
(ගයාන් සූරිය ආරච්චි)
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කීපදෙනකු ඇසුරු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහ කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇත.
මෙසේ සේවයෙන් පහ කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
එම උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව ගොනු කර තිබූ චෝදනා පත්‍රයට අදාළව පොලිසිය කළ විමර්ශන වලදී සැකකරු එම චෝදනාවලට වරද පිළිගෙන තිබූ බව විමර්ශන නිලධාරීහු පවසති.
ඒ අනුව එම උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයාගේ නියෝග මත පියවර ගෙන තිබුණි.
ඊට අමතරව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පසුගිය සිංහල අලුත් අවුරුදු දින අකුරැස්ස ප්‍රදේශයේ පැවති අවුරුදු සාදයකට සහභාගි වූ පිරිසක් අත් අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ල කෑ බවට ද චෝදනා එල්ල වී තිබූ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd