ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම ධූරයෙන් නෙරපා හැරීම සඳහා වන යෝජනාව දෙදිනක විවාදයෙන් පසු මින් මද වේලාවකට කලින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ දී බහුතර ඡන්දයෙන් සම්මත විය. යෝජනාව පක්ෂව ඡන්ද 155 ලැබිණි. විපක්ෂව ඡන්ද 49 ලැබිණි. ඡන්දය නමින්ම විමැසිණි.
මෙම යෝජනාව ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනපතිවරයා විසින් කැරෙන නියමයකින් ඇය පදවියෙන් ඉවත් කළ හැකි බව ශ්‍රිලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) සඳහන් වේ. ජනපති විසින් ස්වකීය අත්සන යටතේ නිකුත් කරන අධිකාර පත්‍රයක් මගින් අග විනිසුරු ආචාර්ය උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලොගේ ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිමට හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) වගන්තියේ සඳහන් වේ. 30ක් නොඑති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ විශිෂ්ටයි, දැන් ඉතින් යාමට අවසරයි (දී)
අපි දන්නවා ඕක ඔහොම වෙන බව. (නි)
දැන් අපිට පාරේ යනකොට රෙදිපිළි අවශ්‍ය නැහැ ඇඳගෙන යන්න. ඒකම ලොකු ජයග්‍රහණයක්. (නි)
දැන් එපා කියපු කට්ටියට නින්ද යයි (දී)
77 ව්‍යවස්ථාවට ජය වේවා (ස)
එතුමිය එපා කියපු අය දිනුම් (දී)
අද හැබෑ මහජන මතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙනවාද යන්න නැවත විමසා බලන්න වටින කාරණයක්. (නි)
අනේ අපොයි (දී)
අග විනිසුරුතුමියණි, ඔබ ඉවත් කිරීමෙන් පසුව නිදහස් පුරවැසියෙකු වනු ඇත.....කරුණාකර ඔබට දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු වූ සත්‍ය කාරණාව රටට හෙලි කරන්න..ඔබේ උගත් කමේ වටිනාකම අපේ රටට අගයක් නැති බැවින් වෙන රටකට හෝ එහි සේවය ලබා දෙන්න.ඔබ ලබාදුන් තීරණ වලින් වැරදිකාරයන් වූ වැරදිකාරයෝ දැන් නිදහස් වනු ඇති (ස)
අයියෝ ශ්‍රියානි (දී)
ලංකා වාසින් හට ජයවේවා (දී)
මට මගේ රට ගැන දුකයි. ලෝකයා හිනාවෙනව අපිට. ඒ දියුණු ලෝකයේ, අපි තාමත් ගල් යුගයේ. දේශපාලනය මනුස්සකම හීනකරලා, හිත් අපිරිසිදු කරලා. මේ අද අපි දකින්නේ දියුණුව නොවෙයි, අඝාධයයි. මනුස්සයා තිරිසන්නු වෙලා, හිත් පිත් නැති කෙලෙහි ගුණ නොදන්නා ජාතියක් වෙලා. දේශපාලනයේ අතකොලු වෙලා. දුකයි,කණගාටුයි, රටකට ගිය කලක්. බුද්ධිමත්ව හිතන්න, යමක් කරන්නට පෙර සිතා බලන්න. ඔලුවත් කදත් ලොකුවට තිබුනට ඥානය පහළවෙලා නැහැ. (නි)
අපේ මිනිස්සුන්ට මොනවා නැතත් මේ ඇති (ස)
මිනිස්සු කෑගහන්නේ මොකුත් දන්නේ නැතිවයි (දී)
ජයවේවා (දී)
මට මේ අදහස් දෑක්කම හරිම කණගාටුවක් ඇතිවෙනවා. (නි)
අයියෝ සල්ලි (දී)
අධිකරණය වෙනුවෙන් නව අගවිනිසුරු ඉක්මනටම පත් කරන්න (දී)
දැන් කට්ටියට සතුටුයි, කිරි බත් කමු (දී)
ලුම්බිණි, ඔයා අදද දන්නෙ ඔයාලා රෙදිපිළි නැතුවයි ඉන්නෙ කියලා. (නි)
නන්දන හරි. (නි)
ශිරාණි සහ රිසානා යන දෙදෙනාම ලක් ඉතිහාසයේ අභීත කාන්තාවන් වනු ඇත. (නි)
නිතියට සැවොම බැදී ඉන්නවා (දී)
විශිෂ්ටයි. (නි)
ඇයි මේ රටේ ජනතාව විසින් පත්කරපු, මාස්පතා පඩි ලබාගන්නා නියෝජිතයන් ඡන්දය නොදී ඉන්නේ? නොදන්න කමට අහන්නේ (ස)
අයියෝ සල්ලි (දී)
ලංකාවේ නිතිය ඔහොම තමයි අපිට වැරද්දක් කියන්න බැහැ (දී)
මොනවා කරන්නද ඉතින් (දී)
ජය වේවා! (නි)
අයියෝ සල්ලි (දී)
ලංකා නිතිය අනුව අතිශය නිත්‍යානුකුලයි (දී)
ඔන්න ඒ තීරණයට කැමති මිනිසුන්ට නින්ද යයි (දී)
ඔය තනතුරු වල ස්වභාවය ඔහොමතමයි (දී)
ඇති යන්තම් ඒකත් ඉවරවුණා. (නි)
අපේ මිනිස්සු කවදද හිතලා මතලා වැඩ කළේ? (නි)
දැන් මොකද කරන්නේ (දී)
අයියෝ සල්ලි (දී)
ජය වේවා! (නි)
අන්ත්මට ඔන්න ඔහොමලු උනේ (දී)
ඇයටත් ගරු අධිකරණයට හා නීතීඥ ප්‍රජාවටත් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ඉඩදී දේශපාලන ධාරාවන් පසෙකට වී සිටියානම් ජනතාව බේද නැතිවම ඇය වටා රොක්වීම වළක්වන්නට බැරිව තිබූ කරුණකි. (නි)
කොහොම වුණත් නීතිඥයොත් දැන් දෙපිළක් බෙදිලා. (නි)
මේ අවසන් වුණේ දෝෂාභියෝගයද? රටේ නිදහසද? (නි)
ජයවේවා! (නි)
ලංකාවේ ජයග්‍රහණයක් මේක. (නි)