අවුරුදු 9 සහ අවුරුදු 7 ක පිරිමි දරුවන් දෙදෙනකු පස්යාල හංදියේ අතරමන් වී සිටියදී සොයාගත් බව නිටිටඹුව පොලීසිය කියයි.
දරුවන් කියා ඇත්තේ පියා සමගපෙරදින පන්සලක නවාතැන් ගත් බවයි. පියා බස්වල ස්ටිකර් ඇලවීම සඳහා ගිය බවත් මල්ලී අඬන්නට පටන්ගත් නිසා පියා සොයා පැමිණි බවත්ය.
කුරුණෑගල, ගැට්ටුවාන තමන්ගේ ගම බවද ඔවුන් කියා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී මෙවැනි පුවත් වලින එසැණ පිරේවි. (නි)
හරිම පව් වැඩක් (දී)
මේ වගේ දරුවන් අරගෙන හදාගන්න පින්වතුන්ට ලෝකයේ තිබෙන උතුම්ම ලොකුම පින ලැබේවි. (දී)
පව් කාර වැඩ (දී)
මම හිතන්නේ මානගේ හිතපු විදිහ හරි. කොහොම වුණත් සිදුවූ දෙය හරි හැටි නොදැන අදහස් දැමීම නුවන්ට හුරු නැහැ.
මේ දරුවෝ දෙන්න මට දෙන්න (දී)
මේ ක්‍රියාව මහත් පහත ක්‍රියාවක් (දී)
හරිම නරකයි. (අ)
මේ දරුවන් දෙන්නා පන්සලේ දමා, හාමුදුරුවන්ට "නොදන්වා" පියා ගිය බව මේ පුවතේ, කිසිතැනක සදහන් වෙලා නැහැනේ. (නි)
මේ ළමයින් ජීවත්කරන්න බැරුව පන්සලේ දමා යන්න ඇති. නැත්නම් හාමුදුරුවන්ට දන්වලා යන්න තිබුනනේ. මිනිස්සු එදා වේල ගැටගහ ගන්නේ හරි අමාරුවෙන්. අතේ සතේ නැති මිනිස්සු වැඩියි. " හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී " කියන සින්දුව මිනිස්සු ආසාවෙන් අහන්නේ ඒකයි (නි)
හරියට බැලුවොත් අපේ රටේ දුප්පතුන් හැමෝම අතරමංවෙලා ඉන්නේ (නි)
ළමයි දෙන්නා මට දෙන්න බැරිද?? (නි)
ලංකාවේ මෙවැනි සිදුවීම් දිනපතා සිදුවෙනවා. බොහොමයක් වාර්තා වෙන්නෙත් නැහැ. පවුල් ඒකකය බිඳවැටිලා ළමයින්ට සරණක් නැහැ. මේකද මේ ආශ්චර්ය. (නි)
කොසොල් රජුට පෙනුන හීන දැන් සැබෑ වෙනවා වගෙයි (නි)
පන්සලක් කියන්නේ කෑම හිඟ තැනක් නොවෙයි. අනික බෞද්ධයින් දරුවන් වෙනුවෙන් කවදාවත් කන්න දෙයක් නොදී ඉන්නේ නැහැ. පියාගේ අරමුණ වෙන්න ඇත්තේ පන්සලෙන් දරුවන්ට කන්න ලැබෙන නිසා රැකියාවට ගොස් ආපසු එනතුරු කුසගින්නක් නැතුව ඉන්න හැකි තැනක් නිසා පන්සලේ තබා යෑම වෙන්න ඇති. මම හිතන්නේ මෙය දරුවන් අතරමං කිරීමක් නොවෙයි. (නි)
මෙම දරුවන්ට දුකක් කරදරයක් නොවේවා. තෙරුවන් සරන පතමි. (දී)
මෙවැනි ප්‍රශ්න දෙස මීට වඩා අවදානය යොමු කරන්න වෙනවා. මිනිස්සුන්ගේ ජීවන තත්වය නිසා මෙහෙම වෙන්නේ. දරුවන්ට ආදරේ නැතුවම නෙමෙයි වෙන්න පුළුවන්. (නදී)
දෙවියන්ගෙ පිහියටෙන් ළමයි දෙන්නා ආරක්ෂිතයිනෙ. එච්චරයි. මින් පස්සෙවත් පරෙස්සම් වෙයි කියලා හිතනවා. (නදී)
මේ පුවතේ නොකියවෙච්ච කතාවක් තියෙනවා.ඒ තමයි දරුවන්ගේ අම්මා ගැන.අම්මාට මොකද වුනේ කියලා දන්නවා නම්,මෙතන ඇති නොවිසඳුනු ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා.එහෙම නේද...දයා අයියේ,පියා සමහර විට නැවතී සිටි පන්සලේ, පොඩි දරුවන් දෙදෙනා නවතා, [දරුවන් සමග ගොස් රැකියාව කිරීමට නොහැකි නිසා] එදා වේල සොයාගන්න, තම රැකියාවට යන්න ඇති. (ස)
ස්ටිකර් අලවල තමයි කන්න සල්ලි හොයා ගන්නේ (නදී)
පුදුම තාත්තෙක් තමා.මොළේ කළඳක් නැහැ. ස්ටිකර් ලොකුවුණා දරුවන්ට වඩා. (ස)
පව් අහිංසක ළමයි. දුකක් කරදරයක් නොවේවා! (නදී)
අනේ අහිංසක දරු පැටව් දෙන්න... අපේ ළමයින්ව කඩයකටවත් යවන්නේ නෑ.... මහෙමත් මිනිස්සු...(දී)
පුදුම පියෙක්නේ! (නි)
පව් දෙවියනේ මොනවද මේ වෙන්නේ ..? තම දරු පැටවුන් පෝෂණය කරන්න බැරිව මහා මග දමල ..ගිහින් ලබන මානසික තෘප්තිය කුමක්ද ? සැනසීම නම් ..කුලී වැඩක් කරලා හෝ හරි දරු පැටවුන්ගේ කුසගිනි නිවන එක , උන්ට හයක් හතරක් තේරෙන කම් අධ්‍යාපනයක් දී යහ මගට රැගෙන එන එකයි.ඒ ටික දැක්මෙන් මව්පියෙකුගේ හදවතේ ඇති වෙන සතුට ..ඔය මිරිගුවක් පස්සේ දීවට කවදාවත් ලැබෙන්නේ නැහැ .දරුවන් මහමග අතරමන් කරලා යන්න මන් අයි හැදුවේ ?(දී)
මරන්නේ නැතුව මෙහෙම කළත් කමක් නැහැ. තමන්ට කන්න බොන්න දෙන්න බැරිකමක් තියෙනවා නම් දරුවන්ට හිංසාවක් නොකර මෙහෙම කරන එකේ වරදක් මම දකින්නේ නැහැ. (නි)