IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අගමැතිකමට සජිත් : හරීන් යෝජනා කරයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම යෝජනා කරන බව ඌව පළාත් සභාවට තරඟ කර වැඩිම මනාප ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළොන්නාවේ එජාප බල මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ කියද්දී සභාවෙන් ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මතුවිය.

සංවිධායක හා බස්නාහිර පළාත් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. ‘‘පක්ෂයේ ගැටුම් ඉවරයි සියලු දෙනාම දැන් සමගියෙන් ජයග්‍රහණය පතා ඉදිරියටම යාමේ අවස්ථාව උදාවෙලා.” යැයිද ප්‍රනාන්දු මහතා කීවේය.

 



අදහස් (0)

අගමැතිකමට සජිත් : හරීන් යෝජනා කරයි

භද්‍රා පෙරේරා Monday, 06 October 2014 05:44 AM

සජිත් නිතරම කියන්නේ තාත්තාගේ ක්‍රමය නැවත පණ ගන්වන බවයි. එ්කත් හරියට තනුවක් නිර්මාණය කරගන්න බැරි ගායකයෙකුගේ පුතෙක් පියා මල පසු පියාගේ ගීත ගායනා කරන්නට උත්සාහ කරන්න වගේ වැඩක්. රනිල් නියෝජ්‍ය නායකයා කරගත්තේ යුඑන්පිය නැවත ප්‍රේමදාස ක්‍රමය පණගන්වන්නද කියල බුද්ධිමත් යුඑන්පි සාමාජිකයෝ අහනවා. බලයක් නම් ලැබෙන්නේ නැති උනත් රනිල් තම බලය තුලින් පක්ෂයේ ප්‍රේමදාස භූමිකාව රඟපාන්නට දඟලන නළු "නිළියන්ට" ටිකට් එක දිය යුතුයි. (නදී)

:       0       0

දේශාන් Monday, 06 October 2014 07:04 AM

මේකේ අදහස් දාලා ඉන්න සමහර අය ගැන කතාකරලා වැඩක් නැහැ. කොහොම වුණත් රණසිංහ ප්‍රේමදාස යුගයට සමකරන්න හැකි යුගයක් අපේ දේශපාලන ඉතිහාසයේම නැති වග මගේ හැඟීමයි. ඵෙතිහාසික ජයක් මෙවර රනිල් සජිත් ගන්න බවට අපි එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස අභියෝග කරනවා. (නි)

:       0       1

අතුල Sunday, 05 October 2014 02:36 PM

මේක තවත් කුමන්ත්‍රණයක්ද? මොකද මාස 6 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කලට පසුව රනිල් ජනාධිපති කමෙන් අස් වන්න ඕන. සජිත් අගමැති උනොත්, රනිල්ට වෙන්නේ සජිත් යටතේ සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් විධියට කටයුතු කරන්නද? (නදී)

:       0       0

ධම්ම Sunday, 05 October 2014 03:34 PM

අතුල, ඔයත් මාස 6 න් විධායක ජනාධිපති ධුරය අයින් කරනකන් ඇඟිලි ගැන ගැන ඉන්න අැබිත්තයෙක්ද.? ඕවා කවදාවත් මේ රටේ වෙන්නේ නැහැ. ඕක කරන්න පුළුවන් එකම කෙනා ජනාධිපතිතුමාම පමණයි. (නදී)

:       0       0

ඩිල්ශාන් Sunday, 05 October 2014 04:00 PM

මේ යෝජනාව කරලා තියෙන්නේ කොයි රටේ පාර්ලිමේන්තුවටද.? මෙයාලා වෙන රටකට තරඟ කරලා ගත්තේ නැත්නම් මේ කපේදී අපේ රටෙන් නම් ගන්න බැහ. මොකද රවී, මංගල වගේ තව කට්ටිය ඒවාට ඉඩ දෙන්නේ නැහැ. (නදී)

:       0       0

මිනිපෙ Sunday, 05 October 2014 04:21 PM

තනතුරු ගැන කතා නොකර ඡන්දය දිනන්න බලන්න.පළාත් සභා අහෝසි කරන්න,මනාප ඡන්දය ඉවත් කරන්න,ඇමති මණ්ඩලය 32 ට අඩුකරන්න බලන්න. (නි)

:       0       0

මිතිල Sunday, 05 October 2014 04:41 PM

සමගියෙන් ඉන්නවා නම් එච්චරයි ඕනෑ (නි)

:       0       0

රෝහණ‍ Sunday, 05 October 2014 04:48 PM

ටිකිරි බණ්ඩාගේ අදහස මමත් අනුමත කරමි. (නි)

:       0       0

මාලක සමීර Sunday, 05 October 2014 06:54 AM

ඡය වේවා සුභ ගමන් (නදී)

:       0       0

ගාමිණී Sunday, 05 October 2014 07:11 AM

අපි ඔක්කොම එකයි, මෙන්න අත ඉස්සුවා. සජිත්ට ,හරින්ට ජයවේවා. ජනතාවට ජයවේවා. මේ රටේ මධ්‍යම පන්තියටත්, පිඩිත පන්තියටත් සුබ අනාගතයක් වේවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 07:20 AM

අපෝ ඊට වඩා දුෂණයෙන් , භීෂණයෙන්, හොරකමින් සපිරිව මේ යන ගමන හොඳටම හොදයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 07:23 AM

ජනාදිපතිවරණයේදී පුළුවන් තරම් කලේ ජෙනරල්ගේ කකුලෙන් ඇදපු එකමයි. වැඩිය ඕනේ නැහැ ඔය හරින් ප්‍රන්දුගේ රැස්වීමකටවත් එන්නේ නැතිව අසනීපයි කියල මග හැරිය කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

ගයන්ත Sunday, 05 October 2014 07:24 AM

මේ අගමැතිකමෙන් කළ හැක්කේ පන්සල් විවෘත කිරීම, රූවාහිනියට පෙනෙන ලෙස මල් පූජා කිරීම භික්ෂුන්ට බණ දේශනා කිරීම සහ විවිධ ආගමික උත්සව වලට සහභාගී වීම වැනි දේවල්නේ. එතකොට අපිට නැවතත් ප්‍රේමදාස යුගය මතක් වේවි. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම තවත් විහිළුවක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 07:25 AM

මම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන කෙනෙක් නෙමෙයි. එ්ත් රනිල් හොරකම් කලා, මහජන මුදල් ගසා කෑවා, නිදන් හෑරුවා කියල නම් මම කවදාවත් අහල නම් නැහැ. (නදී)

:       0       0

ධම්ම Sunday, 05 October 2014 07:28 AM

පක්ෂයේ ගැටුම් ඉවරයි කිව්වාට අළු යට තියෙන ගිනිත් නිවන්න වෙනවා. නැත්නම් ඊළඟ ගින්නෙන් ඔක්කොම අළුවේලා යනවා. (නදී)

:       0       0

සමන් Sunday, 05 October 2014 07:28 AM

අගමැතිකම්, ඇමතිකම් පස්සේ බෙදා ගන්න බැරියෑ. මන්ත්‍රීතුමා මුලින් ජනාධිපතිවරණය දිනලා ඉන්නකෝ. ඕකට තමයි කියන්නේ " මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා" කියලා. (නදී)

:       0       0

මොරිස් Sunday, 05 October 2014 08:44 PM

පසුගාමී එහෙම නැත්නම් වැඩවසම් ආසියාතික දේශපාලනික මානසිකත්වය යටතේ වැඩකරන්න අමාරුයි. (නි)

:       0       0

දසුන් Sunday, 05 October 2014 07:36 AM

සජිත් තමයි හරියනම කෙනා. ඕක තමයි වෙන්නත් ඕනේ (නදී)

:       0       0

බමුණු Sunday, 05 October 2014 07:44 AM

මේ මිනිස්සු අගමැති වෙන්න හදන්නේ නියෝජ්‍ය ඇමති කමක් වත් කෙරුවද. ඉතින් අපේ රටට හරියාවිද? මිනිස්සු හැගීම් වලට වහල් වෙලා හැමදේම කොරන්නේ (නදී)

:       0       0

සඳුනි Sunday, 05 October 2014 07:48 AM

ඉතා හොදයි...නමුත් අවාසනාවට ඒ වාසනාවන්තයා වන්නේ අඛිල විරාජ් කාරියවසම්...(නදී)

:       0       0

මොහාන් Sunday, 05 October 2014 07:52 AM

වැඩක් වෙන්නේ නෑ. ඉස්සල්ල එන්නේ ජනාධිපතිවරණයනේ. පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙයා දිනුවත් ආයෙත් 2001 වුණා වගේ ඉක්මනට විසුරුවයි. (නදී)

:       0       0

වසන්ත Sunday, 05 October 2014 09:12 PM

අපේ ශරීරයේ රෝමකූපත් කෙළින් වෙනවා මේ කතා වලට. (නි)

:       0       0

පිටිගල Sunday, 05 October 2014 07:53 AM

මම නම් ප්‍රේමදාස කියන නමටත් බයයි. ටිකිරි බණ්ඩා කිව්වා වගේ මේ යන ගමන ඊට වඩා හොඳයි. (නදී)

:       0       0

වීරක්කොඩි ද සිල්වා Sunday, 05 October 2014 07:54 AM

තවත් අස්චාර්ය ගැන බේගල් බාන උන්ට නම් මේවා දිරවන්නේ නැහැ. උන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ නමුත් රටට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් ඉදිරියට එනවට කැමති නැහැ (නදී)

:       0       0

හැරිසන් - නවසීලන්තය Sunday, 05 October 2014 08:00 AM

පරණ ටයර් තව තිබේ (නදී)

:       0       0

හැරිසන් Sunday, 05 October 2014 10:45 PM

මෙහෙම සමගියෙන් හැමදාම ඉන්න බලන්න (නි)

:       0       0

සඳා Sunday, 05 October 2014 08:06 AM

එතකොට මංගල සමරවීර (නදී)

:       0       0

කසුන් Sunday, 05 October 2014 08:13 AM

ජයෙන් ජයම වේවා (නදී)

:       0       0

දයාල් Sunday, 05 October 2014 08:21 AM

ඕකටනේ දැඟලුවේ. යු.එන්.පී ඉවරයිද ? (නදී)

:       0       0

සුනිල් Monday, 06 October 2014 12:13 AM

හරීන් අදහස් කරන්නේ කුමක්ද? (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 05 October 2014 08:52 AM

අපිට මතකයි සජිත් පේමදාස මහතාගේ පියා බලයේ සිටි කාලය. එවන් කාලයක් නැවත නොඑ්වායි පතමි . තාත්තගේ පුතා , පියා අනුගමනය කරාවි. එය සිදු නොවේවායි පතමි. එජාපෙයේ පැරණි පක්ෂය දියුණු කිරීමට වෙහෙස ගත් කෙනෙකුට අගමැති කම ලැබෙනවා. බල ලෝබයට පක්ෂ තනතුරු නොලැබේවා (නදී)

:       0       0

බමුණු Monday, 06 October 2014 01:45 AM

"සජිත් තමයි හරියනම කෙනා. ඕක තමයි වෙන්නත් ඕනේ" ඔය කීවේ ඉතින් අපේ රටට හරියාවිද? මොකක් නිසාද හරියන්නේ මොකක් කෙරුවටද? මොකක් කරන්න ඉන්නවටද? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 05 October 2014 08:59 AM

අපිට නම් ජනතාවගේ කතාවලින් තේරෙන්නේ කොහෙන් හරි කැරකිලා එන්නේ ඊට ඉහල තනතුරට තරඟ කිරීමට සුදුස්සා බවයි (නදී)

:       0       0

දිල් Sunday, 05 October 2014 09:03 AM

ඉතින් ඒ අය ආවත් මේ වගේම තමා. කවුරු හරි කියන්න මොකක්ද වෙන වෙනස කියලා (නදී)

:       0       0

අමරබන්දු Monday, 06 October 2014 02:44 AM

හරීන් වැඩි ඡන්ද ගත්තු නිසා බිම් මට්ටමේ සහ පන්සල් පල්ලි මට්ටමේ වැඩ කරන කෙනෙක් අගමැති කමකට සුදුසුයි කියල යෝජනා කරන්න හදනවා. එක්සත් ජාතික පක්ෂයේ පැරණිම සාමාජිකයෝ තව ඉන්නවා. ඒ අයට පයින් ගහල මෙහෙම කියන එක හරිද කියල සැබෑ යුඑන්පි කාරයෝ අහනවා. (නදී)

:       0       0

සුපුන් Monday, 06 October 2014 02:49 AM

මේ රටට කල්පවතින වැඩක් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි. දුප්පතාගේ කුසගින්න නිවන්න දන්නෙත් ඔය පක්ෂය විතරයි. ඒක අදුනගත්තු හොඳම පාලකයා ආර් ප්‍රේමදාස මහත්තයා. සජිත් මහත්තයත් එ්ක හඳුනාගත්ත කෙනෙක්. ඔබතුමා එනකන් තමා මේ දහසකුත් නොපනත්කම් ඉවසන් ඉන්නේ. හරින් මහත්තයාටත් හොඳ තනතුරක් දැන්ම යෝජනා කරන්න ඕනා. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයකදී. (නදී)

:       0       0

හසී Monday, 06 October 2014 03:26 AM

මීළඟ අාණ්ඩුවත් එක්සත් ජනතා නිදහස් සංධානයෙන්ම තමා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයෙව්වා! (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 06 October 2014 03:50 AM

මම ඉස්සර උදේ පාන්දරින් රැකියාව සදහා ගෙදරින් පිටත් වෙනකොට පාර දෙපැත්තේ අලුතින් පිළිස්සෙන තරුණ තරුණියන්ගේ මල සිරුරු තමයි දකින්නේ. ඒ අතීතය දන්නා කියන කෙනෙක් ප්‍රේමදාස කියන නමටත් බයයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 06 October 2014 03:54 AM

සජිත් කරන්නෙත් පොදු පෙරමුණේ කොන්ත්‍රාත්තුවක් ද කියා වෙලාවකට හිතෙනවා (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 October 2014 04:04 AM

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘති තමයි තාම ලංකාවේ සාර්ථකව දුවන්නේ. ප්‍රේමදාස මහත්තයා මේවා හුරන් කෑවේ නැහැ. වැරදි හොයන්නයි ඒවා නිවැරදි කරන්නයි ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව මතක තියා ගන්න. ටිකිරි සහෝදරයා ඔබට ජය ! (නදී)

:       0       0

සමර බන්දු Sunday, 05 October 2014 10:23 AM

කෙටි සටහනකින් කියමුකෝ. ප්‍රභාකරනුත් අගමැති පොලිස්පති වගේ කට්ටිය පත් කෙරුවා. අපි සෙල්ලන් ගෙවල් හදල සෙල්ලන් කරන කාලෙදිත් ඔය වගේ තනතුරු දුන්නා. මට ඒවා මතක් උනා. (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Sunday, 05 October 2014 10:33 AM

ජනාධිපති අපේක්ෂක කව්ද ? (නදී)

:       0       0

ලියනගේ Sunday, 05 October 2014 10:37 AM

සිහින ලොවක් මැද අගමැති නම් කෙරුවද? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 06 October 2014 04:33 AM

එහෙනම් එයාලා වැඩ පටන් අරගෙන? (නි)

:       0       0

සුනෙත් Monday, 06 October 2014 04:34 AM

දුෂණය වංචාව ගැන කතා කරන උදවියගේ පැටිකිරිය බැලුවොත් හිනා යනවා. (නදී)

:       0       0

සේනාදීර Monday, 06 October 2014 04:36 AM

අනේ ඉතින් මෙතුමලා කතා කරන සුරපුරේ අපිත් හිටිය නේ ඒ කාලේ. (නදී)

:       0       0

පෙරේරා Monday, 06 October 2014 04:54 AM

මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා වගේ වැඩක්. ඉස්සෙල්ල ඡන්දෙ දිනාගන්න අගමැති පත්කරන්න. (නදී)

:       0       0

ගයාන් Monday, 06 October 2014 05:02 AM

සජිත්ට හොඳ පාලකයෙක් වෙන්න බැහැ. ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. . ආර් ප්‍රේමදාස මහතා වැරදි වැඩ ගොඩක් කළ නිසා තමයි එජාපයට මෙහෙම වුනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 36 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 48 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 144 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 260 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 206 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site