ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පී අශෝක පීරිස්ට මසකට ඕස්ටේ‍්‍රලියා ඩොලර් දෙදහසක් (රුපියල් 200,000) බැගින් වන පරිද්දෙන් වසර දෙකක් සඳහා නිවසක් ප‍්‍රදානය කර ඇත. ” ඕස්ටේ‍්‍රලියාවේ චාල්ස් බ්ලැක් ඕල් ජනමාධ්‍ය අරමුදලෙන්” ඔහුට මෙම පරිත්‍යාගය කරන ලද අතර මෙය විදේශිකයකු ලද පළමු අවස්ථාවද වන්නේය. ඕස්ටේ‍්‍රලියා ජනමාධ්‍ය සංගමයේ හා මාධ්‍ය සංවිධානයේ සාමාජිකයකු වන අශෝක පීරිස් දැනට වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍ය පිලිබඳව අධ්‍යාපනය ලබයි. එම විශ්ව විද්‍යාලයේ බාහිර ක‍්‍රීඩා සමාජයේ, ජපානයේ ලෝක සොරින්ජී කෙම්පෝ ආත්මාර්ක්‍ෂක සටන්ක‍්‍රම ක‍්‍රීඩාව පිළිබඳව සහයක උපදේශකවරයකුද වන ඔහු ලංකාදීප.lk වෙබ් අඩවියේ ඕස්ටේ‍්‍රලියා වාර්තාකරුය. ශ්‍රී ලංකාවේ සිංහල හා ඉංග‍්‍රීසි ප‍්‍රධාන පුවත්පත් කීපයකම මාධ්‍යවේදියකු වූ ඔහු 2002 වසරේ ශ්‍රී ලංකා පුවත් පත් කර්තෘවරුන්ගේ සංසදය මගින් පැවති පුවත්පත් කලා සුවිශිෂ්ට ප‍්‍රවෘත්තී ඡායාරූප ශිල්පී සම්මානයද හිමිකර ගත්තේය. මොහුගේ පළමු ඡායාරූප ගුරුවරයා නැසීගිය රත්නපාල වන්නිආරච්චි මහතාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්!
අප්පා....ඕක ඕස්ට්‍රේලියාවට සුළු මුදලක්
සුභ පැතුම්..ඔය කීර්ති නාමය ඉදිරියටත් රැක ගන්න උත්සාහ කරන්න..
"ආ" මුදල නොවේ වටින්නේ ,
ඩොලර් දෙදාහකට මසකට ගන්න දැන් ගෙවල් නැ. අපිත් ගෙවනවා දැන් ඔය වගේ ඩබල්.
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....ඔබට සුභ පැතුම්..
ආශ්චර්‍යයි...
සුළුවෙන් හරි දෙයක් ලැබුණනම් අගය කරන එක තමයි හොඳ....
ඉදිරියටත් හොඳින් වැඩ කටයුතු කරගෙන යන්න.ඔබට ජය.!!!!
මගේ සුභ පැතුම් අසෝක..
මේකේ වැදගත් අර්ථවත් කමෙන්ට්ස් ලියන පාඨකයින් වෙනුවෙන් මාස්පතා තෑගි දීමේ ක්‍රමයක් හැදුවනම් මොන තරම් ෂෝක්ද අනේ
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....
ඔබ හෙලයෙක් වීම අපට ආඩම්බරයක්....ඔබට සුභ පැතුම්..
මෙහෙ ඉදල වාර්තාකරැවෙක් ඇත්ත ලියුවොත් ඉතිං හොයාගන්නත් නැතිවෙනවා..!! හොද වෙලාවට ඕස්ට්‍රේලියාවෙ උනේ..