දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 69 කණුව ප්‍රදේශයේ සිදු වු අනතුරකින් හත් දෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා ගමන් ගත් කැබ් රථයක් ලිස්සා ගොස් ආරක්ෂක වැටේ හැපීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් මාරම මාර අධිවේගී මරු කපොල්ලක් තමා (නදී)
දැන් මේකට පාරට බනින අයත් ඉන්නවා. වෙන පාරක වුනා නම් බලන්නෙවත් නැති අය අධිවේගයේ අනතුරක් වුනොත් පාරට බනිනවා. ඒ තරමට අපේ රටේ දේශපාලනය බංකොලොත් වෙලා. (නදී)
මාර්ගයෙන් ඉටුවෙන සේවය මිල කල නොහැක. මේ ගැන විදිමත් පරීක්ෂණයක් කලානම් හොදයි. රියදුරුගේ නොසැලකිල්ල හෝ අදික වේගය වගේ කාරණයක් අනතුරට හේතුවක් වෙන්න පුළුවන්. මාර්ගයට බැනල වැඩක් වෙන්නේ නැහැ (නදී)
ඇත්තටම බොහෝ අනතුරු වලට මාර්ගය වැරදි නැහැ. අධිවේගී මාර්ගයේ සහ අනෙකුත් මාර්ගවල වන බොහොමයක් අනතුරු වලක්වා ගන්න පුළුවන් සැලකිලෙන් රිය ධාවනය කලොත්. විශේෂයෙන්ම ලංකාවේ රියදුරන්ගේ විනය පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැමදාම අනතුරු අසන්න ලැබුනත් හැමෝම හිතන්නේ තමුන්ට අනතුරක් වෙන්නේ නැහැ කියල. ඒ වගේම අපේ ආකල්පත් වෙනස් කරගන්න ඕනා. උදාහරණයකට රියදුරෙකුට කිව්වොත් සැලකිල්ලෙන් රියපදවන්න කියලා සමහරු කියන්නේ වෙන්න තියෙන දෙයක් වලක්වන්න බැහැ කියලා. හැම වෙලේම අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියන මනසිකත්වයේත් අදාල වේග සිමා පිළිපදිමින් ගියොත් ගොඩක් අනතුරු වලක්වා ගන්න පුළුවන්. (නදී)
මේ වගේ පාරක යන්න බැරි රියදුරුන්ට මොන පාරකවත් යන්න බෑ. (නදී)
වාහන පදවන අයට අනතුරක් වලක්වාගන්න බැරි උනහම කියන්නේ පාරේ වැරැද්ද. තමන්ට පාලනය කරගත යුතු වේගයෙන් යා යුතුයි (නදී)
මිට පෙරත් මම ලියලා තියනවා මම යුරෝපා සහ මැද පෙරදිග වසර ගනනාවක් සිටින අයෙක්. ලංකාවේ අධි වේගී මාර්ගය පැ./ කිමි, 100 ක වේගයකටවත් ගැලපෙන්නේ නැහැ. 90 පනිනවිට ලෙස්සන්න බලනවා. පාරේ ආනතිය, මට්ටම් බව සහ යොදා ගත් මිශ්‍රනයේ ප්‍රමිතිය නැවත සමීක්ෂනයක් කලොත් හොඳයි. වෙන රටවල මොන කාලගුනයක් යටතේ වුවත් මෙවන් අනතුරු අවමයි. තව හේතුවක් රියැදුරන්ගේ අව පැවැත්ම, අපරික්ෂාකාරිත්වය,අධික වේගයට නුපුහුණු බව. (නදී)
විනාඩියක් හරි ඉක්මනට යන්න තමා හදන්නේ. ලංකාවේ රියදුරන්ගේ නොසැළකිලිමත්කම දැනගන්න වෙන රටක ඉන්න ඕනෑ. පාරේ වැරැද්දක් නම් ඉතින් අනික් වාහනත් අනතුරට ලක් වෙන්න ඕනෑනේ. වේගය වැඩි වුණාම ඕනෑම වාහනයක් පාරෙන් ඉවතට විසිවෙන්න පුළුවන්. ඒ වගේම පාලනය කරගන්න බැරි වෙන්නත් පුළුවන්. මේ සදහා කුමක් කෝ ක්‍රියාමාර්ගයක් ගතයුතුයි, සියලුම මාර්ග වල සියලු රියදුරන් වෙනුවෙන් (නි)
අධිවේගී කියලා නියමිත වේගය ඉක්මවා යාම, මාර්ග සලකුණු ගැන සැළකිලිමත් නොවීම, මාර්ග නීති නොදැනීම හෝ නොසැළකිලිමත්කම බොහෝ අනතුරු වලට හේතුවයි (නි)
මෙම අධිවේගයේ පළල ජාත්‍යන්තර මට්ටමේ නැති බව කියන්නේ ඇත්තද? මේ නිසා විශාල පිරිසක් අනතුරට පත්වේ. කටුනායක චීන පාර නම් නිවැරදිව ඇත (නි)
ඔකේ යද්දී වේගේ වැඩිවෙනවා තේරෙන්නේ නෑ. වේගේ වැඩි කරන්නමයි හිත (නදී)
නියම කණුව ලඟ තමයි වැඩේ වෙලා තියෙන්නේ (නදී)
අපිට බොහෝ වැදගත් වන වෙබ් අඩවියක්. අපිට ඉතාම පහසුවෙන් දවසේ පුවත් දැනගන්න පුලුවන් (නදී)