IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අඟුණකොලපැලැස්ස පොලිසිය ළඟ උද්ඝෝෂණ

ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය හරි හැටි විමර්ශන නොකළ බව කියමින් අඟුණකොළපැලැස්ස ගම්වාසීහු 200ක් පමණ අඟුණකොලපැලැස්ස පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹූහ.

අවුරුදු 12ක දැරියක අපයෝජනය කළැයි කියන සැකකරුවකු අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබීය.

පොලිසිය හරි හැටි විමර්ශන සිදු කළේ නැතැයි කියමින් ගම්වාසීහු පොලිසිය අසලට පැමිණ හූ කියමින් විරෝධතා දක්වති.



අදහස් (0)

අඟුණකොලපැලැස්ස පොලිසිය ළඟ උද්ඝෝෂණ

වසන්ජය Wednesday, 10 June 2015 11:07 PM

ඉතින් විරෝධතාවය කරන්න තිබුනේ අධිකරණය ඉදිරිපිට නොවේද? (නි)

:       0       0

මේනක Wednesday, 10 June 2015 11:36 PM

ඔක්කොටම කලින් මේ ස්ත්‍රී අපචාර සැකකරුවන්ට ඇපදෙන විලාසිතාව නැතිකරන්න ඕනෑ. නැත්නම් මිනිහා ගෙදර ගිහින් එක්කෝ සාක්කි විනාශ කරනවා. නැත්නම් සාක්කිකරුවන්ට සහ අගතියට පත් පාර්ශවයට තර්ජනය කර කට වහනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 11 June 2015 12:07 AM

ඇත්තෙන්ම මේ පුද්ගලයා විසින් දැරිය අපයෝජනයට ලක්කළේ නම් ඔහුට ඇප දෙන්න පොලිසිය කැමති වුණත් අදිකරණයට ඒ ගැන යමක් කරන්න තිබුනානේ. රටේ නීතිය හැමෝටම සාධාරණ වෙන දිනයකුත් එළඹෙයිද? (නි)

:       0       0

විකුම් Thursday, 11 June 2015 12:39 AM

එම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත්කර නැද්ද? ඩී.එන්. ඒ. පරික්ෂාව කර නැද්ද? (නි)

:       0       0

සරසි Thursday, 11 June 2015 01:09 AM

අවුරුද්දකට එක දවසක් ලොකු ලොකු නෝනලා කාන්තාවන්ට ජයවේවා කියාගෙන කොළඹ සැප පහසු වීදියකට බහිනවා. එක් කෙනෙන් යනවාද මෙහෙම විපතටපත් කාන්තාවක් ගැන සොයා බලා සහනයක් සළසන්න. හැබයි අර කාන්තා දිනයේ විදි සංදර්ශනයේ පින්තුර විදේශ රටවල් වලට යවලා ලංකාවේ කාන්තා සුභසාධනයට කියලා ආධාර ගන්නවා. නමුත් ඒවාට වෙන දෙයක් නැහැ. මෙහෙම අතවරයට පත්වෙලා මානසිකව වැටුන බවලතුන්ට යම්කිසි වෛද්‍ය උපදෙස් හෝ උපදේශන සේවාවක් සඳහා යොමු කරන්න අවස්ථා තිබෙනවද? ඒ අයගේ මනස හදලා ඉදිරි ජීවිතය සුරක්ෂිතව ගෙනියන්න උදව් ලැබෙනවාද? (නි)

:       0       0

කාංචන Thursday, 11 June 2015 10:17 AM

සුදෙල්මිගේ දැනුම ගැන නම් කියන්න තියෙන්නේ ..... කියල තම.(ම)

:       0       0

කාංචන Thursday, 11 June 2015 10:18 AM

මොකද මම කිව්වේ ජාති වදයක් ගැන නෙවෙය. එතන කළේ වෙන සංදර්ශනයක් කියල.එක මාකටින් වලට ගත්ත කියලා.වැරදි කරනවානම් ජාතිය ආගම බලන්නේ නැතිව දඬුවම් දිය යුතුයි (ම)

:       0       0

සම්පත් Thursday, 11 June 2015 02:41 AM

ලංකාවේ ළමා අපචාර සම්බන්ධව විශේෂ අධිකරණයක් බත්තරමුල්ලේ තිබෙනවා. කොහොම වුණත් ළමා අපචාර ඔප්පුකිරීම ඉතා අසීරුයි. උසාවියේ ගරු ගාම්භීරත්වය දැක්කහම, කාකි සුට් දැක්කහම ළමයි බයවෙනවා. නීතිඥයින් අඩි හප්පලා ප්‍රශ්න අහනකොට බයවෙනවා. මේක නීති කෂේත්‍රයේ ඉන්න අය දන්නවා. වෙන රටවලදී ළමයා වෙනම තියලා සාක්ෂි ගන්නේ සාමාන්‍ය පටිපාටියෙන් තොරව. සෑම දිස්ත්‍රික්කයකම ළමා අධිකරණ පිහිටුවන්න රජය පියවර ගතයුතු කාලයයි මේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 11 June 2015 03:10 AM

හරි නම් ඔය ඔන්.ජී.ඕ.නෝනලා කොළඹ බංගලාවලින් ගිහින් ඔය වගේ දැරියන් මුණගැහෙන්න ඕනෑ. ඔය නෝනලා දන්නෙත් නැතුව ඇති මෙහෙම දේවල් වෙනවා කියලා. (නි)

:       0       0

ජනක Thursday, 11 June 2015 03:37 AM

මේ අර පහුගිය කාලෙ දේශපාලනයට සම්බන්ධ වුණ පොලිස් ලොක්ක ඉන්න පොලිසිය නේද.. අර බැනර් එහෙමත් ගහල තිබුනේ..(ම)

:       0       0

ජෙෆ් Thursday, 11 June 2015 03:40 AM

විකුම් ඔයා නම් කියන්නේ මාර කියුම්. (ම)

:       0       0

කාංචන විජේසේකර Thursday, 11 June 2015 06:10 AM

කෝ එතකොට අර යාපනයේ ළමය අපයෝජනයට ලක් වුන වෙලාවේ විශේෂ අදිකරණ, කොළොඹ පහන් පත්තු කරපු අය. ඇයි මේ ළමය ලංකාවේ කෙනෙක් නෙවෙයිද.එතනත් දේශපාලන ගන්න උත්සහ කළා මිසක ළමයින්ට ආදරේට නෙවෙයි. නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි (බ)

:       0       0

ගයාන් කේ.වීරසිංහ Thursday, 11 June 2015 06:10 AM

අගුණූකොළ පැලැස්ස පොලිසියේ හිටියා හොඳ ස්ථානාධිපතිවරයෙක්. රසික ප්‍රසන්න රත්නායක කියල. ඒ මහත්තයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අනුගාමිකයෙක්. ඒත් අගුණූකොළ පැලැස්ස ගමේ මේවගේ දේවල් ඇති වෙන්න ඉඩදුන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ ගෝලයන්වත් ඇතුලට දැම්මා. හොදින් හෝ නරකින් අපරාධ පාලනය කළා. ඒ මහත්තයා හිටියනම් ඔය කියන සැකකරැට ඇප නෙමෙයි ලැබෙන්නේ. තාමත් ඉන්නේ බන්ධනාගාර රෝහලේ. කැඩිච්ච අතපය වලට බෙහෙත් ගනිමින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනව අධිකරණයෙනුයි ඇප දුන්නේ කියල. ඇප නොලැබෙන විදිහට බී. වාර්තාව ඉදිරිපත්කරල පරීක‍්ෂණ කළා නම් මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පොලිසිය දැන් ඒ වැරැද්ද වහ ගන්න බොරු බේගල් ඇදබානව. වැස්සවෙලාවට මේ මිනිස්සු කොහොමද දන්නේ නැහැ පාරවල්වල යන්නේ. (බ)

:       0       0

සුදෙල්මි Thursday, 11 June 2015 07:30 AM

කාංචන විජේසේකර දෙමළ මිනිසුන්ගේන්වත් ඉගෙන ගෙන මනුසයෙකුට විපතක් වුණාම උදව් කරන්න බලනවා ජාතිවාදය ඔලුව උඩ තියාගෙන කෑගහන ඔයාලාගේ කට්ටිය විනාශ කරපු පොලිසය හදන්න සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව නැගී සිටිය ඕන (ම)

:       0       0

විජයබාහු Thursday, 11 June 2015 07:48 AM

ගයාන්, සෑම්ගේ ප්‍රශ්නයට උත්තරය දීලා තියනවා වගේ (නි)

:       0       0

සෑම් Wednesday, 10 June 2015 05:21 PM

පසුගිය රජය කාලේ රට ආශ්චර්යයට ගිහිල්ලා තියන හැටි තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 24 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 142 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 161 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1904 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2782 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2066 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site