මහකනදරාව අන්ධයා නමින් ප්‍රසිද්ධව සිටි දළ ඇතා මීට දින 4කට පෙර වෙඩි තබා මරා දමා දළ දෙක කපාගෙන ගොස් ඇතැයි වනජීවි නිලධරයෝ කියති. දළ කැපූ ඇතාගේ සිරුර මැදවච්චිය කොන් වැවේ තිබිය දී සොයාගෙන ඇත.
මේ අතර කලාවැවේ දීග ජන්තු දෙක දළ ඇතාට ද වෙඩි තබා ඇති බවත් පාදයකට වෙඩි වැදීමෙන් කලාවැවේ වැටි සිටිය දී සොයාගත් බවත් වනජීවි නිලධරයෝ කියති. එම ඇතාට ප්‍රතිකාර කිරීම අද සවස ආරම්භ කෙරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරපු අයට හොදක් වෙන්න එපා.. ලංකාවෙ කැලේ ඉන්න අලි ඇතුන් කී දෙනාද? මේ ටිකත් විනාස කරන අයට හොදක් වෙන්න එපා..!(නු)
ආසියාවේ ආශ්චර්යය.. මෙවන් අපරාධ කරන අයට හොද දඩුවම් දෙන්න...!(නු)
මොනවා කළාටද මේ අයට වෙඩි තියන්නේ.. අහිංසක සත්තුමරණ අයට හොද දඩුවම් දෙන්න ඕන..ලංකාවෙ ලස්සන සත්තු නැතිකරනවා අහෝ..!(නු)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීමෙන් අසරණ සතුනුත් ජීවිත වලින් වන්දි ගෙවනවා.. ඔය දල දෙක කපාගෙන ගිහිංල ලක්ෂයක් දෙකක් ගනී.. ඊට වඩා ලස්සන නැද්ද ඒ සතා කැලේ හිටියානම්..!(නු)
මේ සතා කොපමණ ලස්සනද කැලේට.. ලංකාවෙ තිබෙන ලස්සන ලංකාවෙ ජීවත්වෙන මිනිසුන්ට දැනෙන්නෙ නැහැ..!(නු)
මාස කීපයකට උඩදි මේ සතා ගැන දාලා තියෙද්දි කෙනෙක් කිව්වා මේ සතාගේ අවසානෙ කියලා.. ඒ වගේම ඒ දේ දැං වෙලා.... අපේ රටේ ආශ්චර්යය..!(නු)
සම්බුද්ධත්ව ජයන්තියේදී සමරපු රටේ සියලු හොඳ සිරගත වෙලා වගෙයි. (නි)
කරඩුව ගෙනියන්න තරම් පිං කර ඇති කුළයක ඉපදුනත් මෙවන් ඉරණමකට ගොදුරුවීම ගැන දුකයි..!(නු)
එක භවයක බුදු සමිදුන් නුඹ අයිති කුළ ඉපිද මිය යන තුරු දල දන් දුන් බව අප දනිමු... ප්‍රිය සබද පව්කාර මිනිසුන්ට ජීවිතය දුන් පිනෙන් තව්තිසා දිව් ලොව ඉපිද මෙත් බුදුන් පාමුල නිවන් සුව ලබන මැන..!(නු)
මේ වගේ රටක අලියෙකුටවත් නිදහස් ඉන්න දෙන්නේ නෑනේ (ස)
කෝ ජාතිවාදී අදහස්.. හරක් මරද්දි විතරද දුක හිතෙන්නේ (ස)
ඇමතිකම් තියාගෙන මොනවාද කරන්නේ... වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න...(නු)
මේ ඇතාගෙ පරණ ඡායාරඋප තියෙනවා.. ඇත්තටම දැක්කාම දුක හිතෙනවා.. මේ වගේ සද්දන්තයටන් මෙහෙම කරන්නේ මොන හිතකින්ද කියලා.!(නු)
කොහෙද නීතියක් මේ රටේ.. මාධ්‍ය මෙය සොයා බලන්න..!(නු)
දැං කොහොමද කියල තමයි තුන්වෙනි අධිකරණයක් පිහිටවෙන්න... මේ වගේ ඕනම කෙනෙකුට දෙන්න ඕන රකකාලෙ දඩුවම්.. ඒ විතරක් මදි ඒවගේ වැරදි කළාම වෙන දේ පෙන්වන්න.. ප්‍රසිද්ධියේ ආවරණයක් දෙන්නත් ඕන..!(නු)
අලියෙක් නෙමෙයි දල තියෙනවානම් ඕන එකෙක් මරයි.. මේ වගේ මිනිස්සු..ඒ අයට ස්වාභාවධර්මයේ දඩුවම් දේවි..!(නු)
අනේ තිරිසන් මිනිසුනේ, නුඹලාට හොදක් නම් වෙන්න එපා. (නි)
මිනිස් තිරිසන්නු (ස)
කනගාටුයි
මාත් බෞද්ධයෙක් . එත් මට කියන්න තියෙන්නේ දසුන් කියපු ටිකමයි (ස)
උපතින්ම බෞද්ධ අය ඉන්න රටක්මද මේ? (නි)
මේ මිනිසුන්ට මොකද වෙලා තියෙන්නෙ...(නු)
රුවන්, ඔයාගේ කතාව ඇත්ත තමයි. (නි)
ඉන්න අනෙක් අලි ඇත්තු ටිකවත් වහාම රක්ෂණය කරන්න. (නි)
මේ වගේ මහපොළොව නුහුලන අපරාධ කරන අයට එයාලා කන කෑමත් වහ වෙන්න ඕනෑ. (නි)
සත්ව ලෝකයට මිනිසා බලපෑම්,කරයි
වනජීවී අමාත්‍යාංශයකුත් තිබෙනො. ඇමතිලාත් ඉන්නවා. අඩුම තරමේ ලංකාවෙ ඉතුරු වෙලා ඉන්න අලිටික පරිස්සම් කරන්නවත් වැඩපිළිවලක් නැහැ. (නි)
වැලිකඩ අපරාධකරුවන්ට වෙඩි තැබුවා වගේ මේ වගේ තිරිසන්නුන්ටත් වෙඩි තියලා දාන්න,ඒක පවක් නෙමෙයි. (නි)
අයියෝ සල්ලි
කනගාටු දායක පුවතක්
මේවාට වග කියන්නේ කවුද
අහෝ ඇත් රජුනි, පින් බිමක් වුවද පවුකාර මිනිසුන් පිරුණු මෙහි ඉපදුණේ ඇයි? (නි)
ඒ සද්දන්තයා
අසරණ සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැති තිරිසන්නු. (නි)
මෙවන් අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දීම අධිකරණයේ යුතුකමයි. (නි)
වහින්නෙ නැතුව හෙණ ගහනවා මේ මිනිසුන්ට. (නි)
හරිම මිලේච්ඡ සහගතයි. මේවා කරලා මේ පාප කවදා ගෙවලා ඉවර කරන්නද? (නි)
ගොක් ප්‍රසිද්ධියක් ලබාදෙන්න මේ වගේ දේවල්වලට..!(නු)
අහිංසක සත්තු
මෙවන් අපරාධ කරන නරුමයන්ට ආත්මයක් නැහැ. (නි)
තිරිසන්ගත මේ වගේ දෙපා සතුන් මුළු මිනිස් වරගයාටම නිගාවකි. අන්ධ මේ සතාට මේ විදියට වෙඩිතියා ඇත් දළ කපාගන්න තරම් මේ මිනිසුන් පාපී මිනිසුන් වුණේ කොහොමද? මුදල බලය ඉදිරියේ මනුදම් පිරිහෙන්නේ නම් මිනිස් වර්ගයාගේ අවසානය එයම වන්නේය. වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට කරන විපත්තියකට වඩා බලවත් විපත්තියක් වැරදියට පිහිටුවාගත් සිත තමා තමාටම කරගන්නා බවත් එයින් එම පුද්ගලයා පාපී පුද්ගලයෙකු වන බවත් බුදුන් වහන්සේ දෙශනා කළහ. (නි)
මේ ඇතාව මරපු එවුන්ට නම් කවදාවත් හරියන්න එපා ... :( (නි)
තිරිසන් මිනිස්සු. (නි)
මම මේ ඇතාගේ ඡායාරෑපයක් එදා දාපු වෙලාවෙ කිව්වා මෙයාට වැඩි ආයුෂ නැහැ කියලා.. පව් ඒ සතා.. මේ වගෙ සතුන්ගේ ඡායාරෑප පළ නොකරනවානම් හොදයි..!(නු)
අපේ රටේ අලි සම්පත ඇතුළු සතුන් මරන අයට නම් හොදක් වෙන්න එපා..! මගේ ආදරණීය මිනිසුනේ සත්ව සම්පත රැක ගනිමු..!(නු)
පවුකාරයෝ .... (නි)
මේ අපරාධ කරපු අයට හෙණ හතම වදින්න ඕනෑ. (නි)
නීතිය වල් වැදුනාට මේ රටේ මේ අපරාදය කරන අයට බණ්ඩා හත් කට්ටුවම බලාගන්න ඕන දෙවියනේ..!(නු)
මනුස්ස ආත්ම ලබාගත් තිරිසනුන්න.. සල්ලිවලට ඕන බලු වැඩක් කරයි..!(නු)