(රන්ජන් කටුගම්පොල)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාව යෙදි සිටියදී මාර්ක රිය අනතුරකට ලක්ව  දෙදෙනෙකු මිය ගොස් සිසුන් පිරිසක තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ  දැනුම් දෙන ලෙස ශේෂ්ඨාධිකරණය අද (11)නීතිපතිවරයාට නියෝග කළේය

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ කෂේත්‍ර චාරිකාවක යෙදීසිටියෙදී මාරක රිය අනතුරකට  ලක්ව සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වන ලෙස ද  සිද්ධියට සම්බන්ධයෙන් අනතුරට පත් වූ සිසුන්ට වන්දි ලබාදෙනලෙසද ඉල්ලා සිද්ධියෙන් මියගිය සිසුවකගේ පියෙකු විසින් ගොනුකොට ඇති  මූලික අයිතිවාසිකම් පෙත්සම   ශ්‍රේෂ්ඨාධිකරණයෙ කැඳවනු ලැබූ අවස්ථාවේ දිය

මෙම පෙතසම ශේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණ

මෙම සිද්ධියෙන් මියගිය මිත්‍ර වාහලවත්ත නැමැති සිසුවාගේ පියාවන මිත්‍ර  වාහලවත්ත  මහතා විසින් ගොනුකොට පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසන් නම් කරනු ලැබ සිටිති

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සෙලිසිටර් ජෙනරාල් රජිත පෙරෙරා මහතා කියා සිටියේ පෙතසම කාලාවිරොධි විය හැකි බවත් ය
බස් රථයේ අයිතිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා කියා සිටියේ තම සේවා දායකයා පෞද්ගලික පාර්ෂවයක් බැවින් මේ නඩුකරයෙන් මුදාහරින ලෙස යි

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය  පාර්ශ්වකරුවන්ට වන්දි ලබා දීම හැකියාව සම්බන්ධයෙන්  සොයා බලා ඒ පිළිබඳ අධිකරණය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය

මෙම පෙතසම  මාර්තු 16වෙනි දින සලකා බැලීම සඳහා කැදවන ලෙස ද නියෝග කළේය