ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ආර්. බාල්කිගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන "කි ඇන්ඩ් කා" චිත්‍රපටය අද සිට (අප්‍රේල් 01වැනිදා) බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. පළමු වතාවට බොලිවුඩ් සිනමා තිරයේ පෙම්වතුන් ලෙස කරීනා කපූර් හා අර්ජුන් කපූර් දෙදෙනා මෙහි පෙනි සිටීම විශේෂත්වයකි. එමෙන්ම 35 වැනි වියෙහි පසුව කරීනා, 29 වැනි වියෙහි පසුවන අර්ජූන් කපූර්ගේ පෙම්වතිය ලෙස චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි. නැදෑකමින් අර්ජූන් කරීනාගේ පුතෙකුද වේ.
කරීනා හා අර්ජුන් දෙදෙනාට අමතරව, අමිතාබ් බච්චන් හා ඡායා බච්චන් දෙදෙනා මෙහි ආරාධිත චරිත සඳහා රංගනයෙන් එක්ව සිටිති. යොවුන් වියෙහි පසුවන තරුණ යුවළක් සිය විවාහයට පෙර හා පසුව මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව මෙහි කතා තේමාව ගේති ඇත. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකර ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී බව සඳහන් වේ. අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය, මේ වසරේ සාර්ථක චිත්‍රපට ගොන්නට එක්වනු ඇතැයි බොහෝ සිනමා විචාරකයන්ගේ අදහස වී ඇත. එහෙත්, කරීනා කපූර් අවසන් වරට ප්‍රධාන චරිත නිරූපණය කළ "බජිරංගි බහිජාන්" මෙන්ම "සිගාම් රිටන්ස්" චිත්‍රපට ඉහළ ආදායමක් උපයාගත්තද අර්ජුන් පසුගිය වසරේ රඟපෑ එකම චිත්‍රපටය වූ "තේවාර්" සිය වියදම් මුදලද උපයා ගැනීමට නොහැකි විය. මෙය දිවයින පුරා ඇතැම් සිනමාහල් වල තිරගතවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
Ki and Ka දිවයින පුරා