
(සජිත් ගයාන් උබයපාල)
රඹෑව ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ බොරුලුහින්න ගම්මානයේ වෙල් යායක වැඩ කරමින් සිටි කාන්තාවන් තිදෙනකුට අද සවස අකුණුසැර වැදීමෙන් කාන්තාවන් දෙදෙනකු මිය ගොස් ඇති අතර එක් කාන්තාවක් තුවාල ලබා රඹෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහල වෙත වැඩිදුර ප්රතිකාර සදහා මාරු කර යවා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි චි කේ.හේමමාලී මහත්මිය සහ 26 හැවිරිදි දුලාරී නැමැති කාන්තාවකී.
මෙම පිරිස කුඹුරේ තිබූ ගසක් අසලට ගොස් රැදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. මේ වන විට මිය ගිය කාන්තාවන්ගේ මෘත ශරීර රඹෑව රෝහලේ ඇති බවට තොරතුරු මගින් අනාවරණය විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd