IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


අ‘පුර තව හයක් සැකපිට

අනුරාධපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් හය දෙනකු අද (27) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද සවස වන විට දස දෙනකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්න කර ඇතැයි පොලිස් ආරංචි කියයි. සොයිසා කපා කොටා මැරූ බව කියන පුද්ගලයා අද උදේ අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවත් ඝාතනය සැලසුම් කළ බව කියන සෙබළා සොයන බවත් එම ආරංචි සඳහන් කරයි. ඝාතනයට සම්බන්ධ බව කියන මෝටර් රථයක් සොයා පොලිස් කණ්ඩායමක් අද සවස තලාවට ගියේය.

සැකකරුවන් අතර නාවික හමුදාවෙන් පැන ගිය දෙදෙනකුද සිටින බවත් හමුදාවෙන් පැන ආ අනෙක් සැකකරු සොයන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.



අදහස් (0)

අ‘පුර තව හයක් සැකපිට

චන්දන Wednesday, 28 October 2015 04:06 AM

අනුරපුරේ පැත්තේ අය කියපු විදිහට නම් මේක සමාජ සත්කාරයක්. (ම)

:       0       0

සම්පත් Wednesday, 28 October 2015 04:12 AM

දරාගන්න බැරි ජීවන බර නිසා බහුතරයක් ඉන්නේ අසහනයෙන්. තමුන් හිතන පතන මුලික අවශ්‍යතා ඉටුකරගන්න දැඩි සටනක් දෙන්න වෙන විට ,කෑම වෙලා ගන්න, බත් පතට ලොකු සටනක් දෙන්න වෙනකොට දැඩි අසහනයකට පත් වෙනවා. මේ අසහනය බීමත්කමින් , රණ්ඩු කිරීමෙන් , පහර දීමෙන් පිට කර ගැනීමට උත්සහ කරනවා. ගරු ජනපතිතිමනි ඔබත් අප වගේ දුප්පත් ජනතාව අතරින් බිහි වුණු කෙනෙක්. ජීවන වියදම අඩු කිරීමට , බඩු මිල ඉක්මණින් අඩු කිරීමට ඔබට ශක්තිය දහිරිය තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!(ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 28 October 2015 04:18 AM

මෙවන් අපරාද රටට දායාද කළේ දේශපාලඥනයන් ...කරුණාකර බලන්න රටේ සිදුවෙන විෂමාචාර වලට සියයට අනුනවයක්ම සම්බන්ධ වෙලා ඉන්නේ ඔවුන් නොවේද කියල? (ම)

:       0       0

උපාලි Tuesday, 27 October 2015 12:57 PM

අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 27 October 2015 04:44 PM

කොපමණ කරාටේ දැන සිටියත් හුරු පුරුදු උනත් , පිහියට මන්නේට පොරෝවට පිස්තෝල වැනි ආයුධ සමග සටන් කරන්න බැහැ , අවි ගත්තෝ අවියෙන් නසී. අනුරපුර ශුද්ධ බුමියක මෙහෙම දෙයක් වීම කණගාටුවක් ,.....(රේ)

:       0       0

විජිත් Tuesday, 27 October 2015 05:22 PM

..මම මෙයා ගැන අහලා තියෙනවා..අතිදක්ෂ කරාටේ ශුරයෙක්.තනි තනිව හෝ දෙදෙනෙක් සමග මොහුට සටනක් ඇත්තටම නැහැ.මොහොතකින් දෙදෙනෙක්ව අඩපන කරාවි.නමුත් මේ නිවට රැලක් කඩු පොලු අරන් ඇවිත් මොහුව නිවට විධිහට ඝාතනය කරලා තියෙනවා.....(රේ)

:       0       0

කවින්ද Tuesday, 27 October 2015 07:06 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කාලය පැමිණ ඇතැයි සිතේ (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 27 October 2015 07:04 PM

වසන්ත මගේ හිතවතෙක්. විජිත් කියනවා වගේ හරිම දක්ෂයෙක්. මෙවැනි මනුස්ස ඝාතන තරයේ හෙළාදකිනවා. අනුරාධපුර පොලිසියට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුභාෂිණී Tuesday, 27 October 2015 08:38 PM

මොහුගේ දක්ෂතා වගේම එයාගේ තානායම පවත්වාගෙන ගියේ දේශපාලන බලය උපරිම ලෙස යොදා බවයි දැනගන්නට තිබෙන්නේ.එහෙත් මෙවැනි ඝාතන තවදුරටත් අසන්නට නොලැබේවා! (නි)

:       0       0

ලලීන් Tuesday, 27 October 2015 10:19 PM

නෙළන්නේ තමන් වැපිරූ දෙයයි. (නි)

:       0       0

යහම්පත් Wednesday, 28 October 2015 08:10 AM

දැනගැනීමට ලැබුණු තොරතුරු වලට අනුව මෙම කරාටේ ශූරයාගේ සමාජ ශාලාවේ මීටපෙර නිතර කලබල ඇතිවී ඇති අතර එමනිසාම බොහෝ දෙනෙක් සතුරු කරගත් බව පැවසෙනවා. කරාටේ ශූරයෙක් වුණාම එය ආත්මාරක්ෂාවට යොදාගත යුතු අතර එසේම ඔහු නිහතමානීව සිටිය යුතු කෙනෙක්. (නි)

:       0       0

අබය Tuesday, 27 October 2015 11:18 PM

කොච්චර වැඩකාරයෙක් වුණත් දෙදෙනෙකුට විතරයි ගහන්න පුළුවන්. සැබෑ ජීවිතයේ චිත්‍රපටි වලදී වාගේ නෙමෙයි. අනෙක් අයට චණ්ඩිකම් පෙන්නුවාම උරුමය ඕක තමයි. කොහොම වුණත් කණගාටුයි. (නි)

:       0       0

නාමල් Wednesday, 28 October 2015 03:03 AM

අබය මෙයා අනෙක් අයට චණ්ඩිකම් පෙන්වනවා දැක තිබෙනවාද? සමාජ ශාලාවක් නීත්‍යානුකූලව කරගෙන යාම වරදක් නෙමෙයි (නි)

:       0       0

යසාන් Wednesday, 28 October 2015 03:26 AM

සිද්ධියට හේතුව කුමක් වුවත් මෙලෙස අමානුෂික අන්දමින් මිනිසුන් ඝාතනය කිරීම අනුමත කළ නොහැකියි (නි)

:       0       0

රමිත Wednesday, 28 October 2015 10:12 AM

මම නං දන්නා තරමින් මේ සමාජ ශාලාවේ නිතර කලබල වලට හේතුව තමයි කාටවත් මෙතන දඟලන්න නොදී ලොකු විනයක් පවත්වා ගෙන යාම. සමාජ ශාලාවේ සිද්ධි කෙසේ වෙතත් ඒ සිද්ධි වලට සාපේක්ෂව මේ මිනී මැරුම සහ එකට සම්බන්ධ අය ලොකු පිළිලයක් වෙනවා අනුරාධපුර නගරයට. ඒ පිටි පස්සෙන් ලොකු ඛේදවාචකයක් ළඟ ළගම එනවා. එක නිසා ඒ ගැන සොයා බැලුවොත් හොඳයි ඔක්කොටම කලින්. මේ සිද්ධිය සමාජ සත්කාරයක් කියල කියන්නේ වෙන්නේ මොකක්ද කියල දන්නේ නැති කට්ටිය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 493 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 550 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1150 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2369 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1854 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 276 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site