(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිගනිමින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂනායකවරයා මෙලෙස හිතු හිතූ තීරණ ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුස්සක් බවට පත්වන බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසි හය වගන්තියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විභාග කිරීමේ තනි අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා.
ඒ ගැන තීරණ ලබාදෙන්නෙ පාර්ලිමේන්තුවවත් විධායකයවත් නොවෙයි . ඒක දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව පත් කරන පත්වීම් තියෙනවා. පොලිස්පති ධුරයත් ඊට අයත් වෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අවසන් තීරණයක් නොවෙයි. අන්තර් වාර තීරණයක්. සිදුවිය යුත්තේ එයට ගරු කරමින් පොලිස්පතිවරයෙකු පත්කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුස්සක්ද. තමන්ට හිතු හිතූ විදියට තීරණ ගන්න පුළුවන්ද. කතානායකතුමා මේ වෙලාවේ බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරන්න ඕන. මොකද මේ ගන්න තීරණ වල පල විපාක අපි සියලු දෙනාටත් රාජ්‍ය අංශයේ සියලු දෙනාටත් විඳින්න සිදුවෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් හිතු හිතු මතයට තීන්දු ගැනීමට ගොස් අපි ලොකු අමාරුවක වැටෙනවා. දේශපාලනඥයෝ පිස්සු නටාවි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වලංගු නොවේ යැයි කියන්නේ කොහොමද. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය පිළිපදිමින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතුයි. අතුරු තහනම් නියෝගයක් ලබපු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරනවා. ඒක හරිද. එහෙම කරන්න පුළුවන්ද.
අද පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාව තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ශෝක යෝජනාව ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. මේ අග්‍රාමාත්‍යතුමා ගැන ලැජ්ජයි. එතුමත් මමත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වලංගු නැහැ කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට ගරු කරන්න.
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි
එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි
අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරය
අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’අධිකරණය නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’
ravin Friday, 26 July 2024 03:02 PM
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසළකා හැරීමෙන් රට ලොකු අවුලකට ?
Deepal Nirosh Friday, 26 July 2024 06:01 PM
පොලිස්පතිකමට වඩා අගමැතිකම ලොකුයි, අගමැතිකමට වඩා ජනාධිපතිකම ලොකුයි, ඒ හැම කමකටම වඩා ලොකුයි ලජ්ජා නැතිකම... තමනුත් ජනාධිපති පුටුවට ගියොත් තමා ඕවා තේරෙන්නේ...!
මොට්ටපාල Saturday, 27 July 2024 04:58 AM
සහතික ඇත්ත, විපක්ෂයේ නායක දුරදිග නොබලා මෙහෙම කියන්නෙ ජනාධිපති තනතුර නොලැබෙයි කියලා හිතාගෙනද කියලා අහන්න වෙනවා සුනාමි ආධාර ගැන සිල්වා මහතා දෙවරකදී කියූදේ සිහියට ගන්න විපක්ෂයේ නායකතුමා,මොන තනතුරක් දැරුවත් ඔක්කොමලා මිනිස්සු මිස කිසිවෙක් රහත්වෙලා නැති පෘතග්ජනයෝ කියලා තේරුම් ගැනීමට උත්සාහ කරන්න