IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


අගරඳගුරුතුමන්ගේ පෙත්සම සළකා බලන්න දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිබත් වීම නිසා සිදු වූ සමුද්‍ර දූෂණය හේතුවෙන්  සිය ජීවිකාව අහිමි වූ  ධීවර ප්‍රජාවට  සිදු වූ හානියට වන්දි මුදල් ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම්  පෙත්සම ඇතුළු පෙත්සම් පහක්  ලබන දෙසැම්බර්  මස 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) තීරණය කළේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා , මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා,  වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු  සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ සිවිල් සමාජ ක්‍රියාකාරුවෙකු වන ජේ.ජෙගතීෂ්වරන් විසින්  මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

එල්. ටී.බී.දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද  කැඳවිණි.

එහිදී  වගඋත්තරකාර පාර්ශවයේ කිහිප දෙනෙකුම  අධිකරණයේ පෙනී  නොසිටීම නිසා පෙත්සම්  වෙනත් දිනයක කැඳවීමට  විනිසුරු මඩුල්ල තීරණය කෙරිණි. එහිදී  පෙත්සම් කාර පාර්ශවය  වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මේ වන විට අවස්ථා තුනකදීම මෙම  පෙත්සම් සලකා බැලීම  කල් දමන ලද බව සදහන් කළේය. 

මෙම  නැව නිසා  මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට වන හානිය දිනෙන් දින වැඩි වන බව ඒ මහතා සඳහන් කළේය. එබැවින්  හැකි ඉක්මනින් මෙම පෙත්සම් සලකා බලන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.  පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි සෙසු නීතීඥවරු ද ඒ සඳහා  එකඟතාවයපළ කළහ.
කරුණු  සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් සියල්ල දෙසැම්බර් මස පළ වැනිදා කැඳවීමට තීරණය කළේය.  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය , එහි සභාපති , නීතිපති ඇතුළ පිරිසක් නම් කරනු ලැබ සිටිති. අතිරේක සොලිසිටර් ජෙනරාල්  නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.








 

 



අදහස් (2)

අගරඳගුරුතුමන්ගේ පෙත්සම සළකා බලන්න දිනයක්

Ferdinand Tuesday, 09 November 2021 02:30 PM

අලුත් කලාවක් හොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනෑ නම්, නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙස්සං

:       2       4

sharm warn Tuesday, 09 November 2021 03:30 PM

ඒවා ඉතින් සලකා බලන අංශයට තමයි වැටෙන්නේ .පස්සේ විසි කරලා දානකල් .හොරෙක්ව බේරන්න ගහපු එකක් නෙමෙයි නේ

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 126 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මීගමුව පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිනි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 735 0

මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා


ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 2240 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 299 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1570 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 503 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site