(රෝෂන් තුෂාර)
ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිටපු මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා අත් අඩංගුවට ගැනීමේ සූදානම සම්බන්ධයෙන් ලබන 14 වැනි දින කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අපරාධ පරීක්ෂණෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් අද (07)නියෝග කළාය .
නන්ද සිරි මල්ලවාරාචි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරුණු කරමින් ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත්කළාය.
2015 වසරේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් කැරම් හා දාම්බෝඩ් මිලදී ගැනීමත් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයන්ට අදාළව තමාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බැවින් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගැනීමට හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මෙම ඇප අයදුම් පත්‍රය ගොනුකර ඇත.
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බ
ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
CID ස්ථානාධිපතිට නොතීසි
හසක Friday, 07 February 2025 03:50 PM
ඇප නොදී, අත්අඩංගුවට අරගෙන දවසක් හරි තියලා තමයි ඇප දෙන්න ඕන. විඳින කලට දුක් පැණිරස නැහැ කියල උගන්වන්න.