එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම යෝජනා කරන බව ඌව පළාත් සභාවට තරඟ කර වැඩිම මනාප ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළොන්නාවේ එජාප බල මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේය. ඔහු එසේ කියද්දී සභාවෙන් ඔල්වරසන් හා ප්‍රීති ඝෝෂා මතුවිය.
සංවිධායක හා බස්නාහිර පළාත් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි. ‘‘පක්ෂයේ ගැටුම් ඉවරයි සියලු දෙනාම දැන් සමගියෙන් ජයග්‍රහණය පතා ඉදිරියටම යාමේ අවස්ථාව උදාවෙලා.” යැයිද ප්‍රනාන්දු මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට කල්පවතින වැඩක් කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි. දුප්පතාගේ කුසගින්න නිවන්න දන්නෙත් ඔය පක්ෂය විතරයි. ඒක අදුනගත්තු හොඳම පාලකයා ආර් ප්‍රේමදාස මහත්තයා. සජිත් මහත්තයත් එ්ක හඳුනාගත්ත කෙනෙක්. ඔබතුමා එනකන් තමා මේ දහසකුත් නොපනත්කම් ඉවසන් ඉන්නේ. හරින් මහත්තයාටත් හොඳ තනතුරක් දැන්ම යෝජනා කරන්න ඕනා. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයකදී. (නදී)
අතුල, ඔයත් මාස 6 න් විධායක ජනාධිපති ධුරය අයින් කරනකන් ඇඟිලි ගැන ගැන ඉන්න අැබිත්තයෙක්ද.? ඕවා කවදාවත් මේ රටේ වෙන්නේ නැහැ. ඕක කරන්න පුළුවන් එකම කෙනා ජනාධිපතිතුමාම පමණයි. (නදී)
මේ යෝජනාව කරලා තියෙන්නේ කොයි රටේ පාර්ලිමේන්තුවටද.? මෙයාලා වෙන රටකට තරඟ කරලා ගත්තේ නැත්නම් මේ කපේදී අපේ රටෙන් නම් ගන්න බැහ. මොකද රවී, මංගල වගේ තව කට්ටිය ඒවාට ඉඩ දෙන්නේ නැහැ. (නදී)
තනතුරු ගැන කතා නොකර ඡන්දය දිනන්න බලන්න.පළාත් සභා අහෝසි කරන්න,මනාප ඡන්දය ඉවත් කරන්න,ඇමති මණ්ඩලය 32 ට අඩුකරන්න බලන්න. (නි)
සමගියෙන් ඉන්නවා නම් එච්චරයි ඕනෑ (නි)
ටිකිරි බණ්ඩාගේ අදහස මමත් අනුමත කරමි. (නි)
පසුගාමී එහෙම නැත්නම් වැඩවසම් ආසියාතික දේශපාලනික මානසිකත්වය යටතේ වැඩකරන්න අමාරුයි. (නි)
අපේ ශරීරයේ රෝමකූපත් කෙළින් වෙනවා මේ කතා වලට. (නි)
මෙහෙම සමගියෙන් හැමදාම ඉන්න බලන්න (නි)
හරීන් අදහස් කරන්නේ කුමක්ද? (නි)
"සජිත් තමයි හරියනම කෙනා. ඕක තමයි වෙන්නත් ඕනේ" ඔය කීවේ ඉතින් අපේ රටට හරියාවිද? මොකක් නිසාද හරියන්නේ මොකක් කෙරුවටද? මොකක් කරන්න ඉන්නවටද? (නදී)
හරීන් වැඩි ඡන්ද ගත්තු නිසා බිම් මට්ටමේ සහ පන්සල් පල්ලි මට්ටමේ වැඩ කරන කෙනෙක් අගමැති කමකට සුදුසුයි කියල යෝජනා කරන්න හදනවා. එක්සත් ජාතික පක්ෂයේ පැරණිම සාමාජිකයෝ තව ඉන්නවා. ඒ අයට පයින් ගහල මෙහෙම කියන එක හරිද කියල සැබෑ යුඑන්පි කාරයෝ අහනවා. (නදී)
මේක තවත් කුමන්ත්‍රණයක්ද? මොකද මාස 6 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කලට පසුව රනිල් ජනාධිපති කමෙන් අස් වන්න ඕන. සජිත් අගමැති උනොත්, රනිල්ට වෙන්නේ සජිත් යටතේ සාමාන්‍ය මන්ත්‍රී වරයෙක් විධියට කටයුතු කරන්නද? (නදී)
මීළඟ අාණ්ඩුවත් එක්සත් ජනතා නිදහස් සංධානයෙන්ම තමා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයෙව්වා! (නදී)
මම ඉස්සර උදේ පාන්දරින් රැකියාව සදහා ගෙදරින් පිටත් වෙනකොට පාර දෙපැත්තේ අලුතින් පිළිස්සෙන තරුණ තරුණියන්ගේ මල සිරුරු තමයි දකින්නේ. ඒ අතීතය දන්නා කියන කෙනෙක් ප්‍රේමදාස කියන නමටත් බයයි. (නදී)
සජිත් කරන්නෙත් පොදු පෙරමුණේ කොන්ත්‍රාත්තුවක් ද කියා වෙලාවකට හිතෙනවා (නදී)
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යාපෘති තමයි තාම ලංකාවේ සාර්ථකව දුවන්නේ. ප්‍රේමදාස මහත්තයා මේවා හුරන් කෑවේ නැහැ. වැරදි හොයන්නයි ඒවා නිවැරදි කරන්නයි ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව මතක තියා ගන්න. ටිකිරි සහෝදරයා ඔබට ජය ! (නදී)
එහෙනම් එයාලා වැඩ පටන් අරගෙන? (නි)
දුෂණය වංචාව ගැන කතා කරන උදවියගේ පැටිකිරිය බැලුවොත් හිනා යනවා. (නදී)
අනේ ඉතින් මෙතුමලා කතා කරන සුරපුරේ අපිත් හිටිය නේ ඒ කාලේ. (නදී)
මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහනවා වගේ වැඩක්. ඉස්සෙල්ල ඡන්දෙ දිනාගන්න අගමැති පත්කරන්න. (නදී)
සජිත්ට හොඳ පාලකයෙක් වෙන්න බැහැ. ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. . ආර් ප්‍රේමදාස මහතා වැරදි වැඩ ගොඩක් කළ නිසා තමයි එජාපයට මෙහෙම වුනේ (නදී)
සජිත් නිතරම කියන්නේ තාත්තාගේ ක්‍රමය නැවත පණ ගන්වන බවයි. එ්කත් හරියට තනුවක් නිර්මාණය කරගන්න බැරි ගායකයෙකුගේ පුතෙක් පියා මල පසු පියාගේ ගීත ගායනා කරන්නට උත්සාහ කරන්න වගේ වැඩක්. රනිල් නියෝජ්‍ය නායකයා කරගත්තේ යුඑන්පිය නැවත ප්‍රේමදාස ක්‍රමය පණගන්වන්නද කියල බුද්ධිමත් යුඑන්පි සාමාජිකයෝ අහනවා. බලයක් නම් ලැබෙන්නේ නැති උනත් රනිල් තම බලය තුලින් පක්ෂයේ ප්‍රේමදාස භූමිකාව රඟපාන්නට දඟලන නළු "නිළියන්ට" ටිකට් එක දිය යුතුයි. (නදී)
මේකේ අදහස් දාලා ඉන්න සමහර අය ගැන කතාකරලා වැඩක් නැහැ. කොහොම වුණත් රණසිංහ ප්‍රේමදාස යුගයට සමකරන්න හැකි යුගයක් අපේ දේශපාලන ඉතිහාසයේම නැති වග මගේ හැඟීමයි. ඵෙතිහාසික ජයක් මෙවර රනිල් සජිත් ගන්න බවට අපි එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස අභියෝග කරනවා. (නි)
මම නම් ප්‍රේමදාස කියන නමටත් බයයි. ටිකිරි බණ්ඩා කිව්වා වගේ මේ යන ගමන ඊට වඩා හොඳයි. (නදී)
අපි ඔක්කොම එකයි, මෙන්න අත ඉස්සුවා. සජිත්ට ,හරින්ට ජයවේවා. ජනතාවට ජයවේවා. මේ රටේ මධ්‍යම පන්තියටත්, පිඩිත පන්තියටත් සුබ අනාගතයක් වේවා. (නදී)
අපෝ ඊට වඩා දුෂණයෙන් , භීෂණයෙන්, හොරකමින් සපිරිව මේ යන ගමන හොඳටම හොදයි. (නදී)
ජනාදිපතිවරණයේදී පුළුවන් තරම් කලේ ජෙනරල්ගේ කකුලෙන් ඇදපු එකමයි. වැඩිය ඕනේ නැහැ ඔය හරින් ප්‍රන්දුගේ රැස්වීමකටවත් එන්නේ නැතිව අසනීපයි කියල මග හැරිය කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද ? (නදී)
මේ අගමැතිකමෙන් කළ හැක්කේ පන්සල් විවෘත කිරීම, රූවාහිනියට පෙනෙන ලෙස මල් පූජා කිරීම භික්ෂුන්ට බණ දේශනා කිරීම සහ විවිධ ආගමික උත්සව වලට සහභාගී වීම වැනි දේවල්නේ. එතකොට අපිට නැවතත් ප්‍රේමදාස යුගය මතක් වේවි. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම තවත් විහිළුවක්. (නදී)
මම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන කෙනෙක් නෙමෙයි. එ්ත් රනිල් හොරකම් කලා, මහජන මුදල් ගසා කෑවා, නිදන් හෑරුවා කියල නම් මම කවදාවත් අහල නම් නැහැ. (නදී)
පක්ෂයේ ගැටුම් ඉවරයි කිව්වාට අළු යට තියෙන ගිනිත් නිවන්න වෙනවා. නැත්නම් ඊළඟ ගින්නෙන් ඔක්කොම අළුවේලා යනවා. (නදී)
අගමැතිකම්, ඇමතිකම් පස්සේ බෙදා ගන්න බැරියෑ. මන්ත්‍රීතුමා මුලින් ජනාධිපතිවරණය දිනලා ඉන්නකෝ. ඕකට තමයි කියන්නේ " මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා" කියලා. (නදී)
සජිත් තමයි හරියනම කෙනා. ඕක තමයි වෙන්නත් ඕනේ (නදී)
මේ මිනිස්සු අගමැති වෙන්න හදන්නේ නියෝජ්‍ය ඇමති කමක් වත් කෙරුවද. ඉතින් අපේ රටට හරියාවිද? මිනිස්සු හැගීම් වලට වහල් වෙලා හැමදේම කොරන්නේ (නදී)
ඉතා හොදයි...නමුත් අවාසනාවට ඒ වාසනාවන්තයා වන්නේ අඛිල විරාජ් කාරියවසම්...(නදී)
වැඩක් වෙන්නේ නෑ. ඉස්සල්ල එන්නේ ජනාධිපතිවරණයනේ. පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙයා දිනුවත් ආයෙත් 2001 වුණා වගේ ඉක්මනට විසුරුවයි. (නදී)
ඡය වේවා සුභ ගමන් (නදී)
තවත් අස්චාර්ය ගැන බේගල් බාන උන්ට නම් මේවා දිරවන්නේ නැහැ. උන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ නමුත් රටට වැඩක් කරන්න පුළුවන් දක්ෂයෙක් ඉදිරියට එනවට කැමති නැහැ (නදී)
පරණ ටයර් තව තිබේ (නදී)
එතකොට මංගල සමරවීර (නදී)
ජයෙන් ජයම වේවා (නදී)
ඕකටනේ දැඟලුවේ. යු.එන්.පී ඉවරයිද ? (නදී)
අපිට මතකයි සජිත් පේමදාස මහතාගේ පියා බලයේ සිටි කාලය. එවන් කාලයක් නැවත නොඑ්වායි පතමි . තාත්තගේ පුතා , පියා අනුගමනය කරාවි. එය සිදු නොවේවායි පතමි. එජාපෙයේ පැරණි පක්ෂය දියුණු කිරීමට වෙහෙස ගත් කෙනෙකුට අගමැති කම ලැබෙනවා. බල ලෝබයට පක්ෂ තනතුරු නොලැබේවා (නදී)
අපිට නම් ජනතාවගේ කතාවලින් තේරෙන්නේ කොහෙන් හරි කැරකිලා එන්නේ ඊට ඉහල තනතුරට තරඟ කිරීමට සුදුස්සා බවයි (නදී)
ඉතින් ඒ අය ආවත් මේ වගේම තමා. කවුරු හරි කියන්න මොකක්ද වෙන වෙනස කියලා (නදී)
කෙටි සටහනකින් කියමුකෝ. ප්‍රභාකරනුත් අගමැති පොලිස්පති වගේ කට්ටිය පත් කෙරුවා. අපි සෙල්ලන් ගෙවල් හදල සෙල්ලන් කරන කාලෙදිත් ඔය වගේ තනතුරු දුන්නා. මට ඒවා මතක් උනා. (නදී)
ජනාධිපති අපේක්ෂක කව්ද ? (නදී)
සිහින ලොවක් මැද අගමැති නම් කෙරුවද? (නදී)