ලබන 20 වැනි දා සිට නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පාදයක කොටසක් අහිමිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කියයි.
‘කෘත්‍රිම පාදයක් දාන්න මා ගාව සල්ලි නෑ. ඒ වුණාට මට ගොඩක් අය ආධාර කරන්න බලාගෙන ඉන්නවා. ඒ නිසා ඇමෙරිකාවේ සමාගමක් එක්ක කතා කළා. කකුලක් සඳහා දසලක්ෂ හැට පන්දහසක් පමණ යනවා කියා කිව්වා. මට සල්ලි නැති වුණත් ගොඩක් අය උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා.
‘මම නැවත ඉපදුණා. නැවත ඉපදිච්චි ජවයත් එක්ක මං සමාජ මෙහෙවර පටන් ගන්නවා. බොහෝ දෙනෙක් වචනයෙන් පවා ඉන්මන් සුවය පැතුවා. බෝධි පූජා කළා, දේව කන්නලව් කළා. ඒ ශක්තිය දිනෙන් දින මට ලැබෙනවා. ඒ සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නදී)
ඔබට ඉක්මන් සුවය ඉක්මනින්ම පතනවා. අද අපේ රටේ ඔබ වගේ හිතන අය බොහොම දුර්ලබය. මනුස්ස කම මුදලට යට ව් ඇත. කවදාහරි මැරෙන බව ගොඩක් දේශපාලකයන්ට මතක නැත. සල්ලි බංකර් තිබුනත් ඔවුන් තනි වු විට බොහෝ අසරණ වන බව ඔවුන්ට අමතකව ඇත. බුදුන් පෙන්වා දුන් පිරිහීමේ ස්වබාවය එයයි. (නදී)
මාත් සමඟ එකටයි පාසල් බසයේ ගම්පහ සිට කොළඹ ආනන්දයට ගියේ. ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
ඔබ හොද මහත්මයෙක් ඔබට ඉක්මන් සුව. ලෂ 10 ක් නැහැ කියලා බොරු කියලා බොලඳ කතා කියල අනිත් දේශපාලඥන්ගේ තත්වෙට වැටෙන්න එපා. මොකද ඔබ උගත් මහත්මයෙක් (නදී)
අපේ කොබ්බෑකඩුව මහත්තයා බේරා ගන්න කවුරුත් හිටියේ නෑනේ, අනේ දෙයියනේ රටට වෙච්ච අපරාදයක්. (නදී)
ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි ඔබතුමා ට දළදා පිහිටෙන් ඉක්මන් සුවය පතමි (නදී)
මහත්මයාණනි, මම අහල තියෙනවා පානදුර පැත්තේ හොඳ තැනක් තියෙනවලු කෘතීම කකුල් හදන, 2010 විතර සම්පුර්ණ කකුල ලක්ෂ 2 1/2 ක් විතර කිව්වා, දණහිසෙන් පහල 1 1/2 ක් විතරලු. ඇත්ත කකුලක් විදියටම ගැලපෙන පාටට, නමන්න කරන්න , ඇවිදින්න ඔක්කොම හදල දෙනවලු. ජනාධිපතිතුමත් තුමත් එ්කට උදව් කරලා තියෙනවලු. මම අහල තියෙන දෙයක් කිව්වේ, ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. සුබ අනාගතයක්! (නදී)
දේශපාලුවන් වෙනුවෙන් මට නම් සුබවාදී විදිහට හිතන්න බැහැ. කරලා තිබෙන පව් පින් අනුව දේවල් සිදුවේවි (නදී)
"දේශපාලඥන්ගේ තත්වෙට වැටෙන්න එපා. මොකද ඔබ උගත් මහත්මයෙක්" දැන් එයා කවුද? දේශපාලඥනයෙක් ඉතින් තව මොනවද කතා? (නදී)
ඔබට ඉක්මනින් සුව වේවා! (නදී)
සමහර අතුරු ආන්තරා සිදුවන්නේ පෙර කළ පව් නිසා බව අපේ බුදු දහමේ පවසා තිබෙනවා. ඔබට සිදුවූ දෙයත් එසේ වන්නට ඇති. ඔබට කළ හැක්කේ දැන් ජීවිතයේ ඉතුරු කාලය පිනට දහමට යොමු කිරීමයි. ඔබට වරදින්නේ නැහැ. ඔබට ඉක්මන් සුවය ශාරීරිකව සහ මනසට ලැබේවා! බුදු දහම මත කල් ගෙවන්න (නි)
"කකුලක් සඳහා දස ලක්ෂ හැට පන්දහසක් පමණ යනවා කියා කිව්වා. " එ්කත් අපේ ගිණුමට බැරවෙයිද ? (නදී)
ඔබතුමාට ඉක්මන් සුවය පතනවා. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. පාර්ලිමේන්තු මැති ඇමතිලාට තියෙනවා නේද ලොකු ගණනක රක්ෂණයක්? (නි)
සල්ලි නැත්නම් පවු තමයි. ඒත් එතකොට අර ගිය අලුත්ම අලුත් සුඛෝපභෝගී ජීජ් එක? (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
ඉක්මන් සුවය පතනවා. ලක්ෂ 10 ක් නැහැ කිව්වම පිස්සු හැදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අරමුදල් නැතිද මේ වගේ වැඩට. ඔක්කොම ඉන්නේ මුදලාලිලා. අනෙක එයාල කැමතියි වැඩි ගානක් දීල ඇමරිකාවත් බදු ගන්න. ලංකාවේ ඒවා හොඳ නැහැ. (නදී)
අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ. මනුස්සකමින් උදව් කරමු . ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
දේශපාලකයෝ ළඟ මනුස්සකම නැත්නම් අපි මනුස්සකම අරගෙන උදවු කරන්නේ ඇයි කියන ගැටළුව මට එනවා (නි)
මෙයා ධනපති පක්ෂෙක කෙනෙක්. එයාට සල්ලි ඇති. (නදී)
ඔබ තුමාට ඉක්මන් සුවය හා දීර්ගායුෂ ලැබේවා (නදී)
ඩයස්ගේ අදහසට මාත් එකගයි. පක්ෂ භේදයෙන් තොරව උදව් කල යුතුයි. මෙතුමා දක්ෂ කාර්යසූර මහජන නියෝජිතයෙක්. ඔබතුමාට ඉක්මන් සුව. (නදී)
මනුස්සකමට ගඳ ගහන දේශපාලනය ලං කරගන්න එපා. ඔබට ජය අර ජෙප්පෝ / කුරුටු ගාන පෙරමුණ වගේ නොවී අපි ඔබට මනුස්සකම තුලින් සුවය පතමු (නදී)
මතකද දන්නේ නැහැ එදා පානදුරේ ඉඳල ඔබත් මමත් කතා කර කර කොලඹටම ආවා. ඔබ ඇක්සිඩන්ට් උනා කිව්වම හරිම දුකයි. බොහොම උගත් මහජන නියෝජිතක් වන ඔබට ඉක්මන් සුවය පතමි (නදී)
ඔබ නියම සරල දුලබ ගතිගුණ හිමි මිනිහෙක්. (නදී)
ඔබ තුමන්ගේත් තත්වය එය නම් අපිට මේ දෙය සිදු උෟවා නම් අපි ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ (නදී)
මමත් ගම්පහ, ඔබතුමා හරීම නිරහංකාර ඉතාම කරුනාබර මහත්මයෙක්. අප සමග කිසිම දවසක පක්ෂ බේද කතාකලේ නැහැ. ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
ඔබ පවුලට ලක්ෂ දහයක් නැහැ කියන එක මට නම් පිළිගන්න අමාරුයි. කෙසේවෙතත් ඔබට ඉක්මන් සුව! (නි)
ඔබ තුමාට ගමපහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ උදව් කරාවී. මමත් කැමතියි උදව් කරන්ඩ. බැංකු ගිණුම් අංකයක් ප්‍රසිද්ද කරන්ඩ. ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. (නදී)
මම ඔබතුමාව දන්නේ මාධ්‍යෙයන්. මටත් හරිම දුකයි ඔබට වෙච්චි දේ ගැන ඔබට දෙයියන්ගේ පිහිටයි (නදී)
ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
ගොඩක් වටිනා වීඩියෝ එකක් කාලෙකින් මම බැලුවේ. අජිත් මහත්තයා උගත් කෙනෙක්. හරි දුකයි මෙහෙම වෙච්ච එකට. ඔබට ඉක්මන් සුවය පතමි දීර්ගායුෂ ලැබේවා (නදී)
ඔබ ලංකාවේ බොහෝ දෙනෙක් පිළිගත් මහත්මයෙක්. ඉක්මන් සුවය පතමි. (නි)
ඔබතුමාට ඉක්මන් සුවය පතමි! (නි)
අර ලංකාදීපෙන් අපි උදව් කළේ අම්මාටයි දියණියටයි දෙදෙනාටම කකුල් දෙකක් ගන්න .. එයාලා ලංකාවේ ආයතනයකින් දෙලක්ෂ ගානකට නේද ගත්තේ ? ඉතින් එහෙම තැනකට ගියා නම් හොඳ නැද්ද? (නි)
ඉතා හොඳ ගතිගුණ වලින් හෙබි ඔබට දළදා පිහිටෙන් ඉක්මන් සුවය පතමි. (නදී)