හිරු ටී.වී. නාළිකාවේ විකාශය වූ 'හිරු තනිවෙලා' ටෙලි නාට්‍යයේ 'අංජූ' ලෙස ඔබ හමුවට ආ අන්ජනා එදිරිමාන්න මේ දිනවල කලා කටයුතුවල එතරම් දකින්නට නොලැබෙන නිළියක්. නිළියක මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරන අන්ජනා පසුගිය කාලයේ වඩාත්ම ජනප්‍රිය වූයේ ටි.වී. දෙරණ නාළිකාවේ විකාශය වූ 'බෙක්ෆස්ට් ටු ඩිනර්' කියන වැඩසටහන හරහායි.
ඉදිරියේදී කලා කටයුතු කිහිපයකින්ම රසික ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින අන්ජනා එදිරිමාන්න 'සාරවිට' වෙත මෙලෙස ගොඩවැදුණාය.
'පසුගිය කාලේ එක දිගට වැඩ කරපු නිසා කෙටි විවේකයක් ගන්න හිතුවා. ඒ හින්දා තමයි මේ දවස්වල මම කලා කටයුතුවල එතරම් දකින්නට නැත්තේ. ඒත්, මේ දිනවල මම රඟපාන ටෙලි නාට්‍යයක් ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ සම්පත් ශ්‍රී රෝෂන්ගේ 'සබ්බ සකල මානා' ටෙලි නාට්‍යය.
පසුගිය කාලේ නිළියකට වඩා නිවේදිකාවක් විදිහට තමයි වැඩිපුරම කටයුතු කළේ. දෙරණ නාළිකාවේ විකාශය වන 'බෙක්ෆස්ට් ටු ඩිනර්' කලා තරු සමග කළ වැඩසටහන වගේම එම නාළිකාවේ විකාශය වුණ 'බ්‍රයිඩ්ල් ෂෝ' කියන වැඩසටහන් කළා.
ඊට අමතරව දෙරණ මියුසික් එවෝඩ්ස් සම්මාන උලළෙත් නිවේදන කටයුතු මම සිදු කළා. ඉදිරියට මගේ බලාපොරොත්තුවක් තියෙනවා රංගන ශිල්පිනියකට වඩා නිවේදිකාවක් විදිහට ඉදිරියට යන්න. නමුත්, රඟපෑම අත්හරින්න සූදානමකුත් නැහැ. ලැබෙන පරිදි ඒ කලා නිර්මාණවලටත් දායක වෙනවා.*
බුද්ධික සේනාධීර
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අන්ජනාගේ හිත නිවේදන කටයුතුවලටමයි