රජයේ රෝහල් දෙකක නොසැලකිල්ලෙන් තම වම් අත කපා දැමීමට සිදු වී යැයි කියමින් නීතී ශිෂ්‍ය අචලා ප්‍රියදර්ශනී රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා කොළඹ දිස්ත්‍රික් උසාවියේ අද (06) නඩු පැවරුවාය.
මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ දොස්තර දිල්කා සමරසිංහ,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල,සෞඛ්‍ය ලේකම් දොස්තර සුධර්ම කරුණාරත්න හා නීතීපති වගඋත්තර කරුවෝය.
නිවසේ පඩි පෙළකින් වැටි වම් අතේ ඇටයක් බිඳීම නිසා 2013 ජනවාරි 13 වැනිදා මාතර රෝහලට ඇතුළු කළ බවත් මාතර රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළ බවත් එහිදී අත කපා දැමු බවත් වෛද්‍යවරුන් වගකීමෙන් හා සුපරික්ෂාකාරීව ක්‍රියා කළා නම් තම අත නොකපා සිටීමට හැකිව තිබු බවත් ඇගේ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා ගේ මෝඩ කතා වලින් මේ අදහස් දාන අය කලබල වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මෝඩ කතා අනික් අයට ගෙන දෙන්නේ විනෝදයක්. දිගටම ලියන්න. ඔබ දැන් ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. (හැබැයි මෝඩයෙක් විදිහට.) (නදී)
මේ කතාව ඇත්ත කතාවක්. පොදුවේ දොස්තරලාට අපහාසයක් කියල හිතන්න එපා. දෙවිවරු වගේ දොස්තරලත් ඉන්නවා. මේ හිතවත් මිත්‍රයෙක් ඉන්නවා ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. කොයි වෙලේ බැලුවත් කොහේ හරි පුද්ගලික රෝහලක. මම ඇහුව යමු අපිත් එක්ක පොඩි විනෝද ගමනක් දවස් කීපයක කියලා. අපෝ බෑ කිව්වා. මේ ටික කාලේ විතරනේ මචන් හම්බකරගන්න තියෙන්නේ. ඊළඟ පරම්පරාව එනවනේ තව ටික කලකින් කිව්වා. මේක ඇත්තම කතාවක් (නදී)
හොද අදහසක්. මේවාට දඩුවම් ලබා දිය යුතුමයි. එතකොටවත් මේ අය වගකීමෙන් වැඩක් කරයි,මේ වගේ අසරණ අයට නීතියේ පිහිට ලබාදෙන සංවිධාන බිහිකල යුතුයි. (නදී)
බන්දුල පෙරේරා නම් පිස්සන් කොටුවේ ඉන්න ඕනේ කෙනෙක්. ඒ නංගිගේ පස්සෙන් නෙවේ මොකෙක් හරි භූතයෙක් ඉන්නේ ඔයාගේ පස්සෙන් වගේ මට පේන්නේ. මොලයක් තියෙනවා නම් පමණක් පොඩ්ඩක් හිතල බලන්න ඒ නංගිට මේ දේ වුනේ එයාගේ වරදකින් නෙවේනේ. දොස්තරගේ අතින් මේ දේ සිද්ද වුනේ වැරදීමකින් නෙවේනේ. මොකද ඒ විෂය ගැන නොදන්නා කෙනෙක් කරන්න ගියා නම් වැරදීමක් කියන්න තිබුනා. දොස්තරලා අවුරුදු ගණන් රජයේ සල්ලි (අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි) වලින් පුහුණු වෙන්නේ මොකටද එහෙනම්. (නදී)
ඔව්, තරංගගේ සෝචනීය කතාව සමග ඔහුගේ ප්‍රකාශයේ කිසියම් සාධාරණ වූ පෘතග්ජන ගතියක් තිබෙනවා. මේ සිදුවීමේ කතා නායිකාව අචලාගේ ගම පළාතේම හිසට, ඇහැට, කණට, පොලු සහ යකඩ ඇණි රජයේ රෝහල් වලට ගෙන ආ රෝගීන්ගේ සිරුරින් ඒවා සියුම් ලෙස ගලවා සුවපත් කළ මුදලට වඩා සේවයට කැප වූ වෛද්‍යවරුන්ද සිටිනවා. අචලාට ජීවත්වෙන්නට ප්‍රමාණවත් මුදලක් ලබා දීම ගැන කාගේත් විරුද්ධත්වයක් නැතිවෙයි. (නදී)
වනේ තියන කෙනා තමා එ්කේ දුක දන්නේ. (නදී)
බන්දුල පෙරේරා ඔයා මොන මානසිකත්වයක ඉන්න පුද්ගලයෙක්ද කියල මට තේරුම් ගන්න බෑ. අර බට්ටිලට වගේ එක එක්කෙනා පස්සෙන් ඉන්න කෙනෙක් නෙවේ මේ ළමයා. බුද්ධිමත් ළමයෙක් . බට්ටිල කෝටි 5 ක් ඉල්ලලා නඩු දාන මේ රටේ. 100% කම අසාධාරණයකට ලක්වෙලා ඉන්න මේ ළමය කෝටි 100 ක් ඉල්ලලා නඩු දැම්මත් වැරදි නෑ දොස්තරලගේ නොසැලකිල්ලෙන් කී දෙනෙක්ගේ ජීවිත නැතිවෙලා තියෙනවද. එ්ත් ඒ කිසි කෙනෙකුට සාධාරණයක් වුනේ නෑ. නමුත් ලඟින් මැස්සෙක් ගියත් දොස්තරලා වර්ජනය කරනවා. (නදී)
මේ සිදුවීම අපිට අමතක වෙලා තිබුන පරණම සිදුවීමක්. ඒ සහෝදරියට ඉදිරි ජිවිතයේ කටයුතු පහසුවනු පිණිස ලෝකයේ ඇති කෘතීම අත්වලිනුත් ඉතාම උසස් මිළ අධික අතක් පිරිනමනු ලැබුවා. කළ හැකි ඉහලම දේවල් කෙරුණා. අනේ සාදු. . සාදු .. කියල හිතාගෙන ඉන්නකොට මෙන්න ඒ පාර වන්දියකුත් ඉල්ලනවා. බුදු අප්පච්චියේ මේක ඇල් මැරුණු පිලුනු වෙච්ච කතන්දරයක් නේ. මෙහෙම වන්දි ඉල්ලන්න ගියොත් අතීතයට එක් වෙලා යටගිය හෝ අමතක කළ මිට වඩා වැදගත් සිදුවීම් කොච්චර තියෙනවද.? ඒවාට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. කොහොමටත් සහෝදරිය ! මට තේරෙන විදිහට ඔබේ වටිනා ආත්මය කාගේ හෝ උසි ගැන්විමකට මුදල් වලට මිළ කෙරෙන හැඩයි. එය ඔබ වෙනුවෙන් අනුකම්පා කළ සහස් සුවහස් සහෘදයන්ට කරන අපහාසයක් වනු ඇත. ඒ ගැන නැවත කල්පනා කර බලන්න. (නදී)
කව්රු ඔයාගේ පස්සෙන් හිටියත් කමක් නැහැ. ඔයා කරන දේ හරි නංගි. එදා ඔයාට උන දේ හෙට මට වෙන්න පුළුවන්. ඔය විදිහට තව කී දෙනෙක් දවසකට වෛද්‍ය කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලෙන් ජීවිත වලින් සහ සදාකාලිකව ආබාධිතව වන්දි ගෙවනවද? අපේ දොස්තරලා හිතන් ඉන්නේ ලෝකේ ඉන්න සුපිරිම දොස්තරලා කියලා. කරන ඕන තුච්ච වැඩක් හරි කියල හිතන් ඉන්නේ. දුප්පත් ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන ජීවිතේම සල්ලි මත්තේ නැහෙනවා. බහුතරය පුදුමාකාර විදිහට ආත්මාර්ථකාමී. හැම දේටම වැඩ වර්ජන. මිනිස් ජීවිතවල වටිනාකම සතේකට මායිම් කරන්නේ නැහැ. එයාලගේ නොසැලකිල්ලෙන් මගේ තාත්තගේ ජීවිතෙත් නැති උනා. එනිසා මම එම වේදනාව දන්නවා. ඊට කලින් තාත්තා ජීවිත කාලෙටම කිසි දවසක රෝහල්ගත කරලා නෑ. හොඳ සෞඛ්‍ය තත්වයෙන් හිටියේ. උන රෝගයට රෝහල්ගත කරලා පැය 15කින් විතර. හොඳට ඇවිදගෙන ගිය මනුස්සය ගෙදර අවේ පෙට්ටියෙන්. කිව්වේ එන්නතක් ගැහුවට පස්සේ තමා අමාරු වෙලා අයි.සී.යු දාල නැති උනේ. මේ වෙලාවේදී මගේ මල්ලිත් තාත්ත ළඟ හිටිය. මරණ පරික්ෂනේදී කිව්වේ උණ රෝගයෙන් වූ සංකූලතාවක් නිසා සිදුවූ ස්වභාවික මරණයක් කියලා. මම මේ ගැන ලිව්වා ජනාධිපතිතුමාට, සෞඛ්‍ය ඇමතිට, ලේඛම්ට, රෝහල් අධ්‍යක්ෂකට එ්ත් උත්තරයක් නැහැ. මොනවා උනාද දන්නේ නැහැ. දොස්තරලානේ ඔය පරීක්ෂණය කරන්නේ. එයාලම ඕක යට ගහන්න ඇති. අපිට එ්ක ඔප්පු කරන්න සාක්ෂි නැ. වෙන කරන්න දේකුත් නැහැ. දොස්තරලගේ අසාධාරනකම් වෙනුවෙන් හඬක් නගන අයට මගේ සහය. නංගි මම ඔයාගේ අනාගතේට සුබ පතනවා. (නදී)
නඩු දැමීමට ඇයට අයිතියක් තියනවා. ඒත් බුදුන් වහන්සේගෙ ධර්මයට අනුව මේ වගේ දේවල් වෙන්නෙ අපගේ පෙර සංස්කාර නිසා. අමතක කරන්න එපා මේ දොස්තරල ලෙඩ්ඬු දහස් ගානක් ගොඩ දාල තියෙනවා. ඇයි මේ ළමයටම මේක උනේ? (නදී)
බන්දුල පෙරේරා ඉස්සෙල්ල ජොහාන්ව ජෙහාන් කරගෙන පිස්සුවක් නැටුවා. දැන් හිටි ගමන් අමරබන්දු වෙලා. අනේ බන්දුල හිතනවද මෙතන ඉන්නේ මෝඩයෝ කියලා ? ගිහින් පිකටින් කරන්න ජාත්‍යන්තර උසි ගන්නන්ගේ සංගමයට විරුද්ධව. (නදී)
ටිකක් කල් යනකොට, වැඩ කරන කොට තමයි අතක් නැති පාඩුව, දුක තේරෙන්නේ (නදී)
මේ ළමයාත් තොත්ත බබෙක් නෙවෙයි බන්දුල. නීතිය හදාරන කෙනෙක්. නඩු කියන්න අවශ්‍ය මුදල් සොයාගෙන තමන්ට වූ අගතියට නීතිමය සහනයක් පතනවා වෙන්න ඇති. මේ රටේ ඔක්කොම නඩු උසි ගන්නන උදවිය නිසා සිද්ධ වෙන ඒවා නම් උසි ගන්නනන්ගේ ගාස්තුව කියල වෙනම ගාස්තුවක් ගන්න පුළුවන්. (නදී)
මම නම් හිතන්නේ නැහැ මෙය පිටුපස කවුරුත් ඉන්නවා කියලා. මේ ළමයා නීතිය ඉගෙනගන්න කෙනෙක් නිසා දැන්තමයි ඒ ගැන දැනුවත් වෙන්න ඇත්තේ. ඒ වගේම එකක් කියන්න ඕනෑ, අදටත් ජීවකයෝ වගේ හොඳ දොස්තරලා ඉන්නවා. දුප්පත් ලෙඩුන්ට ෆාමසියෙන් ගන්න ඕනෑ බෙහෙත් ටිකට සල්ලිත් දීලා ගාස්තුවක් අයනොකරම දෙනවා. ඒ වගේම ලෙඩුන්ගේ ඉහමොළ හූරාගෙන කන අයත් ඉන්නවා. (නි)
අපි තොත්ත බබ්බු නෙමෙයි මහත්තුරුනේ. මෙය පිටුපස කවුරුන් හෝ උසි ගන්නනෙක් ඉන්නවා. (නදී)
කාගේ අතිනුත් අත්වැරදීම් වෙන්න පුලුවන්. නමුත් මෙය සමාව දියහැකි දෙයක් නොවේ (නි)
අනිවාර්යෙන් මේවට දඩුවම් දිය යුතුයි. ඊයේ පෙරේදාත් අහිංසක නොදරුවෙකුගේ අතක ඇඟිල්ලක් කපලා තිබුනා නොසැළකිල්ල නිසා.අපේ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. මේ වගේ දෙයක් මැදපෙරදිග වගේ වුණා නම් මේ සේරම ගස් තමයි (නි)
මේ අගතියට පත්ව සිටින්නේ අවිවාහක තරුණියක්. උගත්කම පැත්තකට තියන්නකෝ. කවුද කැමති අතක් නැති ගෑනු ළමයෙකුව විවාහ වී ගෙදරට එක්ක යන්න.? වාසනාවට මේ තරුණියගේ විවාහ අපේක්ෂක තරුණයා මනුස්ස කම් පිරි කෙනෙකු කියල ආරංචියි. මටත් දුවෙක් ඉන්නේ. අතක් නැති වුනා නම් අම්ම කෙනෙක් හැටියට මට නිදහසේ ඇස් දෙක පියා ගෙන මැරෙන්න වත් බැහැ. (නදී)
දිගින් දිගටම එවැනි තත්ත්ව පැවතුන තැනක සිදුවන හැම අලකලංචියක්ම අත්වැරදීම් ගණයට දමන්න බැහැ. එහෙම කරන්න හැකි අවස්ථාත් තිබෙනවා. නමුත් මේක එවැන්නක් නොවන වග මගේ අදහසයි. (නි)
බන්දුල පෙරේරා, මේ අත කැපුවේ ඔබේ දරුවාගේ නම් මොකද කියන්නේ? දැන් ඇහැරුනේ මොකද කියලා අහනවා. මේ මිනිසුන්ට එකපාරටම නීතිඥවරු අල්ලන්න තරම් හයියක් නැහැ. අනෙක මේ ළමයාට ඒ කාලයේ අත ළඟ විභාගයක් තිබුනා. ඔය අස්සේ නඩු කියන්න පුලුවන්ද ? පළමුව කැපූ අතට ප්‍රතිකාර අරගෙන ඒ ප්‍රශ්නය විසඳාගෙන නේද අනිත් දේවල් කරන්න වෙන්නේ ? නීති උපදෙස් ගන්න වුණත් සල්ලි ඕනෑ නේද? සමහරු සමාජයේ ප්‍රශ්න දිහා බලන්නේ සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙනද කොහෙද? (නි)
මේ ළමය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ ජනාධිපති නීතිඥ තුමෙක් කියල ආරංචියි. එහෙම නම් මේ නඩු දැමීමට ප්‍රබල හේතු සහ සාධක තිබෙනවා නේ. ජනාධිපති නීතිඥ තුමෙක් නිකම් නඩු වලට පෙනී සිටින්නේ නැහැනේ. යම් සාධාරණයක් ඇයට ඉටු විය යුතු බව එයින්ම පැහැදිලියි. (නදී)
සේරම අය කතා කරන්නේ දොස්තරලාගෙ වැරදි ගැන. ඔය වගේ දෙයක් වෙන්නෙ කලාතුරකින්. එ්ත් එ් දේ හොඳටම ඇති. රටේ අකටයුතුකම් හොරමැරකම් මිනිමැරුම් වෙනවා හැමදම. එ්වා ගැන කතා කරන්නෙ දවසක් දෙකක්. රටේ දවසට සැත්කම් කියක් කරනවද ජිවිත කියක් බේරනවද. කිසිම දවසක එ්ව ගැන පත්‍තරේක යනවද. අඩුගානේ දවස් ගානක් රෑ දවල් නැතුව බැලුවත් කලාතුරකින්වත් ස්තුති කරලාවත් යනවද. ඕක තමා මිනිස්සුන්ගෙ හැටි. තමන්ට ලෙඩේ හොඳ වෙනකන් තමා. ඊට පස්සේ මතකත් නැහැ. වැරැද්ද කව්රු කරත් දඩුවම් කරන්න ඕනා. එ්ත් මෙතන අය කතා කරන්නේ ලෝකේ නරකම ජාතිය දොස්තරලා වගේ. කොහොමත් ඉතින් කෙලෙහි ගුනයක් තියෙන මිනිස්සු අඩුයිනෙ. (නදී)
ඕක නිසා තමයි බන්දුල පෙරේරා පිටරටවල දොස්තරවරු ඩොලර් මිලියන ගණන් වලට තම සේවාව රක්ෂණය කර ඇත්තේ.ලංකාවේ ජීවකයෝ ඒවා නොකෙරුවාට අපි මොනවා කරන්නද. (නි)
අපි තොත්ත බබ්බු නෙමෙයි මහත්තුරුනේ.. මෙය පිටුපස කවුරුන් හෝ උසිගන්නනෙක් ඉන්නවා.. අර බට්ටිත් එක්ක පැෂන් බග් යන ඉන්න කම් විශ්ව විද්යායල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා තමන් ගොඩ ගිය අය වගේ..දොස්තර සංගමේ ක්‍රියාකලාපය මම දැඩිව විවේචනය කලත් මෙතැනදී මම දොස්තරලගේ පැත්තේ..මොකද මේ සිදුවීමත් සමග සැමගේ අනුකම්පාව ඇයට හිමි වුණේ රජයේ වියදමින් රට ඉන්න අම්මව ගෙන්න දුන්නේ දෙන්නව රට යවල ලෝකේ තියෙන හොදම කෘතීම අතක් දැම්මේව්වේ, ඉගෙනීම සම්පුර්ණ කරගන්න අවශ්‍ය පහසුකම් සපයල දුන්නේ අවසානයේ ගුණමකුව කාගේවත් ඉත්තෙක් වෙන්න නෙමෙයි.මම අර බම්බලපිටියේ දොස්තර මහත්තය වෙනුවෙන් පෙනී සිටියේත් ඕනෑම දක්ෂයකු අතින් ඕනෑම මොහොතක අත් වරදක් සිදුවිය හැකි නිසා..ඒකසිතා මතා කරන දෙයක් නෙමෙයි.ඒවාට නඩු දාල ඔහොම වන්දි ගන්න ගියොත් ඉස්පිරිතාල වහල දාන්න වේවි.කව්රුත් සැත්කම් කරන්න වගකීමක් ගන්න ඉදිරිපත් වෙන එකක් නැහැ.(අ)
අනෝමා, මේ ළමයා වෙනුවෙන් පෙනීසිටින්නේ ජනාධිපති නීතිඥතුමෙක් වීමම සාධාරණීකරණයට හේතුවක් නොවෙයි. නඩුවේ හැටියට ගාස්තු ගෙවනවා නම් කාට වුණත් ජනාධිපති නිතිඥයෙක් අල්ලන්න පුළුවන්. ඔබ කියන "යම් සාධාරණයක් ඇයට ඉටුවිය යුතුයි" (නි)
කාවින්දි, සුභ අනාගතයක්! බන්දුල පෙරේරාට, කාවින්දිට, මධුභාෂිණීට ජයවේවා! අනේද කියන්නේ? (නි)
බන්දුල පෙරේරා කියන අදහස කවුරුත් හරියට තේරුම් ගන්නට උත්සාහ නොකළ බවක් ඔහු ගැන දාන අදහස් කියවන මට හිතුනා. සියල්ල සම්පුර්ණවෙද්දී ඇය විභාගයටත් ලියලා. මම හිතන්නේ පාස්වෙලත් ඇති. දිවුරුම් දුන්නාදැයි මම දන්නේ නැහැ. කෙසේ වෙතත් මේසා අති විශාල මුදලක් ඉල්ලීමෙන් පෙර ලැබූ අනුකම්පාව ක්ෂය වෙනවා නොවේදැයි බන්දුල පෙරේරාට වගේම මටත් සිතෙනවා. (නි)
මධුභාශිනිගේ ප්‍රකාශය මගේ සිත් ගත්තා. ඇය සමස්ත වෛද්‍ය පරපුරම අාවඥාවට ලක් කරන්නේ නැහැ. ඒ වාගේම අචලා ඉල්ලන තරමේ අති විශාල මුදල් සම්භාරයක් ඇයට දිය යුතුයැයි කියන්නෙත් නැහැ. අචලාට කිසියම් මුදලක් දිය යුතුයි. එය අචලාට ජිවත් වෙන්නට ප්‍රමාණවත් මුදලක් වීම සැම අතින්ම සාධාරණයි. කොහොමටත් මේවා නඩු වශයෙන් උසාවි දැම්මම කවදා කුමන ලෙසින් විසදේවි දැයි කියන්නට බැහැ. (නදී)
මෙතන අදහස් පලකරන කතා නායකයා ලංකාදීපේ එසනෙහි විතරක් නෙවෙයි අනිකුත් සමාජ වෙබ් අඩවි වලත් අනාගෙන, නාගෙන ඉන්නේ. මෙයා අදහසක් පලකරොත් අඩුම ගානේ සියකට වැඩිය දෝෂාරෝපණ ප්‍රතිචාර පාඨකයෝ දක්වනවා. මෙයාගේ එක අදහසකට අන් ලයික් එකසිය පනහකට වැඩිය ලැබෙනවා. සුභ අනාගතයක්! (නදී)
ඔයාට මෙතරම් දුරකට උගන්වන්න රජය වැය කල මුදලින් ඔයාගේ ගාන අඩු කරගෙන ඉතිරි ගාන අනාථ නිවාසයකට ගෙවන්න නංගි. (නදී)
චානක, චන්ද්‍රා, ඔබ සමඟ මමත් එකඟයි. (නි)
බන්දුල පෙරේරාට සුදුසුම තැන මුල්ලේරියාවේ, අංගොඩ. (නදී)
බන්දුල පෙරේරා නම් අම්මෙක්, අප්පෙක් ,දරුවෙක්, සහෝදරයෙක්, ඥාතියෙක් නැති කෙනෙක්ද කොහෙද. බට්ටිට නීතියේ පිහිට පතන්න පුළුවන් නම් ඇයි මේ දරුවට බැරි නීතියේ පිහිට පතන්න. අමරබන්දුටත් මොනවා හරි කැවිලා තියෙනවා. කමක් නෑ අනිත් දොස්තරලත් කල්පනා කරයිනේ මින් පස්සෙවත් ලෙඩ්ඩුන්ගේ ජීවිතවලටත් වටිනාකමක් තියෙනවා කියලා. (නදී)
චුට්ටි, මොකද බට්ටි මතක් වෙලා හදිසියේ. (නදී)
බන්දුල පෙරේරා කාගේ හරි පිල්ලියක්ද කොහෙද. (නදී)
සුළු අසනීපයකට බෙහෙත් ගන්න ගියත් , බෙහෙතක් විද ගැනීමට ගියත් පරීක්ෂාකාරී වෙන්න. විමසන්න. වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරන්න. වෛද්‍යවරයා නඩුකාරයෙක් හෝ පොලීසිය හෝ නොවේ. රෝහල්ගත වූ විට දෙන බෙහෙත්, නික්ෂේපන හා රසායනික වාර්තා ගැන සටහන් තබා ගන්න. අවධි බුද්ධියෙන් සිටින්න. රජයේ හෝ පෞද්ගලික රෝහල් වල වෛද්‍යවරුන්, හෙදියන්, සුළු සේවකයන් අතින් වරදක් සිදු වී රෝගියා මරණයට පත් වූ විට ඇඳ ඉහපතේ සිට සියළුම වෛද්‍ය වාර්ථා වෙනස් කරනවා. නඩු ගියාට වැඩක් නැහැ. මා දන්නා එක් දරුවෙකු නික්ෂේපනයක් වැරදී මරණයට පත් වුණා. දැන් අවුරුදු දෙකක්. තවම රස පරීක්ෂණ වාර්ථාව දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රයෝජන ගන්නේ අපේ රටේ මිනිසුන්ගේ අහිංසක කමින් සහ නොදැනුවත් කමින්. යමක් කර කියා ගැනීමට බැරි නූගත් පවුලක, රෝහලේ වැරැද්දෙන් මරණයක් සිදු වූවිට, “මරණ පරීක්ෂණ ඉල්ලන්න එපා, එතකොට මිණිය ගන්න ප්‍රමාද වෙනවා‘‘, කියල සුළු සේවකයෙක් ඇවිල්ලා හිතවත් කමට වගේ කියනවා. කරදර වෙන්න බැරි නිසා අර මිනිස්සුත් පරීක්ෂණ ඕන නෑ කියල මිණිය අරන් ගෙදර යනවා. පරීක්ෂණ යට යනවා. වෛද්‍යවරු හදාගෙන තියෙන නීති අනුව ඒ ගොල්ලො පොලීසියකටවත් ගෙනියන්න බෑ. පොලීසිය එන්න ඕන වෛද්‍යවරයා ලඟට කට උත්තර ගන්න. මේවා ගැන දැනුවත් වෙන්න. හෙට දින රෝහලේ වරදින් මිය යන්නේ ඔබේ දරුවා හෝ ඥාතියා විය හැකියි. (නදී)
චුට්ටි ඔය මිනිපුරේ බට්ටි මේ ළමයට සමාන කරන්නේ කොහොමද. ඔයාට පුලුවන්ද තරුණ කාලේදී අතක් නැතිවුනාම තමන්ගේ වැඩ කටයුතු කරගන්න. ඔයා ඕනේ කෙනෙකුට කඩේ යන්න නමුත් මනුස්සකම ටිකකුත් කඩෙන් හරි ගන්න. (නදී)
තමන්ට අගතියක් අසාධාරණයක් වුනා නම් යටගිය දවස බරණැස් නුවර බඹදත් කාලේ සිදු වුනත් කමක් නැහැ අදාළ සිද්ධිය එලියට ඇදල සහනයක් ලබා ගන්න අයිතියක් තිබෙනවා. අවරුදු 10 කට කලින් මිනීමැරුම් කල උදවිය මේ කාලයේ අත් අඩංගුවට ගන්නේ නැද්ද ? මට පේන්නේ අමර බන්දුට බමර පදන් වගේ. (නදී)
මේ සිද්ධියට නඩු පැවරීම ඉතාම සාධාරණයි. (නදී)
නීති සිසුවිය නෙවෙයි බන්දුල පෙරේරා හෙවත් අමරබන්දුව නම් මෝහිනී ද කොහෙද උසි ගන්නන බව පේනවා. (නදී)
මම ඉන්න මේ රට ඇතුළුව ලෝකයේ බොහෝ රටවල දොස්තරගේ රැකියාව පවා නැතිවෙලා ලොකු මුදලක් ලෙඩාට ගෙවන්න වෙනවා, මෙහෙම වෙලාවල් වලදී. පහුගිය කාලේ මේ වගේ දේවල් කීයක් නම් ලංකාවේ වුණාද? අනෙක් වැදගත්ම දේ තමයි ලෙඩේ සත්‍ය තත්වය හා එය ඇතිවූ ආකාරය ලෙඩාට පැහැදිලිව දැනගැනීමට තිබෙන අයිතිය ලංකාවේ පොඩ්ඩක්වත් නැහැ. ඒක ඇහුවොත් උත්තර නොදීම හෝ ලෙඩාට බනින එක තමා කරන්නේ. දොස්තර කියන්නෙත් අනෙක් රැකියාවන් වගේ රැකියාවක්. නමුත් ලංකාවේ මට හමුවුණ බොහෝ දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාල දෙවියන් කියලා. හරියට ලෙඩේ අහන්නෙත් නැතුව බෙහෙත් ලියනවා. (නි)
මිනිසුන් අතින් වැරදි වෙන්න පුළුවන්.ජීවකලා අදත් ඉන්නවා. දොස්තරලා නැත්නම් අපි ඉවරයි එහෙත් මේ උගත් දැරිවියට වුණ නස්පැත්තියට කෝටි 100ක වන්දියක් දුන්නත් මදි. (නි)
මේ කරන දේ හරියටම හරි. ඉස්සර ගම්වල හිටපු වෙද මහත්තුරු බෙහෙත් කලේ බුලත් හුරුල්ලට සල්ලි නොබලා. අද ඉන්න දොස්තරලා එදා තිබුණු පිළිගැනීමම බලාපොරොත්තු වෙනවා සල්ලි පස්සේ පෙරේතයෝ වගේ දුවන ගමන්. මට හිතාගන්න බැරි දොස්තරලා ලෙඩ්ඩුන්ට බනින්නේ ඇයි කියන එක.. හැම වෙලේම දොස්තරලට ජීවකයනෝ කියල ලියන්නේ. එයාල හිටියේ ඉස්සර. දැන් ඉන්නේ සල්ලි හම්බකරන අය. කොහොම හරි මේ දරුවාගේ අත කපපු එකට අඩුම ගානේ මේ ඉල්ලන වන්දිය වත් ලැබෙන්න ඕනේ. එක මදි වුණත් ආදර්ශයක් වත් විය යුතුයි.(අ)
බන්දුල කියන කතාවේ වැරැද්දක් මටනම් පෙනෙන්නේ නෑ... රට යවලා අතක් දැම්මුවා.. ඒකත් දාලා නීති විභාගෙත් ඉවර උනාට පස්සේ තමා මෙයාට වන්දි ඉල්ලන්ට මතක් වුනේ.. අම්මවයි දුවවයි රට යවලා අතක් දාන්ටම කීයක් ගියාද... මමනම් කියන්නේ මේක එච්චටරම හොද වැඩක් නෙවේ.. වැරැද්ද වුණු දවස්වලම මේ දේ කලානම් අන්න ඒක හරි...චුටිටි කියන කෙනාගේ කතාවත් හරි බලන් ගියාම.. හීනෙන් ඇහැරිලා වගේ (අ)
ඔව් ..! යම්කිසි අධ්‍යාපන මට්ටමක සිටින මෙවැනි බුද්ධිමත් පිරිස ඒ වෙනුවෙන් සටන් කරලා තම නැති වූ අයිති වාසිකම් දිනාගන්න ඉදිරිපත් වෙනවා. එත් නුගත් පිරිස ..? අර නුවර පළාතේ කාන්තාවකට "එබෝලා" වැළදුනා කියල වැරදුනු බෙහෙත හෙළිවීමෙන් වැළකී සිටීමේ උපක්‍රමයට ..රට පුරා ප්‍රචලිත කර එවෙලේම පරීක්ෂණවලින් වලක්වා ..ඒ මැරුණු පුද්ගලයාව විශාල ගැබුරු වළක වැළලුවා.. අද ඒ වෙනුවෙන් හඩ නගන්න නුගත් මිනිසුන් අතරේ කිසිවෙකු නැති වීමෙන්.වැසි වෙලාවට අකුණු දෙවියෝ ..වැඩමවාගෙන යාවි..!!!! සහ ගහන අපරාධ ඕවා ..? (අ)
ජපානයේ මෙහෙම දෙයක් වුණා නම් දොස්තර බඩ කපාගෙන මැරෙනවා(අ)
බන්දුල, ඒ ළමයට අනුකම්පාව නැතිවෙයි. මට පොඩ්ඩක් අහල කියනවද මෙච්චරකල් අනුකම්පාව තිබුනයි කියල ඒ ළමයට වෙච්ච සෙතේ මොකක්ද කියල. (අ)
මේ නංගිට හීනෙන් බයවෙලා ඇහැරුනා වගේ වන්දි කේස් එක මතක් වෙලා තියෙන්නේ මිණිපුරේ බට්ටි ගෙන් නේද? (අ)
බන්දුල වගේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කරවන්න ස්වභාව ධර්මය වැඩි කලක් ගන්නේ නැහැ. (නි)
ඉතාලිය වැනි යුරෝපීය රටක මේ දේ වුණා නම් රුපියල් කෝටි පනහකට අධික වන්දියක් දී වෛද්‍යවරයාත් ගෙදර යවනවා. (අ)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
කෝටි 10 නෙමෙයි කෝටි 100ක් ඉල්ලුවත් මදි මේ කළ වැඩේට (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේ බන්දුල පෙරේරා කියන පුද්ගලයා හැමවෙලාවේම කාන්තාවන්ට අපහාස කරන්නේ ඇයි? (නි)
වැරදීම් ස්වභාවිකයි. නමුත් "ලොකුම කිල්ල නොසැළකිල්ල" කියනවානේ. දොස්තර මහත්වරු ලෙඩුන් ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි. (නි)
ඇයි මෙතරම් ප්‍රමාද වුණේ? (නි)
මේකට වගකිවයුතු අය හිතාගෙන ඉන්න ඇති දැන් මේක කාටත් අමතක වෙලා කියලා. ඔබ ගත් පියවර ප්‍රශංසනීයයි.අනාගතයේ මේ වගේ අසාධාරණ නොවෙන්නත් එක්ක. ඔබට ජය දියණියනි! (නි)
චමින්ද මහත්තයා කියනවා වගේ මේ කාන්තාවට වූ අසාධාරණයට කෝටි දහයක් කොහොමත් මදි. ඒත් මේක මේවාගේ අසරණ වෙන ලෙඩුන් වෙනුවෙන් නඟන හඩක් හැටියට සැළකුවොත් වඩාත් හොඳයි (නි)
අර බම්බලපිටියේ දොස්තරව ගස් අරින්න දත කාපු, මාලඹේ අයගේ අඩුපාඩු ගැන කතාකළ කට්ටිය දැන් මොකද කියන්නේ? වැරදීම් වීම ස්වාභාවිකයි. ඒක තමයි යථාර්ථය. කොහොම වුණත් මම නම් කියන්නේ මේ නංගිත් අසාධාරණයි. නංගි ගැන මිනිසුන්ගේ හිත්වල තිබුණු අනුකම්පාව නම් මේ නඩුවත් එක්කම ඒ හිත්වලින් දියවෙලා යාවි (නි)
මේක හොඳ පියවරක්. වන්දිය කෙසේවෙතත් මෙවැන්නක් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමටවත් යම් රුකුලක් වේවි. (නි)
මේක හොඳ වැඩක්. මොකද ගොඩක් දොස්තරලා හිතාගෙන ඉන්නේ වැරදි කරලා මොකක් හරි බොරුවක් කරලා බොරු වාර්තාවක් එකක් දීලා ඇඟ බේරාගන්න. දෙවිවරු වගේ දොස්තරලත් ඉන්නවා. ඒත් සමහරු ලෙඩුන්ට කතා කරන්නවත් දන්නේ නැහැ හරියට. (නි)
වගකීමක් නැති දොස්තරලා නිසා මම පාසල් යන අවදියේම මගේ අම්මා මට නැතිවුණා (නි)
බන්දුල පෙරේරාට මෙවැනි දෙයක් වුණෘ නම්, මෙතන දැන් කියන බයිලා කියාවිද ? එහෙනම් මෙතන අකුරු කොටන්න ලැබෙයිද? කඩේ යන්න ලැබෙයිද ? බන්දුල පෙරේරා, චුට්ටි,උදයංග සුබ අනාගතයක්! (නි)
මට නම් මේ මුදලත් මදි වගෙයි (නි)
බන්දුල පෙරේරා,මිනිසුන්ගේ අනුකම්පාව පමණක් තිබීම ප්‍රමාණවද්ද? (නි)
නීතිය වෙනයි. සාධාරණත්වය වෙනයි. සල්ලි වලින් අතේ වටිනාකම මනින්න බැහැ (නි)
රජයේ රෝහල් වල අඩු පහසුකම් මැද ලෙඩුන් ගොඩකට ප්‍රතිකාර කරනවා. ඒ නිසා මෙවැනි අතපසුවීම් වෙන්න පුළුවන් කියන තර්කය ඉස්සරට එනවා. බලන්න මම කියන්නේ බොරුද කියලා. ඒ සමඟම අකුරට වැඩ කිරීමකුත් පටන්ගනීවි. අනෙක් දෙය නම් පසුගිය දිනවල මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රාජ්‍ය වෛද්‍ය විදුහල් ගැන කියවුණ වර්ණනා එකක්වත් මෙතැනදී ඉස්සරහට එන්නේ නැහැ. (නි)
ඒක හොඳ වැඩක්. බන්දුල පෙරේරා කියන මහත්මයා කියන විදියට අනිත් අයගේ අනුකම්පාව තියාගෙන ඒ ළමයා හිටියම හරිද? මම හිතන්නේ දැනුත් ප්‍රමාදවුණා වැඩියි. මේක තවත් අසරණ ලෙඩෙකුට මෙහෙම වෙන්න තිබෙන තත්වය නැතිවෙන දෙයක් (නි)
ඔබට සාධාරණයක් ඉටුවේවා! (නි)
සැත්කම නොසැළකිල්ලෙන් කළා නම් මොකක්ද දැන් මේකට ගන්න පියවර? (නි)
මම නම් කියන්නේ දස කෝටියක් ඉල්ලලාත් මදි කළ වැඩේට නම්. දෙගුණයක් ඉල්ලන්නයි තිබුනේ. (නි)
අද කාලේ මාධ්‍ය මඟින් තරු වෙන සමහර අයට යථාර්ථය අමතක වෙනවා. කෙසේ නමුත් ප්‍රමාද වී හෝ නීතිය හමුවට යාම හොඳයි. (නි)
සිවිල් වන්දි නඩුවක් දාන්න පුළුවන් සිදුවීමෙන් වසර දෙකක් ඇතුළත. ඒ ළමයා එයාගේ ඉගනීමේ වැඩ ඉවරකරලා පාඩුවේ නඩුව දැම්මා. එයා එයාගේ ඉගෙනීමටයි මුල්තැන දුන්නේ. එය අගය කළ යුතුයි. අනික එයා දැන් හොඳටම නීතිය දන්නා නීතීඥවරියක්. එයා හරියටම වැඩේ කරගනී. දොස්තර මහත්වරු බයවෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
මම ඔතන හිටියත් කරන්නේ ඕකම තමයි (නි)
රජයේ රෝහල් වලින් වෙන අත්වැරදි, අතපසුවීම්, අඩම්තේට්ටම් අමතක කරලා දාන්නෙ හෝ ඒ ගැන මිනිස්සු කතා නොකරන්නෙ ඒක නොමිලේ දෙන එකක් නිසා නිකම් ලැජ්ජාවට වගේ.න්න ඒ අසරණකම, සමාජ මතය අවිය කරගෙනයි රජයේ රෝහල් නීතිය, වගකීම අමතක කරලා තමුන්ට ඕනෑ විදියට බෙහෙත් කරන්නෙ. ඒ නිසා මේ වගේ සිද්ධීන් වලින් හරි රෝගීන්ගේ අයිතිවාසිකම් හා අයිතිය ගැන කතා කරන්න සමාජය යොමු වෙනවා නම් හුගක් හොඳයි. (නි)
මෙච්චර කල් ප්‍රමාදවීම ගැටළුවක් ඔය දේ කලින්නේ කරන්න තිබුනේ. මේ පිටිපස්සේ කවුරුහරි ඉන්න හැඩයි.(අ)
ලංකාවේ සමහර දොස්තරලානම් බලු වටින්නේ නැහැ, අමුතුම ඔලුවක් , තියෙන්නේ,මෙයාලවයවන්න ඕනේ අගහරුලෝකෙට කොටින්ම කතා කරන්නවත් දන්නේ නැහැ මිනිසුන්ට.ඉතින් කොහොමද ? ප්‍රතිකාර කරන්නේ, රටේ ජනයාගේ මුදලින් ඉගෙනගෙන මේ තැනට ආපු බව අමතක වෙනවා , හිතන්නේ දොස්තර කම එයාල උපතින්ම අරගෙන ඇවිත්කියල, මේ අනුව පෞද්ගලික වෙද විදුහල් වලින් මුදල්ගෙවා ඉගෙනගෙන එළියට එන අය අපට කොහොම කරාවිද? බලමු....(අ)
අදත් ජීවකලා බොහෝදෙනෙක් ඉන්නවා අපි අතරේ නමුත් නොසැලකිල්ලෙන් සිදුවන මෙවැනි අනතුරු බොහොමයි. මම දන්නා කාන්තාවකට එයාගේ එකම පුතා නැති වුණා දොස්තර මහත්තුරුන්ගේ නොසැලකිල්ල නිසා පරක්කු වෙලාහරි මේ ගත්ත පියවර නිවරදියි. (අ)
මමනම් හිතන්නෙ වැටුනාම කැඩුම් බිදුම් වෙදෙක් ළඟට ගියානම් අත ඇද වුණත් කපන්නෙ නැහැ.(අ)