ලබන අටවැනිදා පැවැත්වෙන රැස්වීම ජනතාවගේ පොදු වේදිකාවක් වන බවත් තමා අලුත් පක්ෂයක් පිහිටවන්නේ නැතත් ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(25) යටිනුවරදී පැවසීය.
දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ තිස්තුන්වන ගුණ සැමරුමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ අතර රජයට රටේ පවතින තත්වය කියන්නට යෑම බිහිරි අලින්ට වීණා වැයිමක් වැනියයිද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට අවශ්‍ය නම් පක්ෂ හැදුවම මොකක්ද වැරැද්ද? (ම)
හොරුන් සහිත පක්ෂයක් ජනතාවට අවශ්‍ය නැත (නි)
සිසිර, ඔය පක්ෂ වළපල්ලට ගියත්, ගොඩ ආවත් ඔබටයි මටයි වුණ සෙත මොකක්ද? දැන් ඔය පක්ෂ දෙකෙන් මේ රටට කරපු දෙයක් කියන්න බලන්න. දැන් ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිතද මේ පක්ෂ දෙක යටතේ? අලුත් පක්ෂ ආවත් පාලනය කරන්නේ එකම කට්ටියක්. ඇත්තටම මට හරිම පුදුමයි මේ ලංකාවේ මිනිස්සු ගැන (නි)
හොරු එකතුවක් අපිට අවශ්‍ය නැහැ (නි)
මොවුන්ට අවශ්‍යව ඇත්තේ එ.ජා.ප. ය බලයේ තබා තමන්ගේ වංචාවන් ගැන පරීක්ෂන ප්‍රමාද කරගන්නයි. ශ්‍රි.ල.නි. ප.ය තුළ බෙදීම් ඇතිවූ 1977 සිට 1994 දක්වා පක්ෂයට සිදුවූ දෙය හොඳින් දන්නා මොවුන් මේ කරන්නේ පක්ෂය බෙදා සතුටුවීමයි. (නි)
මහින්ද මහතා මොනවද මේ දොඩවන්නේ (නි)
එදා 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව පරද්දන්න වැඩ කළේ කවුද කියලත් අපි දන්නවා (නි)
රට ගැන හිතන නව පක්ෂයක් අවශ්‍යයි (නි)
කොබ්බැකඩුව ,මහතාගේ දේහය ගෙනියන්න නොදුන් අය එතුමාගේ ගුණ ගයනවා, පුදුම වෙනසක් , කන්ද උඩරට ,ජනතාව දන්නවා එතුමා කළ සේවය (ම)
හොරු අල්ලන්නේ නැත්නම් අලුත් පක්ෂයක් අවශ්‍ය නැහැ. (නි)
රජෙක් වගේ හිටපු මෙතුමා ජනපති කමත් නැති කරගත්තා , විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා හිටියනම් අදටත් රජෙක් වගේ ඉන්න තිබුනා , (හේ)
බලමුකෝ.(හේ)
මහින්ද හිටියේ නැතිනම් ,මෙතන අදහස දමන මහින්ද විරෝධීන් කීදෙනෙක් කොටි බෝම්බ වලට ගොදුරුවෙන්න තිබුනද .මේ වගේ කළගුණ නොදන්නා සිංහලයින්ට දෙවියන්ගේ දේව ආරක්ෂාව වැඩිපුර ලැබේවා. (බ)
ඔබට ජය හා සතුට .....(හේ)
ඔය පක්ෂය දැන් ඉන්න තත්වෙට පත්කළේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.(හේ)
මේ වගේ කළගුණ නොදන්න මිනිස්සු ඉන්න රටක නම් නැවත ඉපදෙන්න එපා
හදන්න , හදන්න , යු එන් පි එකට තව කාලයක් ආණ්ඩුව කරගෙන යන්න පුළුවන් ...(ම)
කෙහෙළිය නිදහස් පක්ෂයේද ? (බ)
ගරා වැටෙමින් අවසානය කරා පියනඟමින් සිටි එජාපය නැවත නැඟීසිටීමට වගකිවයුත්තේ කවුදැයි අපි දනිමු (නි)
පිහිටෙව්වොත්, ඊළඟ මැතිවරණයේදී ඇපත් නැතුව ගෙදර යන්න පුළුවන්. ඔබතුමා පහත සඳහන් පාඨය සිතේ තබාගත්තොත් හොඳයි. "මට මගේ සතුරන්ගෙන් ප්‍රවේශම් වියහැක. එහෙත් දෙවියනි, මාව මගේ මිතුරන්ගෙන් ආරක්ෂා කර ගනු මැනව!" (නි)
මොහුගේ බලලෝභීකම මහමෙරටත් වඩා උසයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ඔබ යන්නේ බලලෝභයේ හා උඩඟුකමේ මාවතෙහිය (නි)
ජනතාවට හොරුද අවශ්‍ය නැත (නි)
දැන්නම් මළගිය රණවිරුවන් හොය හොයා යන්නේ කතා ගොතන්න. ජනතාවට කිසිම අමාරුවක් නැහැ අලුත් පක්ෂ පිහිටවන්න. පවුලේ කට්ටියටයි, හොරු ටිකටයි මේ දේ කරන්න ඕනෑ. ජනතාව අලුත් පක්ෂයට පිළිතුරු දී හමාරයි. ජනතාව තෝරාගත් පක්ෂය තමයි දැන් තියෙන්නේ. (නි)
නව පක්ෂයක් අවොත් එජාපෙ උඩින්ම දිනාවි. ශ්‍රී ල නි පෙ තවදුරටත් දුර්වල වේවි , මේ ම තත්වයට හේතුව මෛත්‍රී මහතා කලට වෙලාවට කෙලින් තීරණ ගැනීමට පසුබට වීමය (රේ)
මෙතුමලාත් ඉතින් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා අය හැටියට මහජනතාව දන්නා නිසා මේ කතාවේ කිසිම හරයක් නැහැ, අගක් මුලක් නැහැ. රජය දුර්වල වග දන්නා මොවුන් එහෙන් මෙහෙන් කෙනෙහිලිකම් කරමින්, කාලය එනතුරු බලා ඉන්නවා. මෙයා රජයට කියන්න ඕනෑද රටේ පවතින තත්වය ගැන? (නි)
ඔවු ඔවු, ජනතාවට වෙන වැඩ නැහැනේ කරන්න (නි)
නව පක්ෂයක් අත්‍යාවශ්‍යයි. ශ්‍රීලනිපය දියාරු කරන, අලියාගේ පිට අතගාන පක්ෂයකින් අපිට වැඩක් නැහැ. (නි)
අද බීරි අලි පාඩුවේ යනවා, මොකද කන් ඇහෙන්නෙ නැති නිසා. (නි)
එකිනෙකාකේ පිටවල් කසාගැනීමේ ප්‍රතිපත්තිය නිසා අවසානයේ වළපල්ලට යන්නේ ශ්‍රීලනිපයමයි. (නි)
මේ පක්ෂය හදන්න බලපෑම් කරන්නේ කවුද කියලා කියන්න ඕනෑ නැහැනේ. හොඳම දේ ආරවුල් වලට මඟපාදන්නේ නැතුව පසුගිය දේවල් අමතක කරලා එකතු වුණොත් "අපට පුතේ මඟක් ඇතේ" කියලා ගම්බද ජනතාව ජයඝෝෂා කරාවි. තාමත් ප්‍රමාද නැහැ. අවශ්‍ය වෙන්නේ සිනාවෙලා අත් අල්ලාගෙන "අත" රැකගැනීමයි. (නි)
මෛත්‍රී මහතා නියම වෙලාවට හරි තීරණ අරන් තියෙන්නේ. එතුමා කවදාවත් මහින්දට අවශ්‍ය තීරණ ගන්නේ නැහැ. පක්ෂ ගැන හිතලා තමයි තීරණ ගන්නේ. මහින්ද කියන විදිහට ජනතාව වන අපිට වෙන වැඩ නැහැනේ අලුත් පක්ෂ හද හදා ඉන්න. (නි)
අලුත් පක්ෂයක් පිහිටවන්නේ නැතත් ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවනු ඇති බවක් කියන්නේ මෙතුමා එම පක්ෂයට සම්බන්ධ වෙන්නේ නැති බවද? (නි)
ඔබ රට පාලනය කරන කාලේ එය කළේ, බිහිරි අලින්ට වීණා වාදනය කරනවා වගේ නොවෙයිද? (නි)
ද සිල්වා, ඔබ හරි. නිසි කලට හිටපු හොරු ටික කූඩුවට දැම්මා නම් ඔය මොන පක්ෂයක්වත් නැහැ. තවමත් පරක්කු නැහැ. ඔය අලුත් පක්ෂයේ ඉන්නේ ඔක්කොම හිටපු හොරු ටිකනේ. (නි)
දැන් කලිනුත් යූඑන්පී එක දිනුවේ නව පක්ෂයක් තිබුනු නිසා වෙන්න ඇති නේද? (නි)
මෙතුමා මොනවා කියවනවද මන්දා (නි)