IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අනුර කුරුල්ලා ඉගිලී යයි කාකි කැදැල්ලෙන්

බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විශ්‍රාම ගැනීමේ ලියවිලි පොලිස්පති එන්.කේ.ඉලංකෝගන් මහතාට බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෑතදී ඔහු පොලිස් මූලස්ථානයට මාරුකර තිබුණි.

ගායකයකුද වන අනුර සේනානායක මහතා ඔහුගේ ‘මාගේ කිරිල්ලී‘ නමැති ගීත ප්‍රසංගයෙන් උපයාගත් බව කියන රුපියල් කෝටියක් පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කළේය.

බියගම විලේජ් හෝටලයේ අයිතිකරු ඝාතනයේ සාක්කි වසන් කිරීමට ඔහු උත්සාහ කළ බවට පළවූ වාර්තාවල සත්‍යතාවයක් නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු කිසිම ඝාතනයක් වසන් කිරීමට උත්සාහ කර නැතැයිද මාධ්‍ය ප්‍රකාශක කීවේය.

 



අදහස් (0)

අනුර කුරුල්ලා ඉගිලී යයි කාකි කැදැල්ලෙන්

අම්බිකා Tuesday, 03 March 2015 09:22 AM

අළුතෙන් විශ්‍රාම යන්න දෙයක් නැහැ. විශ්‍රාම ගිහිල්ලා හිටියේ. නැවත පත් කරලා තිබුණේ කොන්ත්‍රාත් පදනමට. ඒ කියන්නේ ඉගිල්ලිලා ගිහින් ටිකක් කල්. (නදී)

:       0       0

බුද්ධික Tuesday, 03 March 2015 09:32 AM

ඔය කියන සංගීත තැටිය ප්‍රචාරණය උන තැනක් අහලවත් නැහැ. කෝටියක ආදායමක් ලැබුන කියන එක ප්‍රයෝගික නැහැ. කොහොමත් මෙයාගේ පහුගිය කාලෙ හැසිරීම බුද්දිමත් සියලුම දෙනාගේ අප්‍රසාදයට ලක් උනා. තමන් ගෙනියන්නේ කරපු හොඳ විතරයි (නදී)

:       0       0

සෑම් Tuesday, 03 March 2015 10:03 AM

මේ වගේ අය සේවා දිගු මගින් පොලිස් සේවයේ අනවශ්‍ය විදියට රැඳී සිටීම නිසා පහල නිලධාරීන්ට උසස් වීම් නොලබාම විශ්‍රාම යන්න සිදු උනා. අර 'සරා ගොයියා හරි මිනිහා' සින්දුව තිබුන 'පොලිස් කෝලම' නාටකයෙන් පසුව අනුර සේනානායක මහතා අධ්‍යක්ෂණය, දෙබස්,රඟපෑම ආදියෙන් දායක වූ අති අසාර්ථක "කන්ගැට්ටා"නාටකයත් අනිවාර්යයෙන්ම පොලිස් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරනවා.(නදී)

:       0       0

සමන් Tuesday, 03 March 2015 11:04 AM

කුරුල්ලා ඉගිලිලා යන්න කලින් කූඩු කළොත් නරකද?(දිල්)

:       0       0

සත්‍යපාල Tuesday, 03 March 2015 11:05 AM

මොහුට විරුද්ධව පසුගිය කාලේ බරපතල චෝදනා රැසක් එල්ල වී තිබුනා. ඒ අතර දුම්රිය වර්ජනයේදී මගීන්ට අමානුෂික ලෙස පහරදීම මෙන්ම මහජන උද්ගෝෂණ වලදී අනිසි ලෙස බලය භාවිතා කරමින් පහරදීම යානාදිය, ඒ වගේම මොහු පසුගිය රජයේ ආරක්ෂක ලේකම් වරයාගේ සුවච කීකරු ගෝලයකු බව ප්‍රකට කරුණක් වන අතර එමගින් මොහු තම සේවා කාලය දිගුකර ගැනීමට අවස්තාව සලසාගත් අතර මොහු විසින් කර ඇතැයි කියන සියලුම නීති විරෝධී හා විනය විරෝධී කටයුතු සොයා බලා නීති මගින් කටයුතු කිරීමට පොලිස්පති ඉලංගකොන් මහතා විසින් කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු! (නදී)

:       0       0

සිල්වා Tuesday, 03 March 2015 11:06 AM

ඔබට අපගේ ප්‍රණාමය (නදී)

:       0       0

සමන්ති Wednesday, 04 March 2015 02:43 PM

ලංකාවේ සංගීත තැටියක් විකුණා රුපියල් කෝටියක් හම්බ උනානම් එ්ක පුදුමයක් නොවෙයි නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියක් ගෙව්වාද? මෙයා ලංකාවේ මයිකල් ජැක්සන් ද ? තැටි යකින් රුපියල් 100 ක ලාබයක් නම් විකිණිය යුතු තැටි ගණන 100000 කි .(නදී)

:       0       0

රොහාන් Tuesday, 03 March 2015 11:42 AM

යහපාලනයෙන් සේවා දිගු නැහැ වගේ නේද.? (ර)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 04:13 AM

මම ඉතින් යන්න යනවා. වරදක් උනත් හිතකින් නෙවේ (නදී)

:       0       0

රසික Wednesday, 04 March 2015 05:21 AM

විශ්‍රාම යන්නේ වයස කීයෙන්ද කියලත් කියලනම් නෑ. (ර)

:       0       0

ටෙක්ලා Tuesday, 03 March 2015 04:23 PM

දැන් ඉතින් විවේකයක් ගන්න (නි)

:       0       0

චමිලා Wednesday, 04 March 2015 09:04 PM

මෙතුමා ඔච්චර මුදලක් ඔය තැටිය විකුණලා සෙවුවා කියන එක මට නම් ටිකක් පිළිගන්න අමාරුයි. එහෙනම් නන්දාමාලනී, අමරදේව වගේ අය ලංකාවේ ඉන්න නොම්මර 1 සල්ලිකාරයෝ වෙන්න ඕනෑනේ! (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 04 March 2015 06:20 AM

අනුර සේනානායක මහත්තයා රාජකාරි කලේ රාජපාක්ෂිකවයි. රජයේ නිලධාරීන් එහෙම කරපුවහම හදිසි ආණ්ඩු මාරුවකදී මෙහෙම වෙනවා. ඒ නිසා ස්වාධීනව මධ්‍යස්තව රාජකාරි කළා නම් අපවාද අහන්න වෙන්නෙත් නෑ, ජීවිතේ සැන්දෑ සාමය ගෞරවාන්විතව අභිමානයෙන් ගත කරන්නත් තිබුණා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1674 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 272 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4587 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 479 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 636 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2208 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site