(නිමන්ති රණසිංහ සහ ජේ.ඒ.එල් ජයසිංහ)
මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංග-ුවට ගත් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා අද (15) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරු පේරාදේණීය පොලීසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම දැරිය ඉකුත් 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමාපියන් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පේරාදෙණීය පොලීසිය අධිකරණයට කරුණූ වාර්තා කර ඇත.
සිදුකළ විමර්ශනයට අනුව මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර අතුරුදන් දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙසට පේරාදෙණීය පොලීසියට නියම කළේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතුරුදහන් සිසුවියගේ පෙම්වතා හෙටතෙක් රිමාන්ඩ්