IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අපි ඉන්නෙ කන්ද පාමුල...

2016-08-13-ent-23

 

හතළිහකට ආසන්න ගුවන් විදුලි නාලිකා අතරට මෑත භාගයේ එක්වූ අලුත්ම නාලිකාව සිත FM නාලිකාවයි. සිත අනෙකුත් ගුවන් විදුලි නාලිකාවන්ගෙන් වෙන් වෙන්නේ කෙසේද යන්නත් එහි අන්තර්ගත වැඩසටහන් ක්‍රියා පටිපාටිය පිළිබඳවත් කතා කරන්නට සිත FM ප්‍රධානි වසන්ත කරැණාරත්න මහතා හදසර හා එක්විය.

 

සිත කියලා නාලිකාවක් පටන් ගන්න හිතුණෙ ඇයි?

2016-08-13-ent-25අපිට නම පිළිබඳව විවිධ යෝජනා තිබුණා. අදහස් තිබුණා. පහසුවෙන් හිට් වෙන නමක් යොදාගන්න. එත් අපේ සභාපතිතුමාට ඕන කළේ මානවයා මුලික කරගත් නාමයකට. අපි දන්නවා සිත කියන්නේ මේ ලෝකයේ වටිනාම උසස්ම තැන. එය අභිබවන්නට සමත් දෙයක් තැනක් හෝ කෙනෙක් නැහැ. හැම සාර්ථකත්වයකටම මුල්වන්නේ සිත. පාලනය කරන ලද හික්මවන ලද සිතට කරන්නට අපහසු හෝ දරන්න අපහසු අභියෝගයක් නැහැ. අපට ඕන කළෙත් ඔහේ ගලා ගෙන යන radio සිත ප්‍රශස්ත මඟකට ගන්න.

 

දැන් නාලිකාව ආරම්භ කරලා කොච්චර කල්ද?

නාලිකාව අරම්භ කරලා මේ වෙනකොට මාස 6ක් වෙනවා. අපි නාලිකාව අරම්භ කළේ පෙබරවාරි 13. මේ ගැන විවිධ මත තියෙනවා. අපි කියනවනේ 13 නපුරැයි කියලා. අපිට ඕන වුණේ එ්ක නොවෙයි. පැහැදිලි වෙනස් ගමනකට මුල පුරන්න. ඒ නිසා අපි ඒ දිනය ගන්න හිතුවා. මොකද අපිට බොහොම පහසුවෙන් 14 අරගන්න තිබුණත් අපි 13 තෝරගත්තා ඒ "ලෝක ගුවන් විදුලි දිනය" ඒ දවස නිසා. අපේ කණ්ඩායම තීරණය කළා ලෝක ගුවන් විදුලි දිනයේදී අපි ගුවන් විදුලි කලාවේ වෙනසක් නිර්මාණය කරන්න. එය ඉලක්ක කරගෙන සියල්ල සැලසුම් කරලා අපි සිත නාලිකාව ආරම්භ කළා.

 

ඉලක්ක ගත ශ්‍රාවක පිරිස?

කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි එක්තරා තැනකට කොටු වෙලා කියලා. ඇත්ත අපි යහපත් ගුවන් විදුලි කලාවක් මිනිසුන්ට දෙන්න ඇප කැප වුණ නාලිකාවක්. අන්න එතනටයි අපි කොටු වෙලා ඉන්නේ. එය ප්‍රිය කරන එය හොයන විමසන උසස් රසිකත්වයට අපේ නාලිකාව රස ආකරයක්.

 

කණ්ඩායමේ සහයෝගය?

අපි හැමෝම එකම පවුලක අය වගේ එකම අරමුණකට වැඩ කරන අය. ඒ වගේම බොහෝ දෙනෙක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තියෙන අය, ඒ වගේම අප නිරන්තරයෙන් ආධුනිකයින්ට මාධ්‍යයට පිවිසෙන්න අත දෙන නාලිකාවක්. අපි ඒ අයට නාලිකාව තුළ පුහුණු වෙන්න අවස්ථාවක් දෙනවා.

 

දැන් වැඩිපුර තියෙන්නේ මුදල් දීලා බලෙන් අස්සවන ගුවන්විදුලි නාලිකා. ඒ අතරින් සිත අනුගමනය කරන ක්‍රියා පටිපාටිය මොකක්ද?

ගුවන් විදුලි නාලිකාවකට ප්‍රචාරණය අත්‍යවශ්‍යයි. දැන් තියෙන්නේ ලොකු තරගයක්. මේ තරගයෙන් ජය ගන්න විවිධ අය විවිධ උපක්‍රම භාවිත කරනවා. අපිට අවශ්‍ය නැහැ සල්ලි දීලා අසන්නන් එකතු කරගන්න. අපි අසන්නන් දැනුම්වත් කරනවා. අපේ වැඩසටහන් ගැන අපේ වැඩසටහන්වල ගුණාත්මකභාවය ගැන දැන ගත්තම අසන්නන් අපි ළඟ රු‍ඳෙනවා.

 

ගුවන්විදුලි නාට්‍ය ආරම්භ කරන්න අදහසක් තිබෙනවාද?

ගුවන් විදුලි නාට්‍ය කියන්නේ ගුවන් විදුලි සන්නිවේදනයේ හොඳ ප්‍රවේශයක්. ඉස්සර ගුවන් විදුලි නාට්‍ය තුළින් දැනුම වගේම සමාජ සබඳතා පිළිබඳ හොඳ පණිවිඩයක් දුන්නා. සමහර විට අපිත් සිතා බලාවි ගුවන් විදුලි නාට්‍යයක් කරන්න. හැබැයි හොඳ එකක්.

 

දැන් තියෙන වැඩසටහන් සහ ඉදිරියේදී මොනවගේ වෙනස්කම්ද නාලිකාවෙ සිද්ධ වෙන්නෙ?

තාම පටන් අරන් මාස 6යි. කොටින්ම කිව්වොත් අපි ඉන්නෙ කන්ද පාමුල. අපිට ආදරය කරන අසන්නන් එක්ක පියවරෙන් පියවර ඉහළට යන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපේ ගුවන් විදුලියේ ප්‍රමිතිය ආරක්ෂා කරගෙන. අපේ වැඩසටහන් වෙනස්. එහෙම කිව්වේ අපි අමුතු දෙයක් කරනවා කියලා නෙවෙයි. දැන් පවතින ඒවාට වඩා වෙනස්. දවස පටන් ගන්නේ අනාගතය ගැන හිතලා ගෙදර ගැන හිතලා. මුලින්ම අවදි වන ඔබට පණිවිඩයක් දෙනවා. අපි ආගමික වැඩසටහන් පටන් ගන්නේ පාන්දර 4ට.

ඊට පස්සේ අපේ අනාගත දරැවෝ වෙනුවෙන් ගුරැ ගෙදර වැඩසටහන පටන් ගන්නවා උදේ 5.30ට. අපේ අරමුණ විභාගවලට බය නැති ඉගෙන ගන්න බය නැති දරැ පරපුරක් හදන්න. ආයුබෝවන් සිත උදේ 6.15ට පටන් ගන්නවා. එහිදී එදිනෙදා ජීවිතේට වැදගත් බොහෝ දේ දැනගන්න පුළුවන්. ඒ වගේම අලුත් කඩේ ප්‍රවර්ධන වැඩසටහනට සවන් දෙන ඔබට ගෙදරට අවශ්‍ය කරන බඩුමල්ලක් දිනාගන්න පුළුවන්. පෙරවරැ 10-12 අතර සිත ගිය තැන ගෙදර විවේකීව ඉන්න කාන්තාවන්ට හරියන තැන. 1-4 කාලය තුළ සිත අද්දරට අාවොත් ඔබ කැමති ගීතයක් අහන්න පුළුවන්. සවස 4-6 කියන්නේ ඔබේ බුද්ධිය මනින වේලාව IQ මීටරේ. සවස 6.15 කියන්නේ දවස අවසන් කරන ඔබට ආශිර්වාද පූජාවකට සවන්දෙන්න පුළුවන් වෙලාව. රූ 7ට ගීතයෙන් චිත්‍ර අඳින සිත්තම් රූ. රූ 10ටත් ඔබ අවධියෙන් නම් නිදි නැති සිතට සවන් දෙන්න පුළුවන් පාන්දර 4 වෙනකම් කැමතිම ගීත අහන්න, මීට අමතරව සෙනසුරාදා උදේ 8-10 මේ දවස්වල මං ආදරණීය කලාකරැවෙක් සමඟ 12-4 සිත ගත් ගී 40. ඉරිදා උදේ 10-12 සිනේ සිත සිනමාවට ඉඩක්. රූ 7-9 වයර්ලස් රේඩියෝව - පැරුණි තැටි සුද්ද කරන වෙලාව.

 

2016-08-13-ent-24

මේ ඔක්කොම කරන්නේ අපේ කට්ටිය ගිහාන්, චන්දිමාල්, උදාර, ධනංජය, නාත්, අනිල්, ඉෂාන්, ගයාන් තීක්ෂණ, සචිත්, කෞෂි, අනූෂා, දේශානි, ශාලිකා.

 

තනූ සේයාරෑ | සුමුදු 

 

DESHAYA

 



අදහස් (0)

අපි ඉන්නෙ කන්ද පාමුල...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 191 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 501 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 296 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 204 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 955 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site