අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනේදී අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා හා සිසුවිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කැරුණු අතර බ්‍රහස්පතින්දා (16) දක්වා රිමාන්ඩ් කිරීමට වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා නියෝග කළේය.
කැලණි සරසවියේ ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් අත්අඩංගුවට ගත් සිසුන් වහා නිදහස් කරන ලෙසත් ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ මරදාන තාක්ෂණ විද්‍යාල මන්සන්ධියෙන් විරෝධතා පාගමනක් ඇරඹූ අතර උසාවි නියෝගය නොතකා කොළඹ ජනපති ලේකම් කාර්යාලය කරා ඔවුහු පාගමනින් යද්දී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය. එහිදී පොලිස් අණ නොතකා හැසිරුණු සිසුන් තිදෙනකු හා සිසුවියක අත්අඩංගුවට පත්විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයක හතර මායිමකට අඩිය තියපු නැති, එහෙත් ඊරිර්ෂ්‍යාවෙන් කුණුවුණ හිත් ඇති අයගේ පරිභව ඉදිරියේ එදත් අදත් ඉදිරියටත් විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන්ගේ සමාජ අසාධාරණතා වලට එරෙහි වීම ස්වභාව ධර්මය මගින්ම සිදුකරන සංසිද්ධියක් බව සිතා ගැනීමට ඔබ සියලු දෙනාට නුවණ පහළ වේවා!! (නි)
හොද වැඩේ. පව් අසරණ දෙමව්පියෝ දුක් විඳිනවා (නි)
මේ ගම් වලින් පැමිණි අහිංසක දෙමාපියන්ගේ ළමයි . මුහුණු දැක්කහම කියන්න පුළුවන්. තමුන්ගේ ඉගෙනීම පැත්තක තියලා පිස්සු නටනවා. (ර)
පාලකයින්ට ඔවුන්ගේ අරමුණ අමතක වී ඇත, රජයේ සේවකයින්ට ඔවුන්ගේ සේවය අමතක වී ඇත, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට ඉගෙනීමට අමතක වී ඇත, පුරවැසියා පරමාධිපත්‍ය අමතක කර ඇත,... ඉතින්, රටක් හැටියට කවදා නම් ඉදිරියට යන්නද? (ර)
විශ්ව විද්‍යාලයට එන්න කලින් අහිංසක ළමයි, එන්න හදනකොට යන්තම් ඔලුව, අවට පසු අන් හොඳටම ඔලුව, ගෙදර අමතක වෙලා, ආණ්ඩුව පාලනය කරන්න යනවා, කොච්චර ඔලුව ඇවිල්ලද කීවොත් මේ අය අපට කියනවා විශ්ව විද්‍යාලයේ පස් පාගල නෑ කියලා, ඒ අය ඉපදෙන්නත් ඉස්සෙල්ල ඔය විශ්ව විද්‍යාලෙන් අපි එලියට ආවේ. (ර)
කරන්නට ආ කාරණාව කර ගෙන ගෙදර ගියානම් ඉවරනේ... එතකොට දෙමව්පියන්ටත් සතුටුයි. (ර)
පංති තහනම් කලාට මදි. (ර)
මේ අය එහා කොනෙන් මෙහාකොනට ඇවිල්ල පිස්සු කෙලිනවා දෙමාපියන් කළුගල් කඩා මුන්ව ජීවත් කරවන්නේ රටේ හොඳ පුරවැසියෙක් කරන්න. උඹලට තිබුන අපේ ගරුත්වය බින්දුවට බැහැලා, මීට වඩා උඹලට හොඳ මරදානේ ගණිකා නිවසයි එතකොට අම්මලාටවත් උඹල ගැන වදවෙන්න දෙයක් නැහැ (බ)
මේකට හේතුව ලංකාවේ මිනිසුන්ගේ මෝඩකම. වෙන රටවල පුද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල බොහොමයක් තියෙනවා. ලංකාවේ විතරයි මේවගේ ජරා සිදුවීම් වෙන්නේ. නිකන් දෙන එකේ ඉගෙනගන්නේ නැතුව මොනවා කරනවද දන්නේ නැහැ. කෙළින්ම සම්බන්ධ අයට සදහටම පන්ති තහනම් කළයුතුයි. (නි)
මේ සියලුම දෙනා මොන දේ කිව්වත් අපි හිතන්න ඕනෑ තව දෙයක් තියනවා. ඒ තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමා මේ සියලුම දෙනා කෑගහන්නේ. එක නිසා සාමාන්‍ය ජනතාව හැටියට ඒ ගැනත් අපි හිතන්න ඕනෑ (නි)
ඉල්ලගෙන කන අයට හොඳම වැඩේ (නි)
මේ තුන් දෙනා විතරද නීතිය කැඩුවේ? ෆොටෝවල ඉන්න අනිත් අය මොනවද කරන්නේ? සාමුහිකව කළ වරදකට තිදෙනෙකු පමණක් පිඩාවට පත්කිරීම සාධාරන නැත (නි)
කවුරු වුණත් උසාවි නියෝගය නොතකා වැඩකිරීමක් නම් දඬුවම්දීමට ලක්විය යුතුයි. (නි)
දෙමව්පියන් අසරණ කරන්න එපා.ඉගෙනගෙන තැනකට එන්න (නි)
නියම රස්තියාදුකාර පෙනුමක් තමයි මේ ළමයින්ට තියෙන්නේ (නි)
මේගොල්ලන්ට මුලින් රටේ නීතිය උගන්නන්න ඕනෑ. සරසවි ගියා කියලා නීතිය කඩකරන්න බැහැනේ. (නි)
ඔය යන්නේ මහ ලොකු චණ්ඩි ටික. මොවුන් කරන වැඩ නිසා තමා හිරේ යන්න වෙලා තියෙන්නේ. ඒක වහගන්න බොරුවට ශිෂ්‍ය මර්දනය කියලා කියනවා (නි)
ලංකාව ලෝකයේ තියෙන එකම රට, විශ්ව විද්‍යාල සිසුන්ට මහා පාරවල් වල රස්තියාදු ගහන්න පින් පඩි ගෙවන රට... මහපොළ ලොතරැයි මිටි පිටින් අරගෙන ඔය මෝඩ වැඩේට දායකවුණ අපිට මෙහෙම වෙලා මදි (නි)
ඔහොම නෙමෙයි, මාංචු කුට්ටම පේන්න අත් දෙකම උස්සගෙන යන්න. එතකොට තමයි වීරත්වය පේන්නෙ කියලා දේශපාලුවෝ අපට උගන්නවලා තියෙන්නේ. ඔහොම ටිකෙන් ටික සතෙන් සතේ සුදුසුකම් එකතු කරගත්තහම හරි. (නි)