අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් ඇමැති කමිටුවක් පිහිටවූ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අද (6) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ ඇමැතිවරයා පොලිස් අධිකාරී කොට්ඨාස ආවරණය වන පරිදි වැටලීම් හා දැනුම්වත් කිරීම් සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට එම කමිටුව තීරණය කර ඇති බවද කීවේය.
මේ අතර සතියට දෙවරක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට තීරණයක් ගෙන ඇතැයි ද ඇමැති කීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 133ක සහ සේවා 21කට වැට් බදු අදාළ නොවන බව නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කරන්නේ මොනවද කියලා නොදන්නා පිරිසක් (හේ)
වැට් එකට කලින් රු 415 ට ගත්ත ඕට්ස් ටින් එක මේ සතියේ 475යි. රු.60 වැට් එක. සතොසට ගිහිල්ල නියම කරන්න පරණ ගණනට බදු විකුණන්න කියල. සතොසේත් විකුණන්නේ වැට් එක එකතු කළ අලුත් මිලට. ඉතින් අැයි මේ ජනතාව රවට්ටන්නේ තවදුරටත්. (බ)
හිටපු අයගේ පව් අසරණ මිනිසුන් ට ගෙවන්න ඉඩ තියන්න එපා. මේකෙදි කරන්න ඕනි ආර්ථිකය ප්‍රසාරණය කරන එක. අසරණ මිනිස්සුන්ට බදු වැඩි කිරීම නොවෙයි. (බ)
තව ටික දවසකින් මේ කමිටුවට වෙච්ච දේ හොයන්න තව කමිටුවක් දාන්න වෙයි! (බ)
ඔබට සතුටුයිද දැන් (බ)
කමිටු අවශ්‍ය නැහැ. මහජනතාවගෙන් අහන්න. ඔවුන් පවසයි ඇත්ත (නි)
මට හිතෙන හැටියට මේ තත්වයට උත්තර දියයුතුව ඇත්තේ ජනතාවම තමයි. මහා මැතිවරණයේදී , හොරකම් කළා කියන අයත් පාර්ලිමේන්තුවට යැව්වේ ඔවුන්මනේ. ඉතින් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඔවුන් මන්ත්‍රී මණ්ඩලයට ගන්නේ නැතුව ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද කියලා හිතෙනවා (නි)
ඇති යන්තම් රටේ ලොකු තැන්වලට තේරුණා බඩු මිල ඉහළයන බවත්, මහජනයා කියා කොටසක් ඉන්න බවත්. හැබැයි කතාවක් තියෙනවා ඕනෑම වැඩක් එකතැන පල්කරන්න ඕනෑ නම් කොමිටියක් පත්කරන්න කියලා. (නි)
රජයක් පවත්වාගෙන යාමට බදු පනවා ආදායම් රැස් කළයුතු අපේ රටේ ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් බදු ගෙවීමට අකමැති රජයක් හැටියට ක්‍රමවේදයක් සකස්කර මල නොතලා පැණි ගන්නා න්‍යාය අනුගනය කරන්න. රජයේ ආදායමත් වැඩිවෙනවා. වෙළෙන්දෝ උද්ඝෝෂණය කරන එකත් නැතිවෙනවා (නි)
යහපාලනය දැන් සනීපද කියලා තමයි අහන්න තියෙන්නේ (නි)
චන්ද්‍රිකා නෝනාගේ කාලේදී අපි ලංකාවට එනකොට අරගෙන අාවේ විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ. නැවත රට ඒකාධිපතියාට යටත්වෙලා තිබුන යුගයේදී අපි ලංකාවට අරගෙන අාවේ කරවල, පරිප්පු, හාල්, පිටි සිනි, කිරිපිටි වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ. අපි හිතුවේ යහපාලනය යටතේවත් නැවට විදුලි උපකරණ ගෙනෙන්න. එ්ත් දැන් වෙලා තියෙන්නේ නැවත කරවල, පරිප්පු ගේන්නයි. (නි)
මේව අහලා පණ පලයන් ඊයේ පෙරේදා කිව්වලු (නි)
පිස්සුද අනේ! කවුද කියන්නේ බඩු මිල වැඩියි කියලා. ආණ්ඩුවිරෝධී බොරුකාරයෝ ඇමතිතුමාව රවට්ටලා (නි)
අපිත් පත්තරෙන් දැක්ක අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහින් බව. වැට් කියල දේකුත් ගැන ඒ පත්තරේම තිබුනා. (බ)
තොරතුරු දැනගැනීමේ පනත් සම්මත උනා නේද කෝ දැන් බලන්න එකේ ප්‍රතිලාබ. (ර)
මිල පාලනය කරපු කරවල පරිප්පු වගේ දේවල් සතොසෙත් මිල වැඩිවෙලා. වැට් ඇත්තේ නැත්තේ මොනවටද කියලා කවුරුවත් දන්නේ නැහැ (බ)
අතීසාරයට අමුඩ ගහන්න එපෝ....(බ)
කමිටුවේ වාර්තාව දිගටම අලුත් කර කර ඉන්න වෙයි. මොකද හැමදාම මොනවා හරි වැඩි වෙනවනේ.(ම)
ලලිත් මොකද්ද ගොඩක් හොඳ වැඩේ? මටනම් එහෙම එකක් තේරුනේ නැහැ. මේවා හොඳයි තවත් මිනිස්සු රවට්ටන්න. (බ)
මොන මිල පාලනය ගෙනාවත් මොන මිල දර්ශක පෙන්නුවත් කඩේට ගියාම මුදලාලි කියන ගානට ගන්න වෙනවා නැත්නම් දල යන්න වෙනවා (ම)
බොරුවට පරීක්ෂණ කරන්න ඕනේ නැහැ.හිටපු ඒකාධිපතියාගේ සහ සහචරයන්ගේ පව් අසරණ මිනිස්සුන්ට ගෙවන්න ඉඩ තියන්න එපා.බදු මුදල් වැඩි කරමින් අසරණ මිනිසුන්ට දඩුවම් දෙන්න එපා. (ම)
බොරුවට පරීක්ෂණ කරන්න ඕනේ නැහැ.හිටපු අයගේ පව් අසරණ මිනිසුන් ට ගෙවන්න ඉඩ තියන්න එපා. බදු මුදල් වැඩි කරමින් අසරණ මිනිසුන්ට දඩුවම් දෙන්න එපා. ඒ ධනස්කන්දය රාජ සන්තක කරලා අසරණ මිනිසුන්ට සහන සලසන්න.කම්බා හොරුන්ට දැඩි දඩුවම් දෙන්න. (බ)
කලින් කරන්න තිබුන වැඩක්. අපි දන්නේ නැහැ මොන භාණ්ඩ වලටද බදු වැඩි කළේ, මොනවටද නැත්තේ කියලවත්. මහජනයා දැනුවත් නොකිරීම නිසා තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ. මොනවටද ඔය පාරිභෝගික අධිකාරිය එහෙම තියෙන්නේ එහෙම දෙයක් කරන්නේවත් නැත්නම්? (බ)
ගොඩාක් හොද වැඩක් හැබැයි හරියටම සිද්ද වුණොත්???? (ම)
වැට් බදු ඉවත් කරන්න බැරිනම් රෙජීමය ඉල්ලා අස්විය යුතුයි. (ම)
ඔය කමිටුවලින් කරපු දෙයක් නෑ කොන්ද පණ ඇතිව ඇමති තීරණ ගත යුතුයි (බ)