ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් රාමදාන් මාසයට පෙර ආහාර සහ ආහාර නොවන භාණ්ඩ 400 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒවා විකිණිය හැකි උපරිම මිලක් නියම කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් මැයි 29 වැනිදා සිට සහල්, කිරි, සීනි, කුකුළු මස් (අලුත් සහ ශීත කළ), පාන් පිටි සහ කෑමට ගන්නා තෙල් වර්ග ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුවී ඇත.
මෙම සංශෝධිත මිල ගණන් ශුද්ධ වූ රාමදාන් මාසය අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇත. පසුගිය වසරේදීද මේ හා සමාන භාණ්ඩ සංඛ්‍යාවකට රාමදාන් මිල සීමාවක් ක්‍රියාත්මක කළ අතර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ දැනට වසර 6 ක පමණ කාලයක සිටය.
අමාත්‍යංශය විසින් නිකුත් කළ නව මිල ලැයිස්තුවට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සැලකිය යුතු ලෙසින් පහළ බැස ඇත. උදාහරණයක් ලෙස අල් මරායි කිරි ලීටර් 2 ක මිල කටාර් රියාල් 10 දක්වාත්, නාඩා කිරි ලීටර් 1.75 ක් කටාර් රියාල් 8.50 ක් දක්වාත්, නාඩෙක් කිරි (ලීටර් 1.75) කටාර් රියාල් 8.25 දක්වාත්, නාඩෙක් ලෝංග් ලයිෆ් කිරි (එක් බෝතලයක ලීටරය බැගින් වන බෝතල් 4 පෙට්ටියක්) කටාර් රියාල් 13 දක්වාත් සහ අල් සාෆි කිරි (ලීටර් 2) කටාර් රියාල් 10 දක්වාත් පහළ බැස ඇත. මේවායේ මිල ගණන් සාමාන්‍යයෙන් කටාර් රියාල් 1 සිට 2 දක්වා හෝ ඊට වැඩියෙන් පහළ බැස ඇත.
පංජාබ් ගාර්ඩන් බාස්මතී සහල් කිලෝ 5 බෑගයක දැන් මිල කටාර් රියාල් 25.75 ක් වන අතර සන්වයිට් හාල් කටාර් රියාල් 33.75 කට සහ ක්ලියෝපැට්රා ඊජිප්තියන් සහල් බෑගයක් කටාර් රියාල් 27.75 කටත් මිලට ගත හැකිය.
ටිල්ඩා පියෝ බාස්මතී සහල් කිලෝ 10 බෑගයක මිල කටාර් රියාල් 129 ක් වන අතර, ඉන්ඩියන් ගේට් බාස්මතී සහල් බෑගයක් මිල කටාර් රියාල් 247.75 ක්, කිලෝ 40 කෙහොරි ඉන්දියන් සහල් බෑගයක් කටාර් රියාල් 277 ක්, කිලෝ 40 මොහොමඞ් බාස්මතී සහල් බෑගයක් කටාර් රියාල් 196 ක් සහ කිලෝ 40 අබුකාස් නොම්මර 1 සහල් බෑගයක් කටාර් රියාල් 185 කටත් අළෙවි වෙයි.
අලුත් සහ ශීතකළ කුකුළු මස් වෙළෙඳනාම කිහිපයක මිල ගණන්ද පහළ බැස තිබේ. ඒ අනුව සයිඩා ශීත කළ කුකුළු මස් ග්‍රෑම් 1,000 ක් කටාර් රියාල් 12.50 ක්, ග්‍රෑම් 1,100 ක් කටාර් රියාල් 14 ක් සහ ග්‍රෑම් 1,200 ක් කටාර් රියාල් 15 ක් දක්වාත් පහළ බැස තිබේ. බිත්තර 30 කටාර් එග්ස් බිත්තර පෙට්ටියක් දැන් කටාර් රියාල් 13.50 කට මිලට ගත හැකිය. එසේම ජනප්‍රිය වෙළෙඳනාම කිහිපයකට අයත් කෑමට ගත හැකි තෙල්, සීනි, පැස්ටා, ඔලිව් තෙල්, පාන් පිටි සහ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක්ද අමාත්‍යාංශ මිල ලැයිස්තුවට අන්තර්ගත වන අතර නව රෙකුලාසි උල්ලංඝනය කරන ඕනෑම සාප්පු සංකීර්ණයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත්‍යවශ්‍ය භාණ්ඩ 400 කට උපරිම මිලක් නියම වෙයි