IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අගමැති ඇතුළු දූත පිරිස ගුයාන් වරායේ

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස අද(14) පෙරවරුවේ චීනයේ චොංජිං නගරයේ ගුයාන් වරාය සහ බහාලූම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

පැරණි සේද මාවතේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ යැංසි නදිය ආශ්‍රිතව රට අභ්‍යන්තරයේ වරාය සහ බහාලූම් පර්යන්ත ගණනාවක් ඉදිකර ඇති අතර ඒ අතරට එක්වූ නවතම පර්යන්තය ගුයාන් වරාය සහ බහාලූම් පර්යන්තයයි. මෙම පර්යන්තයේ භාණ්ඩ බෑම සහ පැටවීම සඳහා ජැටි 16 ක් ඉදිකර ඇති අතර එක්වර ටොන් 5000 ක භාණ්ඩ හැසිරවිමේ ශක්‍යතාව ද සතුය. යැංසි නදිය ඉවුරේ මීටර් 2800 ක් පුරා විහිදෙන ආකාරයට බහාලූම් පර්යන්තය ඉදිකර ඇති අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සම්බන්ධතාව ද ඉදි කෙරෙමින් පවතී.

මෙම බහාලූම් පර්යන්තයේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ නිම කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසු අභ්‍යන්තර බහාලූම් පර්යන්තයන් අතර මුලික ස්ථානයක් අත්පත් කර ගැනීමේ සහ ජල, මහාමාර්ග, දුම්රිය හා ගුවන් ප්‍රවාහන පද්ධති එකට යා කෙරෙන ජාතික ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ හැකියාව ද සතු වනු ඇතැයි චොංජිං බලධාරීහු අපේක්‍ෂා කරති.

මේ වසරේ ජනවාරියේ දී චීන ජනාධිපති ෂි ජින්පිං මහතා වරාය නිරීක්‍ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව පැවසූයේ “මෙම ව්‍යාපෘතිය පොරොන්දු ඉටු කිරීමේ සහ සැපිරීමේ පරිපූරණත්වයට උදාහරණ ලෙස ගත හැකි” බවය.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වෙළෙද හා නාවුක ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දී ගුයාන් වරාය වැනි අභ්‍යන්තර වරායන් හා සම්බන්ධ වීමේ හැකියාව සහ අවශ්‍යතාව පිළිබඳව ද ශ්‍රී ලාංකීය නියෝජිත පිරිස මෙහිදී අවධානය යොමු කළහ.

B37A7839 B37A7844 B37A7847

 



අදහස් (0)

අගමැති ඇතුළු දූත පිරිස ගුයාන් වරායේ

විද්‍යා Sunday, 14 August 2016 12:36 PM

නොරෝච්චේලේ කාපු එක්කෙනත් ගිහින් වගේ (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 14 August 2016 11:01 AM

මෙතන චීන්නුන්න්ට වඩා ලංකාවේ අය වගෙයි ඉන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 184 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 492 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 292 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 203 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 951 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 814 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site