IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අගමැති රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

(යොහාන් භාසුර)
පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය  ආයතන ලබන වසරේ (2022) විශේෂ ප්‍රගතියක් ලබාගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) පැවසීය.
වර්තමානයේ පාඩු ලබන ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කර ගැනීම කෙරෙහි සියලු නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බව යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අභියෝගාත්මක කාලයේ  වැඩ අඩපණවීමට ඉඩ නොදිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා මාර්ගයෙන් කඩිනම්ව අවශ්‍ය  තීරණ ගෙන නීත්‍යානුකූලව අදාල කාර්යයන් නිසිපරිදි අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ද කීය.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා අනුබද්ධ ආයතනයන්හි තෙවන කාර්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස එක්වෙමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා එසේ පැවසීය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“ආයතන අතර සහයෝගයෙන් කරන ව්‍යාපෘතිවලදී එය අවසන් කිරීම සඳහා සියලු ආයතනවල සහයෝගය ලබාදීම වැදගත්, වෙළඳපොලේ ටයිල් හිඟයක් ඇති වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සිමෙන්ති සහ යකඩ හිඟවීමකින් තොරව ලබාදීම කෙරෙහිත් අවධානය යොමු කළ යුතුයි.
ඉදිකිරීම් සඳහා ආනයන කරන අමුද්‍රව්‍යවල තත්ත්වය නිවැරදි විය යුතුයි. නිවැරදි තත්ත්වයෙන් යුතු අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ආනයනකරුවන්ට මඟපෙන්වීම වැදගත්. පසුගිය යහපාලන රජය ගෙන ගිය අදුරදර්ශී වැඩපිළිවෙළ සමඟ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වය දක්වා පැමිණෙමින් තිබෙනවා”
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය  කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී අරමුණ පැහැදිලි කළ අතර එම අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වර්තමාන සමස්ත ප්‍රගතිය ඉදිරිපත් කළේය.



අදහස් (5)

අගමැති රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ravin Saturday, 27 November 2021 08:37 AM

හම්බවෙලා කියන්නද දේශපාලුවන්ගේ වැඩවලට ඉඩහරින්න.

:       0       5

nimelen Saturday, 27 November 2021 11:40 AM

දුමින්ද ලොක්කත් ඉන්නේ...

:       0       6

Shan Saturday, 27 November 2021 02:13 PM

යන තැනකට වැඩක් කරගන්න හලෝ... අපිට තවත් පවු දෙන්නේ නැතිව...

:       0       6

විපරමා Saturday, 27 November 2021 03:19 PM

එයාර් ලංකා සමාගමේ සභාපතියා වගේ ඉහළ තනතුරුවලට තමුන්ගේ පවුලේ අයව දාගෙන රට බංකොළොත් වෙනතැනට වැඩ සිද්ද කරලා.. ඒ මදිවට රටම, ලෝකෙටම ණයකාරයින් කෙරුවේ කවුද..?

:       0       5

ගමේ එකාලා Saturday, 27 November 2021 05:54 PM

තමා සම්මතෙහි පිහිටා පටන් ගන්න තිබුණු දෙයක්... රටම විනාශ වෙන තැනට කටයුතු කෙරුවා.. සදහටම හිරේට ගිය අයත් ලන්කරගෙන සභාපතිකම දිලා තියෙන එකේ ප්‍රගතිය බලාගන්න බැරි වෙන එකක් නැහැ. වැදි බණ කියන්නේ මේවට..

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 593 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 559 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 422 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 613 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 2540 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 361 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27200 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 18964 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1874 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site