IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අඬුව තියෙද්දී අත පුච්චා ගනී

පසුගිය දිනක වෙරෝනා නගරයේ විදුලි කණුවක්  තාප්පයක් පාසා සිංහල අත් අකුරෙන් ලියවුණු පත්‍රිකාවක් අලවා තිබුණි.

වෙරෝනා ජිවත් වන ශ්‍රී ලාංකික පිරිමියකු හට තම දරුවන් දෙදෙනා බිලිවී ඇති අයුරුත් නොයෙක් වරදාන දෙමින් අදාළ පුද්ගලයා පිරිමි දරුවන් තමාට අවනත කර ගන්නා අයුරුත් එහි සටහන්ව තිබිණි. ශ්‍රී ලාංකික දෙමාපියන්ටද තම දරුවන් ගැන සැලකිලිමත් වන ලෙස අනතුරු අගවා තිබිණි.

අදාළ පුද්ගලයාගේ සමාජ කෙටි නාමයත් සැබෑ නමත් එහි ඇතුළත්ව තිබුණි.

වෙරෝනා නගරයේ වසර 20කට අධික කාලයක් ජිවත් වෙන සමාජ ක්‍රියාකාරී ශ්‍රී ලාංකිකයකු අදාළ පත්‍රිකාව පිළිබඳව මෙසේ කියයි.

මේක ඇත්ත නම් මේක ලියලා තියෙන්නේ දරුවන්ගේ අම්මා හෝ තාත්තා විය හැකිය. ළමා අපයෝජනයට , කාන්තා හිංසනයට , නීතිය තදින් ක්‍රියාත්මක වෙන රටක කැලෑ පත්තර ගහන්නේ නැතිව පොලිසියට කිව්වා නම් අදාළ පුද්ගලයට ඉහළ දඩුවම් දෙන්න තිබුණා.

හෙට දවසේදී තවත් කෙනෙකු මෙය ප්‍රයෝජනයට අරන් කැලෑ පත්තර  ගහන්න  පුළුවන්. වාසනාව තිබුණත් මේ වගේ රටකට එන්න අපි තාම අවාසනාව තුරුළුකරන් ජිවත් වෙනවා කියලයි මට හිතෙන්නේ.



අදහස් (0)

අඬුව තියෙද්දී අත පුච්චා ගනී

භාතිය Wednesday, 21 September 2016 12:23 PM

වෙරෝනා කියන්නේ දැන් දැන් තම රටට නින්දා කරන ශ්‍රී ලාංකිකයන් බහුල නගරයක් වී ගෙන එනවා. ලංකාවේ පුරුද්දට දැන්වීම් අලවන්නෙම බස් ආවරණයක හෝ දැන්වීම් ඇලවිය නොහැකි ප්‍රසිද්ද ස්ථාන වල. (ර)

:       0       0

ධම්ම Wednesday, 21 September 2016 01:08 PM

බලුවලිගේ සහ උණපුරුක මතක් වුණා.(අ)

:       0       0

සෑම් Wednesday, 21 September 2016 07:21 AM

මට නම් හිතෙන්නේ එය මේ පුද්ගලයා සමඟ තිබෙන යම් තරහකට ඔහුව අවමානයට ලක්කිරීමේ උත්සාහයක් කියලයි. (නි)

:       0       0

අබය Wednesday, 21 September 2016 07:26 AM

හෙට අනිද්දා වෙනකොට අපේ කට්ටියම මෙයාව එළියට දමයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 21 September 2016 07:45 AM

පිස්සුවට බෙහෙත් තිබුනත් මෝඩකමට බෙහෙතක් නැහැ කියනවනේ. (නි)

:       0       0

භද්‍රානි Wednesday, 21 September 2016 07:47 AM

කෙනෙක් කිසියම් වරදක් කළා නම්, ඉතාලි පොලිසියට දැනුම් දෙන්න තිබුනනේ. එහෙම වුණා නම්, අදාළ පුද්ගලයාට උපරිම දඬුවම ලැබේවි. එහෙම නැතුව තමන්ගේ ජන්ම ගතිය ප්‍රදර්ශනය කළා කියලා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැහැනේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 September 2016 08:39 AM

කැලෑ පත්තර ගහන්නේ පළිගැනීමේ චේතනාවෙන්. පොඩි දෙයටත් පොලිසියට දුවන අපේ මිනිස්සු මේ දෙයට විතරක් පොලිසියට යන්න දැනුමක් නැති බබාලා. (ර)

:       0       0

කසුන් Wednesday, 21 September 2016 09:04 AM

අනිවාර්යෙන්ම බොරුවක් හා මඩක්. පොලිසියට නොයා ඉතාලියෙ කැලෑපත්තර අලවන්නෙ මොන මෝඩයද? (ර)

:       0       0

වසන්ජය Wednesday, 21 September 2016 09:42 AM

වසර විස්සකට අධික කාලයක් වෙරෝනාවේ ජීවත් වුණු සමාජ ක්‍රියාකාරිකයට හිතන්න බැරි වෙලා නියම අම්ම තාත්ත ලියන විදිහට වෙනත් කෙනෙක් ලිව්වද කියල ඇරත් අම්ම තාත්තලා දරුවන්ට අවමානයක් සිදුවන ලෙස මෙසේ කටයුතු කරාවිද (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 21 September 2016 10:09 AM

කැලෑ පත්තර ගහන එක පරම්පරාවෙන් උරුම වෙන දෙයක්. හරි අමාරුයි නවත්ත ගන්න. (හේ)

:       0       0

බෙනට් Wednesday, 21 September 2016 11:23 AM

මේක සැබෑ ලෙසම පුද්ගල අවමානයක් .. මේක කරපු කෙනාව පෝස්ටරේ අලවපු කෙනාව අත්අඩංගුවට අරගන්න ඕන .. පුද්ගලික තරහවල් වලට පළිගන්න ඔය වගේ පෝස්ටර් ගහන අයට වෙනම දඬුවමක් දිය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 633 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1043 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 742 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1001 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site