බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය නිසා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක්ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක. ඇතැම් ස්ථාන වල මි.මී.100 ට වඩා වැඩි තද වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනට උතුරු සහ නැගෙනහිර දෙසින් වන වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ හැමදාම කාල ගුණය දානවා නම් ගොඩක් හොඳයි (නදී)
අවශ්‍ය උපකරණ, තාක්ෂණික මෙවලම් ආධිය ලබා දී ජනතාවට උපරිම සේවයක් ලබා දීමට හැකිවේවා (නදී)
එසැනෙන් කරන තවත් හොඳ වැඩක් ස්තුතියි. (නදී)
අකුණු ගැන මාධ්‍යයෙන් කොතරම් දැනුම්වත් කළත් වැඩ නැහැ. මිනිස්සු ඉන්න අසිහියෙන් (නදී)