IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනය ඉෂ්ට වුණාම ජීවිතේ ඉතිරි මල් පිපෙයි

2016-09-24-ent-106

වර්තමාන කලා ක්ෂේත‍්‍රයේ තරුණ රංගන ශිල්පීන් අතරින් අද වන විට ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක් තමයි ගිවන්ත අර්ථසාද්. පේ‍්‍රක්ෂක අවධානයට සහ ආකර්ශනයට ලක් වූ ටෙලි නාට්‍ය රැුසකට දායකත්වය සැපයූ ගිවන්ත මුලින්ම කලා ක්ෂේත‍්‍රයට පිවිසෙන්නෙ ”ජීවිතය ලස්සනයි” ටෙලි නාට්‍යය ඔස්සේ. එයින්ම විශාල ජනප‍්‍රියත්වයක් ලබාගන්නට ඔහුට හැකි වෙන්නෙ ඔහු සතුව තිබූ සහජ කුසලතාවන් නිසාවෙන්මයි. චරිතාංග නළුවෙක් ලෙස ක්ෂේත‍්‍රයේ නවමු ඉසව් සොයා යන මේ හැඩකාර තරුණ රංගන ශිල්පියා වෙනුවෙනුයි මෙවර ”ජීවිතේ මල්” වෙන්වන්නේ.

 

2016-07-30-ent-37

2016-09-24-ent-107මගේ ජීවිතේ සොඳුරුතම දවසක් තමයි මම විවාහ වුණු දවස. අපි අවුරුදු ගණනාවක් ආදරය කරලා තමයි විවාහ වුණේ. එයාව මට මුණගැහෙන්නෙ එයාලගෙ ෂොප් එකක් තිබුණා අපේ ගෙවල් ළඟ. මම එතනින් යන එන ගමන් තමයි ඇයව දැකලා කතා කරන්න පටන් ගත්තේ. ඒ පටන් ගත්තු කතා බහ අවසාන වුණේ ආදරයකින්. ඒ දවසෙ මම ගොඩක්ම සතුටු වුණා. ඉතින් ඒ ආදරයත් ජය ගෙන විවාහයෙන්ම කෙළවර කරගන්න අපට හැකි වුණා. ඇත්තටම එය ලොකු සතුටක් වගේම ලොකු ජයග‍්‍රහණයක්.

 

2016-07-30-ent-38

මාව පළමුවෙන්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ කරගත්තු දවසත් මම ජීවිතේ ලබපු ඉහළම සතුටක්. රවීන්ද්‍ර විජේරත්න මහත්මයාගේ ”ජීවිතේ ලස්සනයි” ටෙලි නාට්‍යයට අලූත් මුහුණක් හොයනවා කියලා දැන්වීම් ඵල වුණා ඒ දවස්වල ස්වර්ණවාහිනියෙ. ඒවා දැකලා තමයි මමත් ඒ සඳහා අයදුම්පතක් යොමු කළේ. ඉතින් මාව සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබුණා. පසුව මම ඒ සඳහා සහභාගි වුණා. වාසනාවකට වගේ මාව ඒ සඳහා තේරීපත්වෙලා තිබුණා. ස්වර්ණවාහිනි නාලිකාවෙ තමයි ඒ නාට්‍යය විකාශය වුණේ. ඉතින් ඒ නාට්‍යය වෙනුවෙන් මටත් සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳ ගොඩක් සතුටුයි. මගේ ජීවිතේ කියන්න බැරි තරමේ සතුටක් ගෙනදුන්නු දවසක් තමයි ඒ.

 

2016-07-30-ent-39

මගේ පළවෙනිම වේදිකා නාට්‍යය සඳහා සම්බන්ධ වුණු දවසත් මට සුවිශේෂම දවසක්. මගෙ පළමු නාට්‍ය තමයි ”හෙලෝ” එය කෙටි වේදිකා නාට්‍යයක්. චාලක රත්නසූරිය තමයි එහි රචනය සහ අධ්‍යක්ෂණය කළේ. මම කවදාවත්ම වේදිකා නාට්‍යය කරලා තිබුණෙත් නෑ. නමුත් මෙහි අධ්‍යක්ෂක මට කතා කළාම ගොඩක් ආසාවෙන් ඒ සඳහා දායක වුණේ. ඉතින් ඒ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලෙත් අවසානය දක්වා තේරී පත් වුණා. එය මගේ ජීවිතේ මම ලබපු තවත් ජයග‍්‍රහණයක්. ඉතින් ඒ පිළිබඳවත් ගොඩක් සතුටුයි.

 

2016-07-30-ent-40

මගේ පුතා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසෙත් මම ගොඩක්ම සතුටු වුණා. විවාහයෙන් පසුව ඕනම කෙනෙක්ගෙ බලාපොරොත්තුව වෙන්නේ දරුවෙක්නේ. ඇත්තටම බිරිඳ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මට කිව්වම මට කතා කරන්න බැරි තරමේ සතුටක් හිතට දැනුණේ. ඒ මොහොතෙ මම ගෙදරින් එළියෙ හිටියෙත්. ඉතින් ගෙදර යනකම්ම ඉවසිල්ලක් නැතිව තමයි හිටියේ. ඇත්තටම මට ඒ වෙද්දි එච්චර වයසකුත් නෑ. ඒ නිසා එතරම් තේරුමක් තිබුණෙත් නෑ. නමුත් ලොකු වගකීමක් තියෙනවා කියලා හිතුණා පුතා ලැබෙනකම්.

 

2016-07-30-ent-41

බිරිඳට දරුවා ලැබුණු දවසත් මගේ ජීවිතේ ලබපු ඉහලම සතුටක්. මාස 10ක් කුසේ දරාගෙන ඉඳලා දරුවා මෙලොවට බිහිවුණාම කොයි අම්මට තාත්තටද සතුටක් නැත්තේ. ඉතින් මම හොස්පිට්ල් එකට යන්නත් කලින්ම දරුවා ලැබුණා කියලා මම දැනගත්තා. අපිට ලැබුණෙත් පුතෙක්ව. මම ගොඩක්ම ආසාවෙන් හිටියේ පිරිමි ළමයෙකුට. ඒ හිතුවා වගේම ලැබුණෙත් පුතෙක්. ඉතින් ඒ දවසෙ මගේ ජීවිතේම සම්පූර්ණ වුණා වගේ හැඟීමක් හිතට දැනුණා. පිය පදවිය කියන්නේ මොකක්ද කියන එක හදවතටම දැනුණෙ ඒ දවසෙදි තමයි.

මගේ පුතා ටික ටික ලොකුවෙලා පළමුවෙන්ම පෙර පාසල් ගිය දවසෙත් මට ලොකු සතුටක් දැනුණා. ඒ සඳහා මම එයාව ඇතුළත් කරලා ආපහු එද්දි හරි සතුටුයි. පුතා පෙර පාසල් ගියේ අවුරුදු 3දි. ඒ තරම් පොඩි වයසක හිටියත් හරි ආසාවෙන් තමයි පුතා පෙර පාසල් ගියෙ. වෙන ළමයි අම්මා තාත්තා ළඟ නැති වුණාම අඬනවනේ. ඒත් අපේ පුතා එහෙම නෑ. හරි ආසාවෙන් ළමයි එක්ක විනෝදෙන් සතුටින් හිටියා. ඒ සතුට දැක්කම මටත් ලොකු සතුටක් ඇති වුණා.

 

2016-07-30-ent-42

ඒ දවස වගේම තමයි පුතා පළමුවම පාසල් ගිය දවසත්. එයාට හොඳම පාසලකුත් ලැබුණා. ඒ තර්ස්ටන් විද්‍යාලය. මගේ පදිංචි ස්ථානයෙ සිට තිබුණු දුර ප‍්‍රමාණය අනුව පොඩි ප‍්‍රශ්නයකුත් තිබුණා. පුතාව ඒ සඳහා ඇතුළත් කරන්න. නමුත් පුතාගෙ වාසනාවට ඒ පාසලට ඇතුළත් වෙන්න හැකි වුණා. ඒකත් ලොකු සතුටක්. මොකද ඕනෑම දෙමව්පියෙක්ගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ දරුවන්ගේ අධ්‍යාපනය සහ හොඳ මානසිකත්වයක් ලබාදීමනේ. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි දිවා රෑ දැන් කැපවෙන්නේ.

 

2016-07-30-ent-43

මගේ එක හීනයක් තියෙනවා අධ්‍යක්ෂවරයෙක් වෙන්න. ඒ සඳහා මුල් අඩිතාලම දාගන්නට මෑතකදී මට පුළුවන් වුණා. නමුත් එය ටික කාලයකට කල් ගියා. ඒ එම කර්තව්‍යයට සම්බන්ධ වීමට සිටි නිෂ්පාදකයා ටිකක් පිට ඉන්න නිසා. ඒත් දැන් එය සාර්ථක වෙන ලකුණු තියෙන්නේ. ඒ පිළිබඳ මට ලොකු සතුටක් තියෙනවා. ඒ සියල්ලම නිශ්චිත වශයෙන් සාර්ථක වනතුරු තමයි බලාගෙන ඉන්නේ. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණාම ජීවිතේ ඉතිරි මල් පිපෙයි. ඒ පිපෙන දවසට ගොඩක්ම සතුටු වෙයි.

 

ධනූ විජේරත්න

 

2016-09-24-ent-105



අදහස් (0)

අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනය ඉෂ්ට වුණාම ජීවිතේ ඉතිරි මල් පිපෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1332 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1499 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1335 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site