ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද සවස 1.10ට පමණ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් සහ පුත්‍රයාද සමග මහනුවර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තාය.
ඉන් පසු බණ්ඩාරනායක මහත්මිය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ත මල්වතු මහනාහිමි සහ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නාහිමි බැහැදකීමට ගියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුවෙ වැටුනාම තමා දළදා හිමි වදින්නේ පුදන්නේ.. නැතිනම් පැත්ත පලාතෙ එන්නෙ නැහැ..!(නු)
පරාක්‍රම හරි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා. (නි)
දිවි නැගුමට “ඔවු“ කිවුවා නම් හරිනේ. (නි)
තව මොන කතාද? රටේ නිතිය උගන්ඩාවට ගිහින්. මේවාට වැරදි කවුරුවත් නෙමේ, මහජනතාව. ඒකට මේ ලියන මමත් අයිතියි. (නි)
බොහොම හොද වැඩක් (දී)
මැතිණියනි.. මේ තරම් මානසික පීඩනයක් ඉදිරියේ කෙලින් සිටීම ගැන ආඩම්බරයි..!(නු)
දේශපාලනයට එන්න වගේ පේන්නේ.. අනේ මැඩම් එක් නම් කරන්න එපා..!(නු)
කොසොල් රජතුමාගේ සිහින කියන්නේ මේව තමයි.. (නු)
රටට ගිය කලක්..!(නු)
දොහොත් මුදුන් තබා බුදුන්ට මල් පූජා කරන්නත් උගන්නන්න ඕන... කරන දෙයක් හරියට කළා නම්.. අපිටත් දුක හිතෙනවා උන දේට..!(නු)
2016 ගැන දැන්ම ඉදලම හිතලා ඒකට පසුබිම සකස් කළොත් තමයි හොද. (නි)
අනේ මන්දා දළදා වදින්නත් මතක් වෙලා තියෙන්නේ දැං තමයි..(නු)
මේ වගෙ රටක්ද අපි අපේ දූ දරුවන්ට දායාද කරන්න හදන්නේ..?(නු)
පොදු අපේක්ෂකයා වෙන්න කැමතිද දන්නෙ නැහැ..?(නු)
කරදරයක් වුනා නම් තමයි කාට කාටත් ඇදැහිලි මතක් වෙන්නේ.....(නු)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැනේ.. මෙයත් මොනවා හරි කරන්න ඇති...!(නු)
වැරැද්දක් කලා නම් දඩුවම් විදිම තමයි නියම බෞදධකම, ස්වාමි පුරැෂයා කරපු වැරැදි අනුමත කරනවා නම්, අපට ආයේ හිතන්න දෙයක් නැහැ, කමක් නැහැ ඔබටත් දළදා පිහිටයි(නු)
තුන් හේලේ කැලෑ තුල සිංහ පැටව් උන් නැත රට අතැර ගොසින්.. අපි සොයන අනාගත බුද්ධිමත් නායකත්වය ඔබතුමිය ළග ඇත..!(නු)
භාදක ඉදිරියේ කෙලින් සිටීම ගැන ඔබ ගැන ආඩම්බරයි. ඔබතුමියට දළදා සමිදු පිහිටයි(නු)
ඇත්තටම ආඩම්බරයි.. ඔබ තවත් එඩිතර විහාරමහා දේවියක්.. දළදා සමිදු පිහිටයි..!(නු)
අපි සොයන අනාගත බුද්ධිමත් නායකත්වය ඔබතුමිය ළග ඇත.. (ස)
වටිනා වැඩක් (දී)
ඇය තවමත් අවංකයි. (නි)
ඔබතුමියට දළදා සමිදු පිහිටයි! (නි)
ගරු අගවිනිසුරුතුමියනි, ඔබතුමිය අද කෙළින් සිටිනවා. ඔබතුමියට ජය ලැබෙන්න යනු මගේ පැතුමයි. (නි)
දේශපාලනය කරන්න පටන් ගන්න (ස)
සාධු.... සාධු.... සාධු.... සාධු.... (දී)
මේ අවිනීත,අධර්මිශ්ඨ ලෝකයේ මුළුමහත් ලාංකික ජනතාවටම UNP සමිදු පිහිට විතරයි (ස)
බොහොම පින් සිද්ද වෙන වැදගත් වැඩක් (දී)
ඔබ තුමියට තෙරුවන් සරණයි (ස)
යකඩමල්ලටත් ගුල්ලො ගැහුවානම් පන් මලු ගැන කුමන කතාද?(නු)
සාධු...සාධු...
හොද වැඩක් (දී)
මේවා කරපු අය අන්තිමට නවතින්නේ බලාපොරොත්තු තියපු මිනිස්සුන්ව අනාථ කරලා. අනෙක මේ පටන්ගත් සටන පැවැත්විය යුත්තේ නීතිමය හා දේශපාලනික තලයක මිස ප්‍රදර්ශනාත්මක වේදිකාවක නොවේ. (නි)
ඒවා හොද වැඩ (දී)
ඔබට දළදා සමිදු පිහිටයි (දී)
නොමළ ගෙයකින් අබ මිටක් හොයන්න බෑ අද ලංකාවේ. හැමෝම මොකක් හරි වංචාවක් දුෂණයකට හවුල් අඩුම ගානෙ හොර ග්‍රාමසේවක සහතිකයක් හරි අරගෙන ඇති. (දී)
කාට කිවුවත් වැඩක් නැහැ මැඩම්. (නි)
වරදක් නැහැ (දී)
වියරු දේශපාලනය ඉදිරියේ කෙලින් සිටීම ගැන ඔබ ගැන ආඩම්බරයි. (ස)
මහජනතාව ආරක්ෂා කරන්න තියෙන නීතිය අනිසි විදියට පාවිච්චි කළොත් නම් කිසිම පිහිටක් කාටවත්ම ලැබෙන එකක් නැහැ. (නි)
2016 දී පොදු අපේක්ෂිකාවක් වේවිද (ස)
ඔව් ඔව් එහෙම කර එක හොඳයි (ස)
පත්තර වලටත් දැන් මෙයා කෑවත් බිව්වත් එකත් ලොකු ප්‍රවෘතියක් තමයි.අදද දන්නේ නැහැ පළමු වතාවට දළදා වැන්දේ. (දී)
දොෂාභියෝගයෙන් පසු මෙයාට හොද ප්‍රසිද්ධියක් ලැබුණා.. ඉස්සර මෙයාලා කොහෙ යනවාද කියලා මාධ්‍ය දන්නෙ නැහැ.. දැං කොහෙ ගියත් පත්තරේ දානවා..!(නු)
දැන්නම් ඉතින් දළදා හාමුදුරුවොත් මතක්වෙනව වගෙයි.!!! (ස)
රටකට ගිය කලක් , නීතියට වෙන දෙයක්, (ස)
අපරාදේ කියන්න බෑ අපේ ලොකු හාමුදුරුවෝ කවුරු ආවත් සුහදව පිලිගන්නවා (ස)
ඔබතුමියට දළදා සමිදු පිහිටයි (ස)
ඔබතුමයව දළදා සමිදු ආරක්ෂා කරත්වා! (නි)
හේරත් මහත්තයෝ හාමුදුරුවො පන්සිල් දෙනවා ඇරෙන්න වෙන මොනවාද කියන්න ඕන..?(නු)
මේ රටේ සියළු දෙනාගේ ආශිර්වාදය ඔබතුමියට හිමියි...!(නු)
ඔක්කොම නාටක (ස)
වැද පුදාගන්න කැළණි විහාරය. උපන්දා සිට කරපු පව් මැකෙයි වරක් වැන්දොත් කැළණි විහාරය..!(නු)
වියරු දේශපාලනය ඉදිරියේ කෙලින් සිටීම ගැන ඔබ ගැන ආඩම්බරයි. (ත)
ආගමත් ධර්මයත් අදහන්න.. අනේ සාදු.. පාන්සුකූලෙටත් සිංහල අවුරුද්දටත් කොයි හාමුදුරුවොත් දෙන්නේ එකම පන්සිල් තමයි..!(නු)
මේ අවිනීත,අධර්මිශ්ට කාලයේ ඔබතුමියට පමනක් නොවේ, මුළුමහත් ලාංකික ජනතාවටම දළදා සමිදු පිහිට විතරයි. (ත)
ඔබට දළදා සමිදු පිහිටයි (ස)
බොහෝ අයට දෙවියන් බුදුන් සිහිපත් වෙන්නේ අමාරුවේ වැටුණු පසුයි. මම මේ කියන්නේ මෙතුමිය ගැන නෙමෙයි. (නි)
මෙතුමිය යන්නේ කවුරුන් ගිය පාරේද? (නි)
ඔක්කොම දහඅටපාලි නටලා බැරි උනාම උඩමළුවයි මල්වතු පාර්ශවයයි උඩුගම හාමුදුරුවො ඔක්කොම මතක්වෙලා අපි වැරදි නොකරන නිසාදෝ අපිට එයා මතක් වෙන්නෙ නැහැනේ..!(නු)
දෙවියන් බුදුන් සිහිවන වෙලාවක්..!(නු)
සෙත් අරගෙන වැඩ පටන් ගන්න (දී)
හොද වැඩක් අගය කරන්න ඕනේ
සමන්, පොදු අපේක්ෂිකාවක් වෙනවා නම් කොච්චර හොඳද නේද? බය නැතුව සාධාරණ තීන්දුවක් දුන්න නිසානේ මේ ඔක්කොම වුණේ. (නි)
වරදක් කියන්න පුලුවන්ද ඇත්තට (දී)
ඔබේ දුක බුදුන්ට කියන්න (දී)
වියරු දේශපාලනය ඉදිරියේ කෙලින් සිටීම ගැන ඔබ ගැන ආඩම්බරයි. ඔබතුමියට දළදා සමිදු පිහිටයි! (නි)
ගරු විනිසුරුතුමියට දළදා සමිඳු පිහිටයි. රටම දන්නවා එක් පක්ෂයක උවමනාවෙන් කරන පළිගැනීමක් කියලා. වෛරයෙන් වෛරය නොසන් සිදේ. (ත)
මෙතුමා බුද්ධාගමේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සමන්ගේ අදහස තමයි මට කියන්න තියෙන්නෙත්. (නි)
අවසානය මෙහෙම නම්.... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔබතුමියට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාවයි. (නි)
ඔබ වෙනුවෙන් අපි. (දී)
වැරදි කරලා සමාව ගන්න බෞද්ධාගමට අනුව නොහැකියි. (නි)
ශ්‍රේෂ්ඨ කාන්තාවක්. අපි ඔබට ආචාර කරමු. (නි)
සී.ජේ = එස්.එෆ් අනාගත පොදු ආපේක්ෂක (දී)