ලබන 20 වැනිදාට නියමිත ඌව පළාත් සභා ඡන්දයේ පෝස්ටර් ,බැනර්,ස්ටිකර් ඇතුළු ප්‍රචාරක දැන්වීම් ඉවත් කිරීම පොලීසියට පැවරී ඇති අලුත් රාජකාරියකි.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව පොලීසිය ඒවා දිනපතාම වගේ ඉවත් කරයි.එහෙත් එම නීතී විරෝධි ක්‍රියාව දිගටම සිදු වන බව මැතිවරණ නිලධරයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී මහතා මේ මොනාද කියන්නේ..ඒවා මානව අයිතිවාසිකම් ...මේ මැතිවරණයක් නිසා ..නියගයෙන් පීඩා විදින ..මිනිසුන්ට දෙන්න ගිය 2500/- නැති වෙන්න ගියේ, ..හොඳ වෙලාවට ..අපේ අධිකරණය මැදට ඇවිත් එක දෙන්න කිව ..මැකෝ කවුද ..එහෙම නියෝග දෙන්න ..ඒවා තියෙන්න කොහෙද (අ)
අප දුක් විඳින මනුස්ස කොටසක් (ස)
පාරක යන්න කැතේ බැහැ පාර දෙපස කාරලා හෝ බුලත් විට කාලා කෙළ ගසලා. බැලූ බැලූ ඇත හැමතැනම ජරා ජීර්ණ වූ පෝස්ටර්. මේ අප සිටින විදේශයන්හි ජනාධි පතිවරණ තියෙනවා. එ්ත් පාරක කවදාවත් අපි දැකල නැහැ පෝස්ටරයක්, ඡන්ද රැස්වීමක් , ජනතාව අමතන්නේ ටී වී , පුවත් පත් තුලින්. රටේ ජනතාවත් ගොඩාක් සාම කාමියි, ඒ අතින් , අපේ රට මිහිපිට අපායක්. බුද්ධිමත් යයි කියා ගන්නා මිනිසුනේ ඔය මහා පාරේ හැමතැන පරිසරය විනාශය කර දමන මුදල් වලින් අසරණ මිනිසෙකුට හිසට සෙවනක් නැති කෙනෙකුට ඉන්න කාමර දෙකක් හදලා දෙන්න. ඡන්දය දිනාගන්න තවත් කල යුතු දෙයක් නැත. නිවනට යන පාරත් එතනින් එහා පැත්තේ (නදී)
වියදම් උනා වගේද මෙයා දිනුවොත්. හතර වරිගෙම ගොඩනේ? (දී)
මේ වැඩේට කොළඹ (පෝස්ටර් මාරයා ) කියලා ජල ටැංකි ලොරියක් ඉස්සර තිබුනා. (නි)
ජරාජීරණ වූ ලංකා දේශපාලනය .....ඔන්න නියං සහනාධාර මුවාවෙන් ඡන්ද අල්ලස් බෙදනවා. බලමුකෝ ඒකෙත් හැටි. ඌවට පමණද නියඟය බලපා තිබුනේ? ඒකයි මම කියන්නේ මේ දෙන්නේ ඡන්ද අල්ලස් කියලා. (නි)
බන්දුල පෙරේරාගේ අදහසට මමත් එකඟයි. මෙම විධායක ජනාධිපති ක්‍රමය එපා කියන අය මේ ටිකත් එකතු කරගන්න. මනාප ක්‍රමය, පළාත් සභා ක්‍රමය, විවෘත ආර්ථිකය, පුද්ගලික බස්...මේවත් එපා. මේවායින් තමා රට විනාශ වුණේ (නි)
හැමදාම අනුන්ගේ කුණු කකා ඉන්න එකේ, මේ වගේ ටින්කිරිත් කාලා බලන්නකෝ.(නදී)
කොහොමත් අන්තිමේදී ඔය හැම කුනක්ම කන්නේ පොලිසියේ උන්දැලා තමයි. (නදී)
දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය හා මනාප පොරය නිසයි ලංකාවට පෝස්ටර් වසංගතය බෝවුණේ.මොන පක්ෂයේ වුණත් අපරාධ වියදම්.ඒ මදිවට මරා ගැනීම්, රණ්ඩු සරුවල් ප්‍රතිපත්ති ප්‍රකාශණයක්,හෑන්ඩ් බිලක් ,හැරුණුවිට ,කටවුට්,බැනර්, පෝස්ටර් මුද්‍රණය හා ඇලවීමේ තහනම් නියෝගයක් අධිකරණය මගින් ලබා ගැනීමට මැ.කො උනන්දු නොවන්නේ ඇයි ?(අ)
අද චිත්‍රපටයක ප්‍රචාරක දැන්වීමක් ගහන්න බැහැ මහරජාගේ පෝස්ටරයට වැඩිය ලොකුවට. ඊට ගොඩාක් පොඩි වෙන්න ඕනා.මොකද සිවිල් ඇඳුමෙන් පොලිසිය ඇවිත් තර්ජනය කරනවා(අ)
මේ වියදම් කරන සල්ලි වලින් රටේ කොයි තරම් සංවර්ධනයක් කරන්න පුළුවන්ද (දිල්)
විධායකය ඉවත් කරන්න දත කන උන්දලා මේ මනාප ක්‍රමේ වෙනස් කරන්න දත නොකන්නේ මොකද..? මේ අනුපාත ක්‍රමේ නැත්නම් කට්ටියට වැලේ වැල් නැති වෙන නිසා..විධායකය අහෝසි කරනවා වගේම මේ සමානුපතික චන්ද ක්‍රමය හා මනාප ක්‍රමය ඉවත් කරන්නත් කතා කරන්නකෝ ..එතකොට අපිට පිළිගන්න පුළුවන් කට්ටිය මේ ඉරිසියාවට කුහක කමට රාජපක්ෂවරු එලව ගන්න බැරිකමට කරන දෙයක් නෙමෙයි කියලා (නදී)
පුදුමාකාර රටක්. දවසින් දවස අගාධෙම තමයි යන්නෙ. එයට හේතුව නිවැරදි නීතියක් නොමැතිකම.(අ)
මේවා අලවන හරකුන්ට මේ රටේ නීතිය බලපාන්නේ නැද්ද? (අ)
ලංකාවේ පොලිසියට ගිය කලක් හරිම දුකකි. (අ)
ඉස්සර නම් අපේ ගම්වල හවසට නිකන් බෝක්කු වල වාඩිවෙලා කතා කර කර ඉන්න කොල්ලන් රියේ නංවාගෙන ගිහින් මේ වැඩ ගන්නවා.(අ)