. අවුරුදු 40 සිට 60 දක්වා මිය ගිය ආසාදිතයන් ගණන 73කි. අවුරුදු 90ත් 100ත් අතර වයස්වලින් මිය ගිය අය 6කි. මේ අනුව කොරෝනා වයිරසයෙන් මියයාමේ වැඩි අවදානම ඇත්තේ අවුරුදු 60න් ඉහළ පිරිස බව පැහැදිලි ය.
එසේම, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ්-19 මරණ ගණන 11ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන දෛනික වාර්තාවේ සඳහන් කරයි. ඉන්දියාවේ එම ගණන 109කි. දකුණු ආසියානු කලාපය සලකා බලතොත්, ජනගහනය මිලියනයකට ආසාදිතයන්ගේ මරණ ගණන 93ක් වෙයි.
ගෙවී ගිය සතිය තුළදී (ජනවාරි 11 දින සිට අද(17) දක්වා) රෝහල්වල රැඳී සිට තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ගණන 6618 සිට 7311 දක්වා ඉහළ ගොස් තිබේ. දැනට රෝහල්වල් සිට ප්‍රතිකාර ලබමිස් සිටින සමස්ත ආසාදිතයන් පිරිස ප්‍රතිශතයක් වශයෙන් 14.0%කි.
එම කාලය තුළ වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 569 සිට 719 දක්වා සංඛ්‍යා අගයක් ගනී. වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, ජනවාරි 11 වැනිදාය. එම ගණන 766කි. එම සතියේ සෙසු දිනවල එම අගය 400න් ඉහළ අගයක් පෙන්නුම් කරයි. ඒ අනුව, මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 44,746කි. සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 85.5%කි.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් ගණන 52,313කි. එම පිරිසට මිනුවන්ගොඩ, පෑලියගොඩ, බන්ධනාගාර පොකුරුවල ආසාදිතයන් ද ඇතුළත් ය.
(කෝවිඩ් -19ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියෙනි)
(වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයෙනි)
නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්
රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි
මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති