IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අපේ කෙල්ලන්ගේ වැඩ බලන්න විසිදහසක් දඹුල්ලට

(කාංචන කුමාර අරියදාස)

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් අවසන් තරගය නැරඹීම සඳහා විසිදහසකට ආසන්න‍ ප්‍රේක්ෂක ජනතාව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත අද පස්වරුව වනවිට ළඟාවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා පැවසීය.

කාන්තා ක්‍රිකට් තරගාවලියක් නැරඹීම සඳහා මෙතරම් විශාල ජනතාවක් පැමිණි පළමු අවස්ථාව මෙය බවත් චමරි අතපත් ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්ව එක දිගට දැක්වූ දක්ෂතාවයන් නිසා මෙතරම් ජනතාවක් පැමිණෙන්නට ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

ඇතැම් විට ලෝකයේ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹූ වැඩිම ප්‍රේක්ෂක ජනතාව මෙදින දඹුල්ලෙන් වාර්තා වන්නට ඇති බව ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් සිදුකළ යුතු යැයි සුජීවගොඩ ලියද්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට පෙර තරග සියල්ල අපරාජිතව පවත්වාගෙන යෑම මෙම තරග නැරඹීම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම රට මැද ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටා තිබීමේ නිසා මේ හා විශාල ජනතාවක් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන්නට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

 

 



අදහස් (6)

අපේ කෙල්ලන්ගේ වැඩ බලන්න විසිදහසක් දඹුල්ලට

Lalla Sunday, 28 July 2024 09:11 PM

සටන්කාමී විශිෂ්ඨයන්ට ඒ අයුරින් සලකන්න ජාතිය දන්නව. ඒ වගේම නිවටයන් නිග්‍රහයට පාත්‍ර කරන්නත් අමතක කරන්නේ නෑ....

:       1       68

රංබොඩ Sunday, 28 July 2024 11:47 PM

නිකම් නෙවෙයි සල්ලි අරන් පෙන්නුවත් ජනතාව අඩු වෙන්නෙ නෑ.ක්‍රිකට් අප්පිරියා කෙරුවා දැන් ඉන්න සකලබුජං කොල්ලො ටික. කෙල්ලන්ට පිං සිද්ධ වෙන්න අද ජාතිය ම අභිමානයකට පත් වුණා.

:       1       3

de silva Monday, 29 July 2024 07:28 AM

මහන්සිවෙලා පුහුණුවෙලා නිහතමානීව , අවංකව කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ , නායිකාව චමරි ජනතාවට ආයාචනය කලා , අපි ක්‍රීඩා කරන තරග බලන්න එන්න ඇවිත් සහයෝගය දෙන්න කියලා , 22000 ආවා , කොළඹ තිබුණ නම් 35000 පනිනවා අනිවාර්යයෙන් , කණ්ඩායම දක්ෂ ලෙස ක්‍රීඩාකර වාර්තාගත ජයක් ලැබුවා , ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව , ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමට සාධාරණයක් ඉටුකළා , ජය පරාජය කුමක් වුණත් අවංකව , හදවතෙන්ම , ක්‍රීඩා කරන ඔබලා බලන්න ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම හැමදාම එනවා එනවා . ස්තුති අපට මෙවැනි ජයග්‍රහණයක් ගෙන දුන්නාට

:       0       15

randil dunuwille Monday, 29 July 2024 08:26 AM

ක්‍රිකට් ඉතිහාසය 1996 ටීම් එක 2024 රන් අකුරින් ලිව්වා...

:       0       16

fairoos Monday, 29 July 2024 11:15 AM

ඉතාම සතුටුයි ... චමරි වගේම අනිත් අයත් හොඳට ක්‍රීඩා කළා...

:       0       3

Sirinanda Monday, 29 July 2024 11:45 AM

අප රට සිටියත් පුල පුලා බලා සිටියෙ මේ කප් එක අපේ වෙනකම්. හරිම සතුටුයි. ඛුදුසරනයි ටීම් එකේ සියලු දෙනාටම. ස්තුතියි

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3742 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2741 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3532 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3246 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36119 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site