අතුරුදන් වූ තැනැත්තන් වෙනුවෙන් නොදුටු සහතික නිකුත් කිරීම ළඟදීම ඇරඹිය හැකි වනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එම සහතික ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එහි ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා භාර දී ඇති බැවින් අද හෙටම නිකුත් වනු ඇතැයි ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අද(26) පැවැති දිසා ලේකම් සමුළුවේදී පැවසීය.
මේ සඳහා ක‍්‍රියා කරන ව්‍යවස්ථාපිත අධීකාරියක් පිහිටුවීමට නියමිත අතර ව්‍යවස්ථාදායක සභාව මගින් ඒ සඳහා සභාපතිවරයෙක් පත් කිරීමට නියමිතව ඇතැයි ද කී අමාත්‍යවරයා අතුරුදන් වූවන් වෙනුවෙන් මෙම අධිකාරිය මගින් නීත්‍යනුකූල කටයුතු ඉටුකොට නොදුටු සහතික නිකුත් කරනු ඇතැයි සඳහන් කළේය.
මේ අතර අතුරුදන් පුද්ගලයින් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවත් පසුගිය සමයේ අතුරුදන්වඇති බවට හෝ සොයාගත නොහැකි බවට වාර්තාවන පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන්ට ලබාදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ බවත් ස්වදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
මේ අතර ‘නිල මෙහෙවර - සහන සේවය‘ තේමාව යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පූර්ණ මෙහෙයවීමෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ආපදා තත්ත්වයට පත් ජනතාව වෙත ලැබුණු ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු ඇමැති හා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද පැවැත්විණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප හා වීඩියෝ - ඉසංක සුනිමල්
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතුරුදන්වූවන් වෙනුවෙන් ‘නොදුටු සහතික‘ එයි