ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියගේ වත්කම් බැරකම් බැංකු ගිණුම් ඇතුළු ලියැවිලි පාර්ලිමේන්තුවේ එකොළොස් පුද්ගල දෝෂාභියෝග විමර්ශන තේරීම් කාරක සභා සාමාජිකයනට අද (5) නිකුත් කළ බව පාර්ලිමේන්තු ආරංචි කියයි. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාව අද (5) පස්වරුවේ රැස්වීමට ද නියමිතය. දෝෂාභියෝග චෝදනාවලට උත්තර දීම සඳහා කල් දෙන්නේද නැද්ද යන්න ගැන කාරක සභාවේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ සඳහා ඇය සති පහක් කල් ඉල්ලා ඇත. මේ අතර අගවිනිසුරුවිය බ්‍රහස්පතින්දා (6) යළි කාරකසභාව හමුවේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කැමති නැහැ මේ වැඩේට , මේ ඉන්නේ කාන්තාවක් සමාව දෙන්න (දී)
බොහොම වැදගත් (දී)
සුරංග ඔයාට තේරෙන්නේ නැද්ද? ඔය දෝෂාභියෝගය ගෙනත්තියෙන්නේ දේශපාලන කෝනයකින් බලලා නොවේද? (ත)
එහෙම බලනවානම් කොච්චර කට්ටිය ඉන්නවාද වත්කම් බලන්න (දී)
දැන් මොකද කරන්නේ (දී)
අපේ වගේ පොඩි මාළු විතරද , ලොකු මාළු ඉන්නවාද (දී)
කොහොමද මේ සල්ලි හම්බ උනේ කියලත් ඕනෙද (දී)
ඔබතුමියව හිරේ දාන්න මේ අයට බැහැනේ. ඔබට සුබපැතුම්. (ත)
සුරංග, කරුණාකරලා ඔයා චෝදනා 14 කියවල බලන්න. එතකොට ඔයාටම තේරේවි මේ මොකද්ද වෙමින් යන්නේ කියල. (ත)
අපේ අනිත් ලොකු අයගෙත් වත්කම් බැලුවණම් නරකද? (ත)
මේ අනේ නොදන්න කමටයි අහන්නේ? මන්ගේ පුද්ගලික ගිණුමක ඇති රහස්‍ය භාවයක් නැත්ද හැබෑට? (ත)
මේ දෝශාභියෝගය අපේ රටේ ස්වෛරීත්වය හා සම්බන්ධ ප්‍රශ්නයක කොටසක්. නොදන්න අය ටිකක් හිතලා බලන්න. (ත)
අපිට මෙතුමියව පෙන්නලා, අපේ වත්කම් වලට විදිනවා. (ත)
අනේ මන්දා (දී)
ලජ්ජාත් ඇති පෙන්නන්න (දී)
නිවැරදි තීන්දුවක් දෙන්න සියල්ල සොයා බලන්න ඕනේ (දී)
මම නම් එකඟයි ඒ දේට (දී)
අපේ වටිනාකම් හොයන්න ගෙදරට ආවම ඇති (ස)
අමිල ඔයා කියපු දේ හරියටම හරි (ස)
ඒ දේ ඇති වැදගත් කම මොකද්ද (දී)
ජයවේවා. වරදක් සිද්ද වී ඇතිනම් දඩුවම් කරන්න (දී)
ලොකු ලොක්කෝ හැමෝගෙම වත්කම් හෙළි කලොත්අලුතෙන් හිරගෙයක් හදන්න වේවි! (ස)
බැංකු වලින් කර ඇත්තේ බරපතල විශ්වාසය කඩකිරීමක්. අධිකරණමය පරීක්ෂණයකට මිස කෙනෙකුගේ බැංකු වත්කම් වෙන කෙනෙකුට හෙළි කිරීම කොතරම් දුරට ආචාරධර්ම වලට එකඟද? මෙය අනෙක් ගනුදෙනුකරුවන්ටත් කරන අනතුරු ඇඟවීමක්. (ස)
ඊයේ මට ඇහුන යුරෝපා සංගමයෙන් අනතුරු ඇගවීමක් කරලා කියල ශ්‍රී ලංකා රජයට. අපිට රටවැසියන් හරියට දුකයි රටට මෙහෙම බලපෑම් එල්ල වෙන එක ගැන.
සියල්ල සොයා බලන්න (දී)
බොහොම හොදයි
ඔබතුමියට ජයවේවා (දී)
ඒවා මොකටද
අනිත් ඇයත් වත්කම් හෙළි කළා නම් නේද හොද? "ඔවාදෙනු පරහට - තමා සම්මතයෙහි පිහිටා සිට....." (ත)
ඇමැතිවරුණුත් වත්කම් බැරකම් හෙලි කළ යුතුයි නේද? (ත)
අනිත් අයගේ ගිණුම් සොයා බැලුවොත් ඔක්කෝම හිරේ තමයි. (ත)
නිවැරදි තිරනයක්න් දෙන්න ඒ දේ වැදගත් (දී)
ඔක්කොම එකයි (ස)
මමනම් එකඟයි ඒ වැඩේට (දී)
මම නම් විරුද්දයි ඒ කල දේට (දී)
ජයවේවා ඔබතුමියට (දී)
මම කියන්නේ ඒක හොදයි (දී)
කමක් නැහැ ...කමක් නැහැ ... ඒවා කල යුතු වැඩ (දී)
ඔබතුමියගේ නම අපේ රටේ රන් අකුරින් ලියැවේවි. (ත)
නිවරධි තීරණයක් දෙන්න ඒ දේ බොහොම වැදගත් (දී)
මිනිසුන්ට තියෙන්නේ බලන් ඉන්න විතරයි (දී)
අග විනිසුරුවරිය කල යුත්තේ හැකි ඉක්මනින් චෝදනා වලට පිළිතුරු ජන මාධ්යෙ පළ කිරීමයි. එවිට තේරීම් කාරක සභාව කුමන තීරණයක් ගත්තත් රටේ ජනතාවට කවුද හරි කවුද වැරදි කියල තීරනය කරන්න පුලුවන්. එත් අග විනිසුරුවරිය සති ගනන් කල් ගන්නෙ ඇයි?(ත)
මොකද්ද එහෙම කරන්න හේතුව (දී)
සත්‍ය ජය ගනී. (ත)
අගවිනිසුරුවරියගේ ගිණුම් තියෙන්නේ ලංකාවේ. ඒත් සමහරුන්ගේ ගිණුම් තියෙන්නේ පිටරටවල. (ත)
මේක පලිගැනීමක්ද ? (ස)
දෑන් අර 11 දෙනාගෙ වත්කම් පෙන්නලද තියෙන්නෙ? (ත)
මේ රටේ කවද්ද සාධාරණයක් ඉෂ්ඨ වුණේ? (ත)
මෙතුමියට මෙහෙමනම් අපි වගේ දුප්පත් පොඩි මිනිස්සු ගැන කවර කතාද? (ත)
ජයවේවා (දී)
කවදා හරි ඇත්ත ජය ගන්නවා මැතිණියනි. ඔබතුමියට ජය වේවා. (ත)
අන්තිමට නටපු නැටුමකුත් නෑ .. බෙරේ පලුවකුත් නෑ (ස)
ලංකාවේ අපි සියලු දෙනා සියලු කරුණු පටු දේශපාලනික කෝණයකින් බැලීමට පුරුදුව සිටිමු. දෝෂාභියෝගයට එරෙහිව කතා කරන කිසිවෙකු අගවිනිසුරුතුමිය එම චෝදනා වලට නිවැරිදි කරු යැයි කරුණු සහිතව පෙන්වා දෙනවා මා නොදුටුවෙමි. (ත)
පාර්ලිමේන්තුවේ සිටින හැම මන්ත්‍රීවරයකුගේම වත්කම් හෙළි කළ යුතුයි. (ත)
මම මුකුත් කියන්නේ නැහැ (දී)