මඩකන්ද හිඟුරකන්ද සම්පේ‍්‍රෂණ කලුනින් අකුණු අනතුරු වෙතියි ලැබුණු පැමිණිලි නිසා එය ඉවත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර ඇත. මේ කුලුන නිසා අකුණු අනතුරු රැසක් වූ බව ගැමියන්ගේ පැමිණිල්ලයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාත් ඔයා හරියටම හරි....මේ කොමිසම ගැන ලැජ්ජයි ;;;;
මේකත් තවත් රසවත් තීරණයක් අපගේ කොමිසමකින් ලබාගත්... අකුණු වැදීම අඩුකිරීමට කුලුනු ඉවත් කිරීම.. !! විරැකියාවට විසදුමක් ලෙස පාසල් අඩු කිරීම.. සෞඛ්‍ය ගැටලු නිරාකරණයට ඉසිපිරිතාල අඩු කිරීම... අනතුරැ අඩුකිරීමට මාර්ග අඩු කිරීම.. රට ආකර්ෂා කර ගැනීමට පාර්ලිමේන්තුව ඉවත් කිරීම..
වැස්ස නවත්තල මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අමිල
වැස්ස නවත්වල මේ ප්‍රශ්න විසදන්න බෑ අමිල...
බණඩො. දහදෙනෙක් අදින කඹයක් ඔයාට තනියම අල්ලගෙන ඉන්න පුළුවන්ද??
අකුණු නිවාරකයක් පවතින්නෙ අකුණක් පැමිනෙන තුරු පමණි
ලංකාවේ භුවිෂමතාවය අනුව මුහුදුබඩ සිට රට තුලට හමන තෙත් උණුසුම් වායු ධාරාවන් මධ්‍යම කඳුකරයේ සිට අවටට පැතිරෙන සිසිල් මන්දගාමී වායු ධාරාවන් සමග ගැටෙන කලාපයන් තියෙනවා. එම කලාපවල අහසේ මේ වායු ධාරා අතර ඝර්ෂණයෙන් නිපදවෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ නිසා සුලභ ලෙස අකුණු ඇතිවීමක් දකින්න පුළුවන්. උදාහරණයක් විදියට රුවන්වැල්ල ඇහැලියගොඩ හා කිතුල්ගල අතර සුප්‍රකට අකුණු ත්‍රිකෝණය යනුවෙන් ප්‍රසිද්ධ කලාපය ගන්න පුළුවන්. ඉහත සදහන් හිගුරකන්ද කියන්නේ දැරණියගල හිගුරලකන්ද නම් මේක කුළුණක වරදක් කියල හිතන්න එපා. අනෙක් අතට කුළුණු වලින් අකුණු ඇදගෙන බිම්ගත කරන නිසා එයින් අසල්වාසීන්ට ලැබෙන්නේ ආරක්ෂාවක්.
හරියට අකුණු සන්නායකයක් තියෙනවා නම් ඔය අකුණු වලින් ඒ අවට අයට ලැබෙන්නෙ ආරක්ෂාවක්... අධිකරණය ඉංජිනේරැවෙක්ගෙන් උපදෙස් ගත්ත නම් මෙවැනි තීරණයක් දෙන එකක් නැහැ නෙ...
මොකද්ද මේ මෝඩ කොමිසම?? ඇයි ඔවුන්ට නිසි උපදෙස් දෙන්නෙ නැත්තෙ??
මෙහව් රටක ජීවත්වීමට සිදුවීම ගැන අපට ලැජ්ජයි...!! නොදියුණු ගෝත්‍රිකයො වගේ..
කිරි අප්පෝ එන පොට හොදනෑ. සාස්තරේ හැටියට තියෙන දොස් බංගවෙන්න බලියක් අරල පිදේනියක් දීල සුරයක් බදින්නයි වෙන්නෙ.....
ඉන්දික,විශ්ව කුමාර,හර්ෂ රණසිංහ,තිලක් අකුණු සන්නායක කියල දෙයක් තියනවද? සන්නයකයකින් කරන්නේ ගමන් කරවන එක. අකුණක් ඔය පුංචි කම්බියක් දිගේ යවන්න පුලුවන්නම් එක මාර වැඩක්. අකුණු නිරෝදක වලින් කරන්නේ කුලුනට ඉහලින් අකුණක් ඇතිවීම වලක්වා එක කුලුනට ඉහලින් තල්ලු කරලා දැමීම . එකෙන් කුලුන අවට අකුණු ඇතිවීමට පුළුවන්. විදුලි සංදේශ නියාමන කොමිසම හැම සමාගමකටම කුළුණු හදන්න අවසර දුන්න. එතකොට එක තැනක කුළුණු වෙනවෙනම තියනවා.එක කුළුණකින් හැම සමාගමකටම වේද කරගන්න පුළුවන්. විදුලි සංදේශ නියාමන කොමිසම කලේ මෝඩ වැඩක්. එක ප්‍රදේශයක එක කුළුණක් හදන්න අවසර දීල එක අනික් සමාගම් වලට කුලියට ගන්න පහසුකම් සලසුවනම් ලංකාවේ කුළුණු මෙචර වැඩි වෙන්නේ නැහැනේ
නාමල් මෝඩයි තමයි.හරියටම හරි.වැස්සකවත් ඉස්කෝලෙකට ගිහින්ද දන්නේ නෑ
නාමල් මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා....
භරණ, හරියටම හරි...
http://en.wikipedia.org/wiki/Lightning_rod අකුණු ආරක්ෂාව ගැන පොඩි ලිපියක්
නව තාක්ෂනය අනුව නිපදවන අකුණු සන්නායක වර්ග දෙකක් තියනවා වෙළදපලේ. අකුණු ආකර්ෂණ සහ විකර්ශන යනුවෙන්.ආකර්ෂණ අකුණු සන්නාහකයක් හොදින් බූගත කිරීමේදී ගනකම් තබා සන්නායක යෙදීම අනිවාර්යයි. මෙම තඹ පටි වටිනාකම නිසාම හොරු කපා ගැනීම ලංකාවටම පොදුවුණ දෙයක්. තඹ සන්නායකය අතුරුදන්වුනවිට කුලුනට අකුණු මගින් හානිවීම සාමාන්‍ය දෙයක්. මෙම නිසාම සමාගම් මගින් කුළුණු සවිකිරීමීදී අකුණු විකර්ශන සන්නායක බාවිතා කරනවා. මෙමගින් කුලුණ වෙත ඇදගන්නා අකුණු අවටට විසිකිරීම සිදුවනවා. මෙම අකුණු විකර්ශන කොලඹ වෙළදපලට හදුන්වාදී ඇත්තේ මගේ මතකයට අනුව 1985 දී
නාමල් නොදන්නා දේවල් කතාකරන්න එපා. අකුණු සන්නායකයක හීන් කම්බිය දිගේ බිම්ගත කරවන්නේ අකුණක් ඇතිවීමට ටිකෙන් ටික එකතු වන විද්‍යුතය මිස අකුණක පවතින මුළු වෝල්ටීයතාවය නොවේ. අනික, " අකුණු සන්නයකයකින් අකුණු අවට ප්‍රදේශ වලට තල්ලු කරනවා" කියන කතාව ඔයා මොන පොතෙන්ද ඉගෙනගත්තේ? මේවගේ මාර්තෘකාවක් ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙන්න විද්‍යාව පොතක් වත් කියවලා එනවානම් නේද හොඳ? ගමේ මිනිස්සු කටට ආවට කියන කතා යලිත් පුනරුච්චාරණය කරන්න නම් වෙබ් තාක්ෂනය මොකටද? ඔය කුලුන ඉවත් කරලා බලමුකෝ අකුණු ගහන එක නවතීද කියලා...
නාමල්ට ඇස්පේනවද ??අර පුංචියි කියන කම්බිය දැක්කොත් ඔයාම ටොක්කක් ඇන ගණීවි....
නාමල් මහත්මය අහල තියෙන නිසා ලියන්නේ. ලෝකේ අකුණු වලින් ආරක්ෂා කිරීම පළමුවෙන්ම හොයාගත්තේ ලංකාවේ අපේ මුතුන්මිත්තෝ කියල ආඩම්බරෙන් කිවයුතුයි. අපේ පැරණි මහ දාගැබ් ස්තුප ආරක්ෂා වුනේ එනිසයි. එහි මුදුනේ උල් වූ ලෝහමය කොත නිසා අකුණු එහි ඇදගත්ත. එතැන් පටන් ක්‍රමයෙන් විශාල වන බඳ කොටස දැවැන්ත විද්‍යුත් කන් ඩෙන් සරයක් ලෙස ක්‍රියා කරමින් අකුණක විද්‍යුත් ශක්තිය තුනී කරලා භූ ගත වුනා. එනිසා දාගැබට හානි වුනේ නෑ. අකුණු සන්නායක කියන්නේ බොහෝවිට ලොකු තඹ කුරු පටි හෝ ඇඹරූ කම්බි ගොඩක්. අපට ආරක්ෂා කරන්න ඕනේ ගොඩනැගිල්ල මුදුනේ මීටර් දෙකක් විතර ඉහලට සවි කල තඹ හෝ ඇලුමිනියම් පොල්ලක් සවිකරලා ඒකෙ ඉඳල ගොඩනැගිල්ලට පිටින් තඹ හෝ ඇලුමිනියම් ඝන පටි හෝ කම්බි මගින් මීටර් 1-2 ගැඹුරේ බිම්ගත යකඩ තඹ හෝ ඇලුමිනියම් තහඩුවකට සම්බන්ධ කරනවා. ඔය කියන විදුලි සංදේශ කුළුණු වල අකුණු සන්නායක lightninig conductors මගින් කණුවට සහ එහි සවිකර ඇති උපකරණ වලට ආරක්ෂාව සපයන අතර lightning arresters මගින් එහි සංවේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යුත් උපකරණ ආරක්ෂා කරනවා. මේ නිසා විදුලි සංදේශ කුළුණු වලින් අසල්වාසීන්ට අකුණුවලින් ආරක්ෂාවක් මිස හානියක් වෙන්නේ නෑ. හැබැයි විදුලි සංදේශ කුළුණු වලින් ඇති වන විද්‍යුත් චුම්බක ශක්ති කදම්බ මගින් සෞඛ්‍යයට හානි විය හැකිය කියන කාරණයට මෙයින් කිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.
කුරුල්ලනේ වරෙල්ලා ... කුළුණු මකන්න අකුණු ගහමු.
ඔව් ඔබ හරි...
විශ්ව කුමාර ඔයා හරි... කුලුනකට ආසන්නව සිටින අය අකුනුවලින් ආරක්ෂා කරනවා.. මොකද කුලුණ එම අකුණු ආරක්ෂිතව පොළවට ලබාදෙනවා.. එකම දේ එම කුලුන නිවැරදි ලෙස පොලවට බිම් කම්බිය මගින් සම්බන්ධ කර තිබිය යුතුය.
ඉංජිනේරුවන්ගේ උපදෙස් නැතිව විදුලි සංදේශ නියාමන කොමිසම ඇයි කියන්නෙ කුළුණ ඉවත් කරන්න කියලා.. මේක විදුලි සංදේශ නියාමන කොමිසමේ විහිළුවක්.. කවුරුවත් රැකියාව ගැන හරියට දන්නෙ නැහැ..
විශ්ව හරි.. නමුත් අනවශ්‍ය ලෙස ඉහළට එසවුණු කණුවකින් අහක යන අකුණු ඇදල ගන්නවාත් ඇති.. විදුලි සන්දේශ නියාමන කොමිසමෙත් ඉන්නෙ ඉටිපන්දම් හදුන්කූරැ නෙමෙයිනෙ..
විශ්වාස කරන්න..ඔබේ කියමන හරියටම හරි...දැන් පොඩි ළමයින්ටත් මේ නිළධාරීන්ට වඩා දැනුම තියෙනවා....
නෑ වැස්ස නවත්වමු..
මම හිතුවේ වටේ පිටේ අකුණුත් එයාට ඇද්ද අර්ත් කම්බියෙන් පොලවට යවනව කියලා.....
විදුලි සන්දේශ නියාමන කොමිසමේ ඉන්නෙ එතාට ඒකවත් තේරැම් ගන්න බැරි අයද? ඒ මිනිස්සු නියෝග කරන්න ඕන ගලවන්න නෙමෙයිනෙ.. ඒක හරියාකාරව හදන්නනෙ...
කළයුත්තේ සම්ප්‍රෙශණ කුළුණ ඉවත් නොකර එය නිවරැදිව භූගත කරලද බලලා එය නිවරැදි කිරීමයි.. කුලුන ඉවත් කිරීමට තීරණය කිරීම විහිලුවක්...
ඇත්තෙන්ම හරි විදියට හදපු සම්ප්‍රේශණ කුළුනකින් අකුණු ආරක්ශාවක් ලැබෙනවා. කුළුනක් (හෝ සුලං බලාගාර කුළුණක්) වුනාම අනිවාර්‍යයෙන්ම අකුණු සන්නායකයක් තියෙන්න ඕනි. ඒ අකුණු සන්නායකය නිවැරදි විදියට බිම් ගන්වලා තියෙනවානම් ඒකෙන් අවට ප්‍රදේශයට අකුණු වලින් ආරක්ශාවක් ලැබෙනවා. දැන් බලමු මේ මිනිස්සු නැවත මේ කණුව ඉල්ලන හැටි..
හරියට භූගත කළානම් ඔය අවුල් වෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට කුලුනු ගහන එක හරියට කරන්නෙ නැහැ. නැත්නම් තඹ කම්බි වෙන කවුරැහරි කපාගෙන යනවා.. විදුලි සංදේශ නියාමන කොමිසමේන අහඹු ලෙස තෝරාගත් කුලුණුවල "earth resistance" මැන්නොත් මේක බලාගන්න පුළුවං..
මේ කුළුණු අපේ රටට හෙණ ගේනවා .මොබයිල් ෆෝන් තහනම් කරමු..සල්ලිත් ඉතුරුයි..
ඒ ප්‍රශ්ණය පිලිබද ව විස්තරයට අදාළ අය තීන්දු තීරණ ගනීවි. අපි කලබල නොවී ඉමු..
කුළුණු වලින් වගේම පොළවෙනුත් අකුණු අදිනවාග එතකොට බලයේ සම්ප්‍රයුක්තය දිශාවට තමයි අකුණු යන්නේ. මෙය තමයි කවුරුත් ජනතාවට හන්ගන විද්‍යාත්මක සත්‍යය.
කුළුණු වලින් වගේම පොළවෙනුත් අකුණු අදිනවාග එතකොට බලයේ සම්ප්‍රයුක්තය දිශාවට තමයි අකුණු යන්නේ. මෙය තමයි කවුරුත් ජනතාවට හන්ගන විද්‍යාත්මක සත්‍යය.මේ නිසා ළඟ අකුණු භූගත වූවාට ඈත අකුණු ළඟට ගෙන්නා ගන්න පුළුවන්.
ඔය කියන කුළුණ ජයවර්ධනපුර පැත්තට වෙන්න ආයිත් හිටවන්න.ඒක මුලු ජාතියටම කරන ලොකු පිනක්.සේවයක්
අනෙක් රට වලට සාපේක්ෂව මෙහේ අකුණු අනතුරු වැඩියි.හේතුව නිසි ප්‍රමිතියක් නැති කම.භූගත කරන රැහැන් නිසි අයුරින් කරනවද කියලා බලන්න ඕනි
හැම සම්ප්‍රේෂණ කුලුනක්ම භූගත කලාම අකුණුවලින් ඒ පැති වලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. හැම ජංගම දුරකථන කුලුනකමත් භූගත කරන්න ඕන.
රජයේ ආයතන වල ඉන්න සමහර අයට නිසි උගත්කමක් නෑ