IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අනාගතේ අනාගෙන‘

‘රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක් හදාගෙන ඉන්නෙ. ඕකෙ සල්ලි නැති හිඟන්නු ටික කැමැති වෙනවා ඒවට. ‍ඕකෙන් වෙන්නෙ රටට හොඳක් නෙමේ රටේ අනාගතය අඳුරු විමක් හා භයානක තත්වයක්. ර‍ට ගැන හිතෙන කිසි කෙනෙක් ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් නෑ‘ යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඒ හිමියන් බැහැ දැක යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කීහ.

‘පත්තරේ මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයටයි මලික් සමරවිර මහත්තයටයි බලය ඉක්මවා ගිය බලයක් දෙන්න යනවා. දැනටත් පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. කිසිම සදාචාරයක් නැ.මේක මහා භයානක තත්වයක්. මේ කරන්න හදන්නෙ ජනාධිපතිගෙ බලතල අයින් කරල හෙමිහිට පැත්තකින් තියල මෙයාල බලය අරන් රජය ගෙනයන්න තමා මේ හදන්නෙ. මේ මිනිස්සුන්ට මොලයක් තියෙනවනම් හිතන්න ඕන මේ මොනවද මේ කරන්නෙ හදන්නෙ කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

‘ආණ්ඩුවට බයක් තියෙනව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න බැරි වෙයි කියල. ජන මත විචාරණයක් පැවැත්තුවත් මෙයාලට ඒක අවාසි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ කරන්න හදපු දේවල් වක්‍රාකාරව සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් ගේන්න හදනවා‘ යැයි එහිදී ජී.එල්.පීරිස් මහතා කීය.

6 web1-(1)



අදහස් (0)

‘අනාගතේ අනාගෙන‘

ධම්මික Sunday, 18 December 2016 08:51 AM

අහෝ මේ බුදුන්ගේ ධර්මයද ? (බ)

:       0       0

සුරංග Sunday, 18 December 2016 09:30 AM

ධම්මික ... බුදු බණ කියන්නේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න එක නෙමෙයි මහත්තයෝ (බ)

:       0       0

දේවී Sunday, 18 December 2016 09:37 AM

ඔබවහන්සේ කියනවා වගේ අපේ සිංහල බෞද්ධයෝ මහා මෝඩ ජාතියක් ,මහණ වුවත් සමහර උන්නාන්සෙලට සම්මාදිට්ඨිය නැහැ. (බ)

:       0       0

ලියනගේ Sunday, 18 December 2016 09:38 AM

අපි දැන් 18 සංශෝධනය කරලා ඉන්න වෙලාවක ...රනිල් මහත්තයා, එවැනි දෙයක් කරනවානම් ..එ්කට විරුද්ධ විය යුතුයි ...අනාගතය ගැන නම් හිතන්න තිබුනේ 18 සම්මත කර ගන්න කොට නේ ....කෙසේ වෙතත් ...විධායකය ..නියම වෙලාවට ..රටට හිතකර තීරණ ගනී නේ..(බ)

:       0       0

රිෂාන් Sunday, 18 December 2016 09:47 AM

ඒකාබද්ධ විපක්ෂේ ඉන්නේ රට ගැන හිතන උත්තමයෝ වෙන්න ඇති නේද ලොකු හාමුදුරුවනේ? (බ)

:       0       0

පහන් Sunday, 18 December 2016 09:54 AM

ධම්ම චක්‍රය පෙන්වමින් නිර්මල බුදු දහමටත් සිංහල බෞධ සමස්ත ජනතාවටත් විනකරන නීති ගේනවා. ඉංග්‍රීසි පාලන සමයේ වත් මෙතරම් ජනතාව අසරණ කරන නීති ගෙනාවේ නැහැ.(බ)

:       0       0

සුජීව Sunday, 18 December 2016 10:09 AM

බුදුදහම යනු සිරිසගබෝ වීම නොව. අසාධාරණයට විරුද්ධවීමත් හරි දේ කිරීමත් බුදුදහමේ කොටසකි. පගා වලට අත ඉස්සීම බුදුදහම නොව. නායක තෙර අපට කියන්නේ එයයී. (බ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 18 December 2016 10:13 AM

ඔබ මහා රජ සමග ඉන්න කල මහරජ කතා කළ ආකාරය මා හොදට දන්නවා (බ)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Sunday, 18 December 2016 10:33 AM

ගරුතර ස්වාමීන්වහන්ස පසුගිය පාලන සමයේ සිදුවුන දේවල් නොදකින්න ඔබ වහන්සේ එම සමයේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය නොකළෙහිද? නැතිනම් නොදැක්කා සේ සිටියාද කියා අපට දේසනා කර වදාරන සේක්වා !! සාදු සාදු (බ)

:       0       0

සරත් Sunday, 18 December 2016 10:53 AM

ධම්මික, බුදුන්ගේ ධර්මයෙන් තමයි රට පාලනය කරනවා කියල යහපාලන ගුන්ඩුව ආවේ (බ)

:       0       0

ධනුෂ්ක Sunday, 18 December 2016 11:19 AM

ඇත්ත කතාවක් (බ)

:       0       0

සහන් Monday, 19 December 2016 06:09 AM

කාලයක් නම් බුදු ණ නොවෙයි ඇහුවේ මහින්ද බණ (ම)

:       0       0

සුරනිමල Monday, 19 December 2016 06:47 AM

අතීතයේ මේ කට්ටිය අනාගන්නාවිට ස්වාමින් වහන්සේලා වැඩ සිටියේ කොහේද ? (නි)

:       0       0

කසුන් Sunday, 18 December 2016 11:46 AM

ධම්මික,බුදුන්ගේ ධර්මය මේ දිවයිනේ උදේ හවා හැම මුල්ලකම ඇසෙන්න තිබුනත් රටේ සිදුවන අපරාධ,දුෂණ ක්‍රියා අඩුවෙලා තියෙනවද? අනික මේ වෙලාවේ රට හා අපේ දරුවන් වෙනුවෙන් මල්වතු,අස්ගිරි මහනායක හිමිවරුන්ගේ වගකීම පැහැර හරිනම් මොන යම් සඟ රත්නයක් පෙර ගමන් ගනීනම් උන්වහන්සේලා සමග අපිත් පෙරට ආ යුතුයි නේද? (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Sunday, 18 December 2016 11:50 AM

රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකාධිපතියෙක් කියල මිනිස්සුන්ට තේරෙනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 18 December 2016 11:48 AM

රට වැරදි මගක යනවානම් උන් වහන්සේ අවවාද දෙන්න ඕනි .ඔබ හරි ස්වාමින් වහන්ස (බ)

:       0       0

දිනේෂ් Sunday, 18 December 2016 11:51 AM

අපේ හාමුදුරුවනේ අපේ අගමැතිතුමා විවාහ නීති වෙනස් කරන දවස වැඩි ඈතක නැහැ ,ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ (බ)

:       0       0

සහන Monday, 19 December 2016 07:43 AM

හාමුදුරුවනේ, දැන් උපාසක ඇත්තන්ට මහා ප්‍රශ්නයක්. දැන් එක මහා නාහිමිනමක් එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. අපිට නම් පෙනෙන්නේ බුදුන් වදාළ ධර්මයට නොවෙයි මේ වැඩ කරන්නේ, පක්ෂ පාට අනුවයි කියලයි. ඔය දේවල් රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ ඔබ වහන්සේට මතක නැතිවුණානේ? (නි)

:       0       0

රූපසිංහ Sunday, 18 December 2016 12:37 PM

මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් හෝ පසේ බුදුවරයෙක් කියලද දම්මික ඔයාට හිතෙන්නේ? නැහැනේ. මෙවැනි භික්ෂුන්වහන්සේලා නිසා තමයි ඔබටත් අද ඔය විධියට අද කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දන්නේ නැතිනම් අහගන්න ඔයාගේ දෙමාපියන්ගෙන් අහගන්න අප රටට නිදහස ලැබීමට පෙර තිබුණු දේශපාලනික සාමයික පසුබිම ගැන. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. එහෙම නැතිනම් ශ්‍රී ලාංකිකයෙක් නොවුනත් ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලිවූ කවි නිසා ඔබ එකල හිටියා නම් කියාවි රටින් පිටුවහල් කරනවා කියල. කියවන්න තවදුරටත්: (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 19 December 2016 08:33 AM

බුද්ධ ශාසනය රැකගන්න නම් රටකුත් තියෙන්න ඕනෑ. පළමුව ඔබ වහන්සේලා ඉදිරිපත්වී රට රැකදෙන්න. අපි බුද්ධ ශාසනය රැකගන්නම්. (නි)

:       0       0

යාපා Monday, 19 December 2016 08:34 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

බන්දුල Monday, 19 December 2016 08:36 AM

මෙතන ගෙදරින් පිට රටේ වෙන්නේ මොනවද කියා දන්නේ නැති මිනිස්සු ටිකක් තමයි මේ රටේ සිංහල ජාතිය ගැන කතාකරන හාමුදුරුවරුන්ට දොස් කියන්නේ. (නි)

:       0       0

නන්ද Sunday, 18 December 2016 12:44 PM

රටේ ඇතිවී තිබෙන තත්වය බියකරුයි,ඛේදජනකයි. රට එම තත්වයට පත්වීම ගැන භික්ෂුන්වහන්සේලත් එක්තරා ප්‍රමාණයකටවත් වග කිවයුතුයි නේද නායක හාමුදුරුවනේ ? (බ)

:       0       0

සුජීව Sunday, 18 December 2016 12:57 PM

ජීඇල් මහතාණනි, මෙවැනි සංඝ පුත්‍රයන් නොමග යවා, ඔබලා මේ නටන නාඩගම මොකක්ද ? මුළු රටම නැති කරන බොරු වලින් ඇත් වෙන්න, බලය ලබා ගන්න ජාතිය ආගම තුලින් මගේ පුංචි රට නැති කරන්න එපා. බුද්ධියට නිගරු ක‍රන්න එපා (බ)

:       0       0

සුජිත් Monday, 19 December 2016 10:37 AM

මම නම් හිතන්නේ ගැටඹේ හාමුදුරුවෝ අතීතයේ සිටියේ හරි තැන කියායි (නි)

:       0       0

රණසිංහ Sunday, 18 December 2016 02:46 PM

මේ මොන සරණන් ගච්ඡාමි කියලද කියන්නේ ? (බ)

:       0       0

ශෂික Sunday, 18 December 2016 03:24 PM

මොනවා කරන්නද සමනල විප්ලවයේ දේදුනු වර්ණයෙන් ඇස මුලාකරගත්තවුන්ට දෙබරවිෂ වල භයානක කම තේරෙන්නේ නැහැ කියන දෙය මේ ගොඩක් කමෙන්ට් වලින් පෙනෙනවා. (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 18 December 2016 04:02 PM

බලපෙරේත දේශපාලනයට,දේශපාලකයින්ට කත් අදින සිංහලයෙනි.තමන්ගේ ලෙයින් මසින් බිහිවෙන අනාගත සිංහලයන් ගැන මුලින්ම සිතන්න පුරුදු වන්න. දෙවියෙකු ලෙස මිය යන්න ඉඩ තිබියදී , තමා වටා සිටි වන්දි බට්ටයින්ට යකා නැටීමට ඉඩ දී ,තමන්ගේ පමණක් නොව මුළු රටේම අනාගතය විනාශ කිරීමේ අවස්ථාව වර්තමාන පාලකයන්ට සැලැස්වූ හිටපු ජනපති තුමත් මේවාට වග කිව යුතුය. (බ)

:       0       0

අසංක Sunday, 18 December 2016 04:17 PM

අපේ හාමුදුරුවනේ ඔය ලංකාවේ ඉන්න ප්‍රධාන පෙලේ සිංහල විද්වතුන් පිරිසකට මාස්පතා අතිවිශාල මුදල් සම්බාරයක් පිටරටින් ලැබෙනවා ජාතිය ආගම නිගරු ක‍රන්න සහ බලය බෙදන්න කියල, ඉතින් ඒ අය එක කරගෙන යනවා බොහොම හොදට. (බ)

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Sunday, 18 December 2016 04:39 PM

හාමුදුරුවෝ කියන දේ නොඅසා යහපාලනයට ඡන්දය දුන්නා. දැන් සනීපද සිංහල බෞද්ධයන්ට. (නි)

:       0       0

සමන්ත Sunday, 18 December 2016 05:46 PM

දැන් මේ යන විදිහට මේ රජය තම බලය රඳාපවත්වා ගන්න අනිවාර්යෙන්ම 88-89 වඩා විශාල ජන සංහාරයක් වුණත් කරන්න පසුබට වෙන්නේ නැහැ. පුද්ගලයාගේ ඉතිහාසය අමතකකර නැවත පත්කර ගැනීමෙන් අපි කිසිදිනක සමාව දෙන්න බැරි වරදක් කළ බව මගේ හැඟීමයි (නි)

:       0       0

නිමල් Sunday, 18 December 2016 05:57 PM

මේ යහපාලන රජය පත්කරගන්න අතිමහත් වෙහෙසක් දරපු උගත් විද්වතුන් ඒ දිනවල කියුවේ යහපාලන රජය හරියට වැඩකරන්නේ නැත්නම් අපි ඒ අයව ගෙදර යවනවා කියලයි. එ්ත් යහපාලන රජය දැන් ක්‍රියා කරගෙන යන ආකාරයට ඔය විද්වතුන්ට වැඩි දිනක් යන්න මත්තෙන් වැලිකඩ හිරගෙදරට වෙලා විප්ලවය ගැන පොතක් දෙකක් ලියන්න වෙන එක නම් සිකුරුයි (නි)

:       0       0

ජනහිත Sunday, 18 December 2016 07:19 PM

බුදුරජාණන් වහන්සේත් අර්ථයෙන් ධර්මයෙන් රජවරුන්ට කරුණු කාරණා පහදා දුන්න. රජවරු ඒවා අහලා අඩුපාඩු හදාගත්තා. දැන් කාලේ ඒවා ගැන හිතන්නේ නැත්තේ රටට ආදරයක් නැති නිසා තමයි. රට විනාශ කළොත් ඒ පාපය පසුපස ඒවි. ජනතාවට වෙන දේ කුමක්ද? අලුත් ව්‍යවස්ථා ඕනෑ නැහැ. තියන එකේ අඩුපාඩු පෙන්වා දීලා එය නිවැරදි කරගනිමු. එය ලේසියි. ඒ වගේම පැහැදිලියි. ජනතාව සහයෝගය දේවි. (නි)

:       0       0

අනුර Sunday, 18 December 2016 07:20 PM

සමහරුන්ට දැන් බුදු බණ මතක්වෙලා මේ කියන දේවල් වහකදුරු වෙලා. පාරම්පරික දේශපාලනය මේ රට වනසනවා (නි)

:       0       0

ගුණසිරි Sunday, 18 December 2016 08:33 PM

කසුන්, ඔබ කාට ඇඟිල්ල දිගු කළත් ධර්මයට ඇඟිල්ල දිගු කරන්න එපා. සමාජය පිරිහෙන්නේ ධර්මයේ වරදින් නෙමෙයි. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් සිංහලයෝ මත්ද්‍රව්‍ය, මත්පැනට ගොදුරුවෙලා. ඔවුන්ට දාව උපදින්නේම ගුණදහමින් පිරිහුණු දරුවෝ. එක අංශයක් පිරිහෙද්දී ,අනිත් අංශය බලසම්පන්න වීම පුදුමයට කාරණාවක් නෙමෙයි. (නි)

:       0       0

චන්දා Sunday, 18 December 2016 09:49 PM

මේ අදහස් දාන සමහර උදවිය, අනිත් අය දාන අදහස් ටිකත් කියවා රට පත්වී ඇති තත්වය තේරුම් ගන්නවා නම් හොඳයි, නිකන් ආඩපාලි නොකියා. (නි)

:       0       0

සනත් Sunday, 18 December 2016 09:52 PM

හාමුදුරුවනේ, සංඝයා වහන්සේලා එකතුවී මේ රට බේරා ගතයුතු කාලය ඇවිදින්. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 18 December 2016 10:31 PM

අශාන්, හාමුදුරුවෝ රටගැන කලබල වුණත් එකයි, එජාපෙට බලය ලැබෙයි කියලා කලබල වුණත් එකයි. කලබලවෙලා තිබෙන්නේ වෙන්න යන නස්පැත්තියට. එජාපෙට නම් මේ ආත්මේ නැවත බලයක් ලැබුනොත් ඒ ඔබ වගේ මිනිසුන් නිසා මිස රටට ආදරයක් තිබෙන මිනිසුන් නිසා නොවෙයි. (නි)

:       0       0

බෙනට් Sunday, 18 December 2016 10:36 PM

සුජීව, ඔය කතාකරන්නේ ඇස්බැඳගෙන නමුත් ඇසෙන දේට නේද? ඇස් ඇරලා බලන්න රටේ මොනවද වෙන්නේ කියලා. (නි)

:       0       0

සත්‍යයා Sunday, 18 December 2016 10:41 PM

වඳින්න වඳින්න ඔලුව අතගාන එකත් මෝඩයා. ඔලුව අතගාන්න අතගාන්න වඳින එකත් කට්ටයා. (නි)

:       0       0

සෙනේ Sunday, 18 December 2016 11:22 PM

මහින්ද වැරදි මඟ යනකොට ඒක නිවැරදි කරන්න කටයුතු කළා නම් අද ඔය කියන තත්වය වෙන්නෙ නැහැනෙ. කොහොම වුණත් අද අපිට තාත්තලා පුතාල‍ගෙ බාප්පලාගේ කටවුට් නොදැක සංදර්ශන නැතුව ඉන්න පුලුවන් එකම ඇති. රටේ සෑම මිනිහෙකුටම සමාන අයිතීන් තිබිය යුතුයි. කිසිදු ජනවර්ගයක් දෙවෙනිකොට නොසැළකිය යුතුයි. (නි)

:       0       0

එරන්ද Sunday, 18 December 2016 11:32 PM

මේ රට පාලනය කරන පාලනය කළ ඔක්කොම එකම බෝට්ටුවේ තමා. තමන් ගැන පමණයි. එහෙම නොවුණා නම් මේරට දියුණුවට පත්වෙන්න ඕනැනේ. රට පාලනය කරපු අය ආගමික නායකයො මහජනතාව මේ හැම අයෙකුම වගකිව යුතුයි මේ හැම දෙයකටම. තවත් අවුරුදු දෙසියක් තුන් හාරසියයක් යනවිට මොනවා වෙයිද කියලත් හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

රත්න Sunday, 18 December 2016 11:31 PM

දැන්කාලේ හාමුදුරුවරු කියන මතු ආත්මය නියාන්ඩතාල් මානවයාටත් තිබුනාද කියා පැහැදිලි කරන්න. බුදුන් කිසිවිටකත් මතු ආත්මයක් ගැන කතා කර තිබේද? (නි)

:       0       0

සෙනෙවිරත්න Sunday, 18 December 2016 11:35 PM

හාමුදුරුවනේ, පළමුව බුදුදහම අසංවර චීවරධාරීන්ගෙන් ගළවාගන්න. පන්සල් වල හැම එකටම මුදල් එකතු කරලා කොන්ක්‍රිට්කරණයෙන් බුදුදහම නොරැකෙන බව ප්‍රසිද්ධියේ දේශනා කරන්න (නි)

:       0       0

සෙන්දනායක Sunday, 18 December 2016 11:38 PM

සමහර අදහස් කියවද්දී කණගාටු හිතෙනවා (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Sunday, 18 December 2016 11:39 PM

සිවුරයි දේශපාලනයයි කවලම් කරගන්නේ නැතුව ඔබ වහන්සේලාට අයිති රාජකාරියේ යෙදෙනවා නම් තමයි හොඳ. දේශපාලනය කරන්න ඕනෑනම් සිවුරෙන් බැහැර වෙලා කරන්න. බුදුන් විසින් පනවා තිබෙන භික්ෂු විනය පිටකයේ කිසිම තැනක නැහැ නේද ඔබවන්සේලාට දේශපාලනයේ නිරතවීමට හැකියි කියා (නි)

:       0       0

රනිල් Monday, 19 December 2016 12:02 AM

බයක් නැතුව ඇත්ත කතාකරන හාමුදුරු කෙනෙකුට ඉන්නේ මේ හමුදුරුවෝ විතරයි. මේ රට මුහුණ දීලා තියන භයානක තත්වය රටේ බහුතර ජනතාවට එක්කෝ තේරෙන්නේ නැහැ, එහෙම නැත්නම් දකින්නේ නැහැ වගේ ඉන්නවා. මෙහෙම ගියොත් තව ටික කලකින් සිංහල හැමෝටම අඬන්න තමා වෙන්නේ. (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Monday, 19 December 2016 12:07 AM

අසංක, බොරු බේගල් කියන්න එපා. බුදුදහමට නිගරු කරන්න බැහැ ශ්‍රද්ධාව තිබෙන එකදු පුද්ගලයෙක් හෝ හිටියොත්. මීටවඩා බලගතු ක්‍රියාවන් දහමට එරෙහි වුවත් එම කිසිදෙයකට බුදුදහමේ ප්‍රගතිය අඩාල නොවී අවුරුදු 2600 ක් දහම ආරක්ෂා වුණේ නැද්ද? (නි)

:       0       0

රාධා Monday, 19 December 2016 12:44 AM

හාමුදුරුවනේ, මෙයාලගේ ඉතිහාසය පුරාම තිබුනේ මොනවාද? බලය බෙදීම ගැන නේද? දැන් මොනවාද කියන්නේ ඉතින්? (නි)

:       0       0

හේවාවසම් Monday, 19 December 2016 01:34 AM

හාමුදුරුවනේ, අපේ දේශපාලකයන් යහමඟට ගන්න පුලුවන් ඔබවහන්සේලාට විතරයි (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 December 2016 07:33 AM

ජනාධිපතිගෙ බලතල අයින් කරන්න කියල නේද හාමුදුරුවනේ මිනිසුන් ඡන්දෙ දුන්නේ. (බ)

:       0       0

බමුණු Sunday, 18 December 2016 08:07 AM

දැනටමත් අසීමිත බලයක් ලැබිල තිබෙනවා. රට විනාශයි රට බේරා ගන්න කාව මැරුවත් කමක් නැත.(බ)

:       0       0

ඩී.උපුල් Sunday, 18 December 2016 08:18 AM

මල් පොහොට්ටුවත් අරගෙන රට වටේම ගිහින් උලා කෑවත් ඔබ තුමාට අනාගතයක් නැහැ මහත්තයෝ. (බ)

:       0       0

අශාන් Monday, 19 December 2016 03:41 AM

දේශපාලකයන්ගෙ සමගිය ගැන හාමුදුරුවරු කතාකරන්න අවශ්‍යද. එ් කාලේ කවුරුවත් මේවා ගැන කතාකළේ නැහැ (නි)

:       0       0

අශාන් Sunday, 18 December 2016 08:36 AM

හාමුදුරුවෝ කලබල වෙලා තියෙන්නේ රටගැන නෙවෙයි එජාපෙට බලය ලැබෙයි කියල. ඔබවහන්සේ ඉස්සෙල්ලම කියන්න ගැටබෙ පන්සලට දිනපතා ලැබෙන ලක්ෂ ගාණක මුදලට මොකද වෙන්නේ කියල. (බ)

:       0       0

කපිල Sunday, 18 December 2016 08:36 AM

මල්වත්තෙන් කියන්නෙ මේකට හාස්පසින්ම වෙනස් කතාවක්නෙ හාමුදුරුවනෙ..පාර පැනල ගිහින් පන්සල් දෙක එකමුතු වෙන්නෙ නැතුව, රටේ ඉන්න අපිට එකමුතු කම ගැන, රටේ අනාගතය ගැන කියන්න එනවා..හාමුදුරුවො පන්සල බලාගන්න. ආගම පතුරවන්න. රටේ නායකයො රට පාලනය බලා ගනී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site