‘ශ්‍රි ලංකාව මෙන් අට ගුණයක මුහුද තිබුණත් ලංකාවේ පරිභෝජනයට පිටරටින් මාළු ආනයනය කරනවා. මත්ස්‍ය ව්‍යාපාරය වැඩි දියුණු කිරිමට ජාත්‍යන්තර මුහුදට නැව් යොදවා මසුන් අල්ලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා’ යැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේ පැවැති හමුවක දී අද (05) පැවසුවේය.
ජාත්‍යන්තර මුහුදට මසුන් ඇල්ලීම සඳහා නැව් 1615 ක් යෙදවීමට හැකියාව තිබුණ ද මේවන විට කුඩා ප්‍රමාණයේ බෝට්ටු 1500 ක් පමණ මුහුදේ මසුන් අල්ලන බවත් ඉතිරි ප්‍රමාණය සඳහා විශාල ප්‍රමාණයේ නැව් යෙදවීමට හැකි බව ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මාළු පිටරට පටවන්න හදන්නේ ඉන්දියාවෙන් ගෙන්නලාද? (නි)
මොනම තේරුමක් වත් තියෙන කතාවක්ද මෙයා කියන්නේ?. (බ)
මේ වගේ කතා කියන ඇමතියෙක් මහජන මුදලින් යැපෙන -රටට සෙතක් නොකරන කකුළුවෝ පීචං කතා නොකිය ගෙදර යන්න. (බ)
අපේ රටට නිදහස ලැබිල දැන් අවුරුදු 68 ක් වෙනවා. එදා සිට මේ දක්වා රට දියුණු කරන්න බාරගත් උදවිය කරලා තියෙන්නේ මොනවාද කියල පොඩ්ඩක් හිතල බැලුවොත් ඉදිරියේදී රටවැසියන් වශයෙන් අපි කළ යුතුදේ මොකක්ද කියලත් තේරුම් ගන්න පුළුවන්..(බ)
මෙයත් වැඩේ කරන්න හදන්නේ. කොහෛ් හරි පිටරටක නැවු කාර්යන්ගෙන් කොමිස් කුට්ටියක් ගන්න වගේ සුදානම. අපිට මාළු කවයි මේ අය. (බ)
අවුරුදු ගණනක් පාලනය කළ අයගේ දක්ෂකම. ඉස්සරහටත් ඔච්චර තමයි. තේ, පොල්, මාළු, හාල් වගේ ලංකාවේ තියෙන දේවල් තමයි වැඩියෙන්ම මිල. ඒ නිසා තෙල් ලංකාවෙන් හමු නොවේවායි ප්‍රාර්ථනා කරනවා. මේක අරුම පුදුම මිනිස්සු ඉන්න අරුම පුදුම රටක්! (නි)
එ්ක නේන්නම් ඇමතිතුමා. යුඑන්පි ආණ්ඩු ගණනාවක් තිබුනා. ශ්‍රී ලංකා ආණ්ඩු ගණනාවක් තිබුනා. ඒ මදිවට අර පෙරමුණු මේ පෙරමුණු සන්ධාන වැහිවැහැලා. මොනවා කළාද මන්දා මේ ඉතුරු නැව් 115 නොදමා? නමුත් නැව් 115ක් පිරෙන්න ඩියුටි ෆ්‍රී කාර් නම් ගෙනවිත් තියෙනවා. දැනටම අවුරුද්දක් ගෙවිල ගියා. ඉතිරි අවුරුදු හතරේදී එකසිය පහළොව කෙසේවෙතත් පහළොවක්වත් පුලුවන් නම් දාලා පෙන්වන්නකො. (නි)
මට නම් මෙතුමා කියන දේ පොඩ්ඩක්වත් තේරෙන්නේ නෑ.ප්‍රධාන අරමුණ මොකක්ද?මෙරට ධීවර කමාන්තයේ දියුණුවද? නැත්නම් පිටරටවල ධීවර කර්මාන්තයේ දියුණුවද? (නි)
ඇමතිතුමා දන්නේ නැහැ වගේ ලංකාවේ නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක මිල විදේශීය විශාල නැවකට වඩා ලොකු බව. ලංකාවේ නිෂ්පාදනය කරන කුඩා ෆයිබර්ග්ලාස් ට්‍රෝලර් එකක් ගන්න සල්ලි වලින් විදේශිකයෙක්ට මඳක් පාවිච්චිකළ ඉතා හොඳ තත්වයේ විශාල නැවු 2 ක් ගන්න පුළුවන් (නි)
අනේ මහත්තයෝ, නිකම් බොරු කතා එපා. ඔබතුමාත් හිටපු කැබිනට් එකේම නේද ඇයි කලින් ධීවර ඇමති තුමාත් හිටියෙත්, දැන් ඉන්නෙත් ඔක්කොම එකට මේ ආණ්ඩුවේනේ. ඔබලාම කරපු වැරදි පෙන්න අවුරුද්දක් ම ගියාද. දැන් ඉතින් ඒවා හදාගන්න තව අවුරුදු කියක් ඕනද. (බ)
අනේ අයියෝ මාලු විතරද.මිරිස්,අල ආදීය (බ)
වැඩ කරන්න දෙන්නේ නැති කට්ටිය ධීවර අමාත්‍යංශයේ ඉන්නේ. රට වටේටම ඩයිනමයිට් දාලා මාළු අල්ලනවා පොඩි මාළු විනාශ වෙනවා. වගකිවයුත්තෝ මර නින්දේ (බ)
මමත් කලින් ධීවර අමාත්‍යංශයේ සිටියේ ව්‍යාපෘති කළමනාකරුවෙක්.අපි වැඩ කළේ ෆෙස්ටස් මහතා යටතේ. අපගේ අබුඩාබි ට්‍රෝලර් ව්‍යාපෘතියත් නැගෙනහිර වෙරල ව්‍යාපෘතියත් ඉතාම සාර්ථක වුනා.මුලදී ධීවරයන් මේවට පුහුණු කිරීම අමාරුවුනත් පසුව ඉතාම ජනප්‍රිය වුණා.මෙයින් රටේ නිෂ්පාදනය වැඩි වුනාට අමතරව නව තාක්ෂණය රටට ආවා.(බ)
රට වටකර සාගරයයි.... (ර)
ඇයි කලින් ධීවර ඇමති තුමා ඉන්නෙත් ආණ්ඩුවේනනේ. ඇයි ඔය දේවල් වෙනුවෙන් මුකුත් කරලා නැද්ද . නැත්නම් අපේ හිටපු අය ඒවට ඉඩ දීල නැද්ද.? මෙච්චර කල් (අවරුදු 10 ක් ) රට කලේ දේශීය දේවල් නගා සිටවපු ආණ්ඩුවක් ඇයි එයාලා ඕවා නොකළේ.? (ර)
ආනයනය ගැනම තමයි මෙයාලගේ කතාව. අපනයනය කෙරෙහි කිසිම උනන්දුවක් ඇත්තෙම නැහැනේ මොන අංශයකින්වත්. (ර)
නැව් 1000 තියා එකක් වත් දැම්මොත් නේද.(හේ)
අනේ ඉතින් කියනව විතර නේ. ඇතට නැව් යවන එක අමාරු නම් මාළු ලඟට ගෙන්න ගන්න රට වටේට ඇම දාන ක්‍රමයක් හොයමුද? (ර)
ඔය වගේ දේවල් කාලෙන් කාලෙට කියවෙනවා. අපිත් අහනවා, කියවනවා. හැබැයි ආයේ දවසක තව කෙනෙකුට හරි ඔය දේම කියන්න ඉඩ නොතියනවානම් තමා හොද. (ර)
රට වට කර සාගරයයි ඒ සම්පත් ආකාරයි පිටරටින් මාළු ගෙනත් දෙනවලු... (ර)
හා..හා..වැඩ පටන්ගන්න, කයිවාරුව පැත්තක තියලා.(හේ)
මේක මාර කතාවක්නේ. (හේ)
ඇම විදිහට පාවිච්චි කරන්න ඡන්ද දායකයෝ ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. (ර)
ඉතින් ඒ ටික කරන්නකෝ.... (ර)
මේවා අපි ඉපදිච්ච දවස්වල ඉදල අහන දේවල්. (ර)