නිරිතදිග ප්‍රංශයේ ටැම් ගංගාවේ අඟුළු වර්ගයේ මත්ස්‍ය විශේෂයක් ගඟෙහි දිය නෑමට එන පරෙවියන් අල්ලා ගන්නට පුරුදු වී ඇති බව කියවෙන වාර්තාවක් පුවත්පත්වල පලවිය.
මේ සඳහා මාළුවන් ටික වේලාවක් ජලයෙන් පිටතට පැමිණීමට ද පුරුදුවී සිටිති. අල්ලාගන්නා කුරුල්ලන් දියයටට ගෙන ගොස් ගිල දමති.
මේ මාළුවන්ගේ අපූර්ව ආශ්චර්යය පාරිසරික බලපෑමක් මත ඇබ්බැහි වූවක් ද කියා පරීක්ෂා කර බැලීමට පත් කළ කමිටුවක් සොයාගත් තොරතුරු පසුගියදා ප්‍රසිද්ධියට පත් කැරිණි.
යුරෝපයේ ලොකු අඟුළුවන් මීටර් එක හමාරක් තරම් දිගට වැඩෙන අතර කිලෝග්‍රෑම් 100කටත් වඩා බර වෙයි. සාමාන්‍යයෙන් අඟුළුවන් දිය යට ඇති අනෙක් ජීවීන් ආහාරයට ගිනියි.
ටැම් ගංගාවේ අඟුළුවන් දියෙන් පිටතටවිත් සත්ව දඩයමට ඇබ්බැහිවූයේ කුමන හේතුවක් නිසාදැයි හරි නිගමනයකට පැමිණිය නොහැකි බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අපේ අය වගේ (ස)
http://www.youtube.com/watch?v=5munK0-kSOI මෙන්න මාළු (ස)
මෙහි රුප පෙළ නැරබීමට http://www.youtube.com/watch?v=5munK0-kSOI (ස)
මාළු අතරින් ඔය එක්කෙනෙක් විතරයි. තව ඔය වගේ කොච්චර ඇත්ද (දී)
අගුලුවන්ටත් ආහාර අර්බුදයක් වගෙයි. (නි)
මට සිහිවෙනවා චාල්ස් ඩාවින්ව. (නි)
පරෙවි දඩයම (දී)
අනේ පවු පරෙවියා! (නි)
ඒක එයාගේ වැඩක්නේ. අපිට මොකෝ? (නි)
පුදුම මාලුවෙක්නේ මූ. (නි)
මොකාද මේ තඩි මාලුවා? (නි)