IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අංගම් පොර පූජාවක්

සුරාසුර යුද්ධයෙන් ජය ලැබීමට සුරයින් වන දෙවි වරුන්ට නොහැකි වු තැන ඊෂ්වරයා විසින් කඳ කුමරුන්  බිහි කර අසුරයින් පරාජය කළ බව දේව කථා වල සඳහන්වේ.

මෙම හේතුව මත කතරගම දෙවියන් හෙවත් මුරුගන්. සුබ‍්‍රමනියම්. කඳකුමරුවන් වැනි නම් වලින් හදුන්වනු කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් ලෙස ප‍්‍රකටය.

 අතීතයේ දි අප රටේ පැවති  යුද්ධ අතර දුටුගැමුණු එළාර යුද්ධයේ දි දුටුගැමුණු මහා රජතුමාද කතරගම දෙවියන්ගෙන් ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර යුද්ධයෙන් ජය ලබා අද වර්තමානයේ කතරගම දේවාලය සාදවා සිය බාරය ඔප්පු කළ බව සඳහන්වේ. 1818 දී සුදු අධිරාජ්‍යයින්ගෙන් මව්බිම බේරා ගන්නට සටන් කළ වීරකැප්පොටිපොළ නිළමේ ද. කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ගෙන පරදේශක්කාරයින්ට පහරදුන් බව කොහුකුඹරේ රටේ රාළගේ සටහන් තුල සදහන්වේ.

මේ අනුව කතරගම දෙවියන් ලොව පැවති  ඉතිහාස යුද වල දි සිය‍ළුම දෙනා ආශිර්වාදය ප‍්‍රාර්ථාන කරගත් එකම දෙවියකු බවට පත්ව තිබේ.

අප රටේ සටන් කලාවක් ප‍්‍රගුණ කළ ලබන ශිල්පිහු ද සිය  සටන් පුහුණු වීමෙන් පසුව කතරගම පුදබිම වෙත පැමිණ දෙවියන්ගේ ආශිර්වාදය ල බා ගනු ගනිති.

 මෙම සිරිත අනුව දේශිය සටන් කලාවක් වන අංගම් පොර හෙවත් රණ කෙළි පුජාවක් අද ( 18)  ශී‍්‍ර ලංකා පාරම්පරික දේශිය සටන් කලා සංගමයක් වන අතුරුගිරි ශාඛාවේ සමාජකයෝ කතරගම දේවාලය ඉදිරිපිට දි රග දක්වා රණ කෙළි පුජාව පැවැත්වූහ.

වසර පහක් පුරා අංගම් පොර ප‍්‍රගුණ කර මෙම සටන් කළා සංගමයේ  සමාජිකයෝ තම හැකියා දෙවියන් ඉදිරියේ පෙන්වා ආශිර්වාදය ප‍්‍රාර්ථානා කරන බව සංගමයේ ප‍්‍රධාන සංවිධායක පී එදිරිසිංහ ගුරුතුමා පැවැසූහ.

අංගම් පොර සටන් කලාව වීරකැප්පොටි පොළ නිළමේ හා බිබිල කොහුකුඹුරේ රටේ රාල 1818 දි පැවති කැරැල්ලේ දි සුද්දන් මවිත කරවමින් පහරදුන් බව අදත් ඌවේ ජනයා  පවසති.

මේ කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක  කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ අතීතයේ දි කුංෂු කලාව බිහිවුයේ පන්සලින් බවයි.

අදත් චීනයේ මහා සංඝයා මෙම සටන් කලාවන් ප‍්‍රගුණ කරනවා. මෙයට ප‍්‍රධන හේතුව තමයි පන්සල් රැක ගැනීමට මෙම සටන් කළාව හැදැරිමයි. වැඩි වටිනා කමක් ඇති පෞරාණික වස්තු ඇත්තේ පංසල් වල මෙම වස්තු පැහැර ගැනීමට සොර් සතුරු කරදුර පන්සල්වල තිබුණා ඒක නිසා මිනිසුන්ට හිරිහැරයක් කරන්න පහර දෙන්න නොව පන්සල් වල වස්තුව සොර සතුරන්ගෙන් බේරා ගැනීම පිණිස කුංෂු වැනි සටන් කලාවන් සංඝයා වහන්සේලා ප‍්‍රගුණ කළා අදත් එය අධ්‍යාත්මික සුවයක් ශරිරියට ව්‍යායාමයක්.

_S5A7116 _S5A7438 1 3 5 6 10



අදහස් (0)

අංගම් පොර පූජාවක්

සිසිර Monday, 19 September 2016 01:45 AM

ජයන්ත චන්ද්‍රසිරිගේ උසස් ටෙලි නාට්‍යයක් වූ "දඬුබස්නාමානය" සිහියට නැඟෙනවා. (නි)

:       0       0

දයානි Sunday, 18 September 2016 10:14 AM

බොහොම හොදයි අපේ පැරණි සටන් ක්‍රම (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 99 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 298 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 476 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 742 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 603 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1292 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site