IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘

(බී.ජී. චතුරංග)

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ තීන්දු බලරහිත කරන්න අගමැති කතා කරනවා නම්  රටේ අධිකරණ වහල දාලා, දිනේෂ් ගුණවර්ධන නඩුකාර ලෝගු ඇඳ ගෙන පාර්ලිමේන්තුවේ නඩු ඇසිය යුතු යැයි, මිහින්තලා රජමහා විහාරාධිපති  වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

පොලිස්පතිවරයා පත් කරලා තිබුණේ කථානායකවරයා වැරදි අර්ථකථනයක් දීලා නිසා තමයි එය අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබුණෙ. තාවකාලිකව පොලිස්පතිවරයාගෙ වැඩ අත්හිටුවන්න. ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂ ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකය බැඳිලා ඉන්නවා. දැන් කියනවා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දුන්න එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත කළ යුතුයි කියලා, එහෙනම් මේ අධිකරණ ඔක්කොම වහලා දාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩු අහන්න කියන්න ඕන දිනේෂ් ගුණවර්ධන.

එහෙනම් අගමැති ඔතන ඉන්නෙ නැතුව නඩුකාර ලෝගු ඇඳ ගෙන ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඕනෙත් නෑ. මහා අධිකරණය ඕනෙත් නෑ කියලා. එයා ප්‍රකාශයක් කරන්න ඕනේ. මෙහෙම නඩු තීන්දු ඕන්නෑ, අපි තමයි නඩුව අහන්නේ කියලා. කැකිල්ලේ තීන්දු දෙන්නේ පාර්ලිමේන්තුව.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නා හිමියෝ ඒ බව පැවැසූහ.

 



අදහස් (6)

‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘

sunanda Friday, 26 July 2024 09:28 PM

පොලිස්පති වරයා තාවකාලිකව ඉවත්ව සිටියදී වෙනත් පොලිස්පතිවරයකු පත් කිරීමට නීතියෙන් ඉඩ නැතිනම් එය තීන්දුව දුන් අධිකරණයේ වරදක් නොවේ. ව්‍යවස්ථාව එම නීතිය වහා පැනවිය යුතුය. 6 - 5 කිරීමේ නීති සංශෝධනයට තිබු උනන්දුව මෙයට නැත්තේ ඇයි?

:       43       71

Gihan Friday, 26 July 2024 10:35 PM

හමුරුවන්ට තියෙන්නේ පංචසීලේ රකින්න . කාටවත් ද්වේශ නොකරන්න කියලා මන් හිතුවේ

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 July 2024 04:00 AM

සෑම දෙනාම කරන්නේ තමාට හිමි කාර්‍ය අත්හැර කිසිසේත්ම අයිති නැති කාර්යන් . භික්ෂුන්ට හිමි කාර්ය කුමක්ද?බුදුන්වහන්සේ දේශනා කලේ."මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස සැරිසරව් "

:       167       28

Milinnda Saturday, 27 July 2024 05:06 AM

සුද්දා අපිට රට භාරදීල යද්දී හදපු නීති තාම එලෙසම තියෙනවද කියලා හිතෙනවා ඒවා අදට හා රටට ගැලපෙන ආකාරයට සංශෝධනයක් කරල නැහැ කියලත් හිතෙනවා සියලු නීති වලට වඩා ජනතා පරමාධිපත්තිය ඉහලින් තියෙනවා නම් ජනතාව පත්කල පාර්ලිමේන්තුවට ඒ බලය තියෙන්නම ඕන නේ එහෙම නම් එම ආයතනය තමයි වඩා ඉහලින් තියෙන්න ඕන

:       13       136

Lakshitha Saturday, 27 July 2024 09:04 AM

නිශාන් සහ මිලින්ද දෙපල ගැන සතු‍ටුයි. ඔබ හරියටම හරි. මේ වෙලාවේ පාර්ලිමේන්තුව ගන්න තීරණ අපේ හිත සතු‍ටු කරන ඒවා නොවුනත්, ජනතා ඡන්දෙන් පත් කරපු ආයතනෙට වැඩි බලයක් හිමියි. ඒක ප්‍රජාතන්ත්‍රවාදේ ප්‍රබල ලක්ෂණයක්.

:       0       0

සුපුක් චාමර Saturday, 27 July 2024 02:21 PM

පොලිස්පති මිනිහෙක් මරලා අහුවුනොත්. අල්ලසක් අරන් අහුවුනොත් මුකුත් කරන්න බෑනේ. මාරයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site